~1~

382 37 8
                                    

රාත්‍රිය නිහඩය.
නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත.
නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්මයන් කෙරෙහි අප්‍රමාණ වූ බියකින් පසුවන බැවිනි.
එනමුදු අබුසිම්බල්හි රාත්‍රි මුර සංචාරයේ යෙදෙන ප්‍රධාන ආරක්ෂක  තමන්ගේ පිරිසට අවදාරනය කලේ විමසිලිමත් වීම වඩා වැදගත් බවයි.

"....ටකස්, ටකස් "

ලී සෙරෙප්පු හඩක් ?

මේ මද්‍යම රාත්‍රියේ ...

මුරකරු සිහි එලවාගෙන හඩ එන දෙසට සෙමෙන් ඇවිද ගියේය."කවුරුන්ද සිටින්නේ?
මහා පාරාවෝගේ නාමයෙන් නියෝග කරන්නේ අනන්‍යතාවය හෙලි කරනු..නැත්නම් මරණයට සූදානම් වෙනු.." මුරකරු රලු කටහඩ නිහඩ රැයේ දෝංකාර දෙන්නට විය..

" ඔබේ සූදානම මා මරා දමන්නටද?"

අදුරින් නැගි ගැඹුරු තේජස්වී කටහඩ මුරකරු ඇමතීය...මුරකරුගේ සිරුරේ රෝම කෙලින් වී දහඩියෙන් ඔහු නැහැවී යද්දී ..

"සිතා සිටින්නේ ඔබ කවුරුන් කියාද? අබුසිම්බල්හි ප්‍රධාන ආරක්ෂකයාට ඔය ලෙසින් අමතන්න" ,
" දරුවා, නිහඬ වෙන්න"
ප්‍රධානියා තම දෙවෙනි නිලධාරියා සන්සුන් කිරීමට උත්සාහ දරමින් පැවසීය .

නමුත් තරුණ රුධිරයේ සාහසික බවත්, තම ප්‍රධානියාට සිදුවූ අවමානයත් නිසා දෙවෙනි නිලධාරියා වඩාත් ආක්‍රමණශීලී විය.

-නිසල රැයේ ආලෝකය-Where stories live. Discover now