ගබඩාවේ තිබ්බ කෑම පිගානක් පුරෝලා අරන් මම කාමරෙ ඇද උඩින් ඉදගත්තේ කීත් ගැන හිත හිත....ඒ ඇස්...ඒ කියන්නෙ එයාද අර කොල්ලා..ඒත් එයා මොකද මාව තුවාල කලේ....
කාලෙකින් ඒ කැලල දැක්කෙ නැති නිසා මම ශර්ට් එක උස්සල එතන බැලුවා..
ඇහ්...එතන තිබ්බේ හාට් එකක සලකුනක් ♡...මම මායාකාරයෝ ගැන හැමදේම දන්නවා...ඒත් මෙහෙම මාක් කිරිල්ලක්....
පිස්සු විකාර...කාපු බාජනේ කුස්සියෙන් තියලා පෙරෙතයා පොලේ ගැහුවා වගේ මම ඇදේ දිගා උනේ මගේ මාලෙ පෙන්ඩන්ට් එක ගැන හිත හිත.⃛⃛⃛⃛⃛
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මාව ගැස්සිලා ඇහැරුනේ ලිෆ්ට් එකේ සද්දෙට....වටේම කලුවර වෙලා...යකෝව්...මම මාර කෙල්ලෙක්නේ...වේල් දෙකක් නොකා ඉදලා...😂අරූ මට බර මදි කිව්ව එක මට මාර ප්‍රස්නයක් අෆ්ෆා...මොකාද මොනාද ගිලිනවා වගේ කන මම බර නෑලු....
මනෝලෝකෙන් මන් එලියට ආවේ අඩි සද්දෙකින්...හරිම අසහනයෙන්...තරහෙන් අඩි පොලවෙ හප්පන සද්දයක්...ඒ කීත්ගේ කියලා අදුන ගන්න මට ලොකු වෙලාවක් ගියේ නෑ...මම කාමරෙන් එලියට ගිහින් එයා එක්ක කතා කරන්න යද්දිම එයා කලේ දොර ගැලවෙන්න තරම් තදින් වහපු එක...කැලෑ කෙල්ලගෙන් බූටක් කාලා වගේ...මොනා උනත් මගෙ මෙහෙයුම් සහකයානේ...ඒ ගැන හිතලා මම දොරට තට්ටු කරා..
💚 කීත්....ඕයි ගොං වස්සා...දොර අරිනවා...ඕයි...කන් ඇහෙන්නෙ නැද්ද...කැලේ ඉන්න උරුලෑවියෙක්වත් බූටක් තිබ්බද...
දොරට හේත්තු වෙලා තාලෙට දොරට ගගහා මම ඇහුවත් ප්‍රතිචාරයක් නෑ...ප්‍රේමගේ සංවේගය දරාගන්න බැරුව මූ බෙල්ල වැල දාගෙනද..සැක්...ඒ ක්‍රම ඉතින් මුන් දන්නෙ නෑනේ..
💚 කීත්...දොර අරිනවා...මොකක්ද ඕයි උනේ...
මිනිසුන්ගෙ හිත් හැදෙන සුලු මගේ බාශාවෙන් මම කීත්ගේ හිත හදන්න හැදුවා...
❤️ පීච්...යමං මෙතනින්...ආහ්...මට ...මට ආය කියන්න තියන්න එපා...යමං....මෙතනින්...
එයාගේ වියරු කටහඩ එක්ක ඇහුනේ කාමරේ බඩු පෙරලෙන සද්දයක්...උදේ එයා කතා කරපු සන්සුන් කටහඩ වෙනුවට දැන් තියෙන්නෙ මහ ගොරෝසු මරුමුස් වොයිස් එකක්...පෘතුවියෙ හිටියා නම් අරක්කු ටිකක් බීලා කිව්වැකි...මේ මහ කැලේ මොන අරක්කුද...රා ටිකක්වත් නෑ... 🙈🙊🙉 අරක්කු නෙමේ...පොශ් පීපල් කියන්නෙ මත් වතුර කියලා...
YOU ARE READING
Galaxy Love✔️✔️
Fantasyමිනිස්සු අපි ගැන දන්නේ නෑ.... ඒත් අපි ගොඩක් දේවල් කරන්නේ මිනිස්සු වෙනුවෙන්... Voltron.....ගොඩක් ලස්සන කතාවක්...ඒකේ චරිත මුල් කරන් තමා මම මේක ලියන්නේ...😊❤️