හේරු තමාගේම සිත සමඟ ගැටුමකය.එමනිසා ඔහුට රැම්සිස් පැවසූ දෙය වටහාගැනීමට මොහොතක් ගතවිය.නිසැකවම තමා අතින් වරදක් සිදුවිය.එයට තමා දඩුවම් විදීමටද සූදානම් බව ඔහු පාරාවෝහට පැවසීමට සූදානම්..
"හේරු ..ඔබේ අවධානය මා වෙතද පවතින්නේ..නැතිනම් ඔබ නිදාවෙහිද සිටින්නේ.."පාරාවෝගේ හඬ හේරු තමන්ගේ පියවි සිහියට ගෙන ඒමට සමත්වූ අතර මෙතරම් වේලා තමන් පාරාවෝගේ කතාවට කිසිදු අවධානයක් යොමු නොකර ඇතිබව ඔහු එයින් වටහාගත්තේය.
" උතුමාණනි, මා දන්නවා මා සිදුකල දෙය වරදක් බව..මා සූදානම්.."
" ඔබට දඬුවම් අවශ්‍ය නම් එය මොහොතකට අමතක කරන්න..ඔබ මෙහි පැමිණි කාර්යය පමණක් සිහියේ තබාගන්න..දැන් ඔබ පැවසූ ආකාරයට කවුරුන් හෝ මෙහි පැමිණ තිබෙනවා..ඔවුන් උත්සව සමයේ පැමිනෙන්නට ඇත්තේ නිසැකවම ඔවුන් දන්නා නිසා එය තමයි ඔවුන්ගේ කාර්යයට වඩාත්ම සුදුසු මොහොත බව..අපට පමා වීමට කාලයක් නැහැ..අප ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි ...පී- රැම්සිස් හි ආමන් දෙවොලේ වාර්ශික පූජාව තව දෙදිනකින් ආරම්භ වනවා..මා එහිදී රන් පලදනාව පූජා කලයුතුයි ආමන් පියාණන් හට..එසේ නොමැතිවුවහොත් මා රාජ්‍යත්වය අත් හැරිය යුතු වනවා.."
" ඔහ්.." පාරාවෝ පැවසූ දෙයට පිලිතුරු ලෙස හේරු පැවසූයේ එපමනක් වුවද ඔහුගේ හිසෙහි කරුණු ගණනාවක් එකිනෙක සමඟ ගැටෙමින් පැවතුනි.දැන් කුමක් වුවත් තමා පාරාවෝ තනි නොකොට ඔහුගේ අවසන් හුස්ම දක්වා සටන් වදින බව ඔහු ඉටාගත්තේය.
" අප කිසිවෙකු සමඟ සටන් වදින්නේ නැහැ හේරු ...සන්සුන් වන්න.."
පාරාවෝ තමා දෙස පුදුමයෙන් බලාසිටින ආකාරය දුටු හේරු වටපිට බැලීය.තමන් තම අසිපත තදින් අල්ලාගෙන සිටින ආකාරය දුටු ඔහුට මද සිනහවක් පහල විය.නමුදු එහි පාරාවෝ සිටින බව සිහිවී ඔහුට මද ලැජ්ජාවක්ද ඇතිවිය. මේ අතර පාරාවෝ හේරු දෙස බලාගෙන සිටියේ හේරුගේ මනසෙහි හටගත් සෑම සිතුවිල්ලක්ම ඔහුගේ මුහුණින් හොඳින් දැකියහැකි වූ බැවිනි. මෙවැනි නිර්මල මනසක් සහිත තරුණයන් දුර්ලභ බව රැම්සිස් දැනසිටියේය.එසේම එය හේරුගේ විශේෂත්වය බවද ඔහු වටහාගත්තේය.හේරු මේ ගත කරන මොහොත විනාශ නොකොට ඔහුට එය විදීමට ඉඩදී රැම්සිස් නිහඬ විය.
![](https://img.wattpad.com/cover/287960507-288-k919583.jpg)
YOU ARE READING
-නිසල රැයේ ආලෝකය-
Historical Fictionහේරු...දහහත් හැවිරිදි එඩිතර තරුණයෙක්.. ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්‍රියක්.. අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්.. රාත්‍රිය නිහඩය. නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත. නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්...