༺21༻

93 26 8
                                    

මැට් එක්ක දවසම කතා කර කර හිටියා...එයාව අරන් ගිහින් තියෙන්නෙ සාකාන්...

🖤 දෙන්නා බර කතාවක් වගේ..

♠ ආ...ශීරෝ...

🖤 සතුටුයි ඔයා හොදින්න ඉන්න එකට...













අපි ආය එක ටීම් එකක් උනේ අරෝරාගේ තාත්තා ඩ්‍රෙසන් (එයාගෙ නම මතක නෑ අෆ්ෆා ඒ නිසා ඩ්‍රෙසන් කියන්නම්) ගෙනාපු තොරතුරක් නිසා...එයා කිව්වා මායාකාරයන්ගෙ අත ඇරලා දාපු නිම්නේ තියන දිය ඇල්ල ගාවට ගියොත් ඕන දෙයක් හොයා ගන්න පුලුවන්ලු....ඉතින් අපි එතෙන්ට යන්න පිටත් උනා...




Keith pov........❤️

මේ ටිකේම මට පීච් එක්ක කතා කරන්න ලැබුනේ නෑ...එයාගේ අයියා නිකම් එයාගේ හෙවනැල්ල වගේ පස්සෙන් හිටියා...අනික එයා දැන් කෙල්ලෙක් කියලා හැමෝම දන්න නිසා මට එයා ලගට යන එක තවත් අමාරු උනා...
මායා දිය ඇල්ලට යන්න කලින් පීච්ව හම්බෙන්න මට ඕන උනා....ඒ නිසා හැමෝම නිදියනකල් ඉදලා මම හිමීට එයාගේ කාමරේ පැත්තට ගියා....

කාමරේ දොර අඩවල් කරලා තිබ්බ නිසා මම තට්ටු නොකර දොර ඇරියා...

හුටා..🙈🙉🙊

එයා හිටියෙ පිටිපස්ස හැරිලා...ස්කිනිය පිටින්...ඒත් මගේ අවදානේ ගත්තේ ඒක නෙමේ...වෙන දෙයක්..




(ගෙස් කරම්න ශුඩූලා....😌)






Pidge pov.....💚

යානයේ හැමෝම නිදා ගත්තට පස්සෙ මම නාගෙන ඇදුම් මාරු කරගන්න ගත්තා....අඩවල් කරපු දොරෙන් සද්දයක් ආවත් මම ගනන් ගත්තේ නෑ...

ශර්ට් එක ගන්න පිටිපස්ස හැරෙද්දි මම දැක්කේ දොරත් අල්ලන් මා දිහා කන්න වගේ බලන් ඉන්න කීත්ව...මේ යකා මොනාද මෙතන කරන්නේ...

💚 කි....කීත්...

කීත් මුකුත් නොකියා මා ගාවට ආවා..මට ලොකු අපහසුවක් දැනුනෙ මම ඉන්න විදිහ එක්ක...අනික එයාගේ උස...මම එයාගේ උරහිස තරම් වත් උස නෑ..

💚 මෙ...මේ මොකද...අයින් වෙන්න...

මම එයාගේ පපුවෙන් අත් දෙක තියලා එයකා එයාව ඈත් කරන්න ගියත් ඒ යකඩ යකාව තල්ලු කරන්න මට බැරි උනා....එක පාරම කීත්ගේ අත මගේ බෙල්ල වගේ ගිහින් පිටට ලගට ගියා..

Galaxy Love✔️✔️Where stories live. Discover now