මහා රැම්සිස් සහ නෙෆටාරි

124 28 24
                                    

කාටහරි ප්‍රශ්නයක් ඇතිවුනොත් කවුද මේ රැම්සිස් , නෙෆටාරි ,ඉසෙට් කියලා..මන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතුවා..

දෙවන රැම්සිස් නැත්නම් රා-බොගොට්-හිම්..කියන්නේ ඊජිප්තු පාරාවෝ රාජවංශයේ දහනවවන රාජ වංශයේ තුන්වන පාරාවෝ...ඒ වගේම ඊජිප්තු ඉතිහාසය සදහන් කරන විදිහට ඔහු තමයි විශිෂ්ඨතම පාරාවෝ පාරාවෝ රාජවංශයේ බිහිවුනු.. පාරාවෝ සේටි සහ මහරැජින තුයා/ටුයා තමයි ඔහුගේ දෙමාපියන්..වසර 67 පුරා ගොඩබිම් දෙකෙහි දේශය නැත්නම් ඊජිප්තු රාජධානියේ පාලකයා වුනේ ඔහු..
නෙෆටාරි කියන්නේ රැම්සිස්ගේ අගරැජිණ...ඊජිප්තු රාජධානියේ මහරැජින...ඉතිහාසය කියන විදිහට ඒකාලේ හිටපු ලස්සනම කාන්තාව තමයි නෙෆටාරි..නෙෆටාරි රජ පවුලකවත් අමාත්‍ය පවුලකවත් කෙනෙක් නෙමෙයි..සාමාන්‍ය පවුලක කෙනෙක්..ඒත් රාජසභාව වගේම සාමාන්‍ය ජනතාවත් නෙෆටාරිට පුදුම විදිහට ආදරය කලා කියලයි කියවෙන්නේ...
රැම්සිස් නෙෆටාරි ආදර කතාව ඊජිප්තු ඉතිහාසය පුරාම වගේම පුරාවිද්‍යාවට ආදරේ කරන හැමෝම වගේ ආදරේ කරන කතාවක්..මුම්ටාස් මහල් දේවිය වෙනුවෙන් සාජහන් අධිරාජ්‍යයා ටජ්මහල ඉදි කරපු කතාව අපි දන්නවනේ..ඒ වගේම තමයි රැම්සිස් නෙෆටාරි වෙනුවෙන් ඉදිකල ද්විත්ව දෙවොල තමයි අබුසිම්බල් කියන්නේ..
අබුසිම්බල් සදාකාලික ආදරයේ බැදීම නිරූපනය කරනවා වගේම රැම්සිස් සිදුකල විශිෂ්ඨතම ඉදිකිරීම් අතරින් එකක් විදිහටත් සැලකෙනවා...

රැම්සිස් ඊජිප්තු රාජධානියේ බලවත්ම පාලකයා වීමට නෙෆටාරි නිසැකවම හේතුවුනු බව තමයි කියවෙන්නේ...ඊජිප්තු මහරැජිනට පුරාණ චාරිත්‍ර මගින් ලැබෙන විශේෂ හැකියාවක් මගින් අනාගතයේ අනතුරක් වෙනවා නම් ඒක දැනෙනවා කියලා තමයි ගල්පුවරු වල ලියවිලා තියෙන්නේ...ඒක කොහොම වුනත් රැම්සිස් පාලනය සාර්ථක වෙන්න නෙෆටාරි සෑහෙන්න කැපකිරීම් කලා කියලයි කියන්නේ...ඒත් නෙෆටාරි රැම්සිස් තමන්ගේ පාලන කාලය සම්පූර්ණ කරන්න ගොඩක් කාලයට කලින් මියයනවා ...කියවෙන විදිහට අධික වෙහෙස නිසා ඇතිවූ රෝගී තත්ත්වයක් නිසයි ඇය මියයන්නේ...
කොහොම වුනත් ඇගේ මරණයට පෙර හිටයිට් රාජ්‍ය සහ ඊජිප්තු රාජධානියේ සමගිය ඇතිකිරීමට ඇය විශාල කාර්‍යබාරක් ඉටු කරලා තියෙනවා..
නෙෆටාරිට නම් ගනනාවක් තිබ්බත් ගොඩක් අය ඒකෙන් වැඩියෙන්ම ආදරේ කරන්නේ.."නෙෆටාරි , හිරු නැගුණේ ඇය වෙනුවෙනි/The one for whom the sun shines'. " කියන එකට..ඒක රැම්සිස් නෙෆටාරිට ලබාදුන් නාමය..

ඒකේ තේරුම් කිහිපයක්ම තියෙනවා
1.මහරැජින උදෑසන පූජාව කරනකොට ඒකට සතුටු වෙලා හිරු නැත්නම් රා දෙවියන් පැමිනෙන බව..
2.රා දෙවියන් නමින් තමයි රැම්සිස් නම් කරලා තියෙන්නේ...ආලෝකයේ පුත්‍රයා
විදිහට ඔහු රජවුනේ/ ඉපදුනේ නෙෆටාරි වෙනුවෙන් කියලා සරලවම කියන්නේ.

ආලෝකයේ පුත්‍රයා විදිහට ඔහු රජවුනේ/ ඉපදුනේ නෙෆටාරි වෙනුවෙන් කියලා සරලවම කියන්නේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මේ නෙෆටාරිගේ සිතුවමක්...ලස්සනයි නේද..❤

එතකොට මේ කොහෙද දන්නවද

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

එතකොට මේ කොහෙද දන්නවද...මේ තමයි අබුසිම්බල්....❤

මේක මම මම ගොඩක්ම ආදරය කරන ආදරකතා අතරින් ඉහලින්ම තියෙනරැම්සිස් නෙෆටාරි  ආදරය වෙනුවෙන් ලියපු පුංචි නිසදැසක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මේක මම මම ගොඩක්ම ආදරය කරන ආදරකතා අතරින් ඉහලින්ම තියෙන
රැම්සිස් නෙෆටාරි  ආදරය වෙනුවෙන් ලියපු පුංචි නිසදැසක්..

**************************-----------------
මේකෙන් කතාවක් ඕනද ?..👀

-නිසල රැයේ ආලෝකය-Donde viven las historias. Descúbrelo ahora