~8~

118 28 10
                                    

" බදුන විවර කරන්න.." පාරාවෝගේ නියෝගයට අවනත වූ හේරු ඒ අනර්ඝ ශෛලමය බදුනෙහි පියන ඉවත් කලේය..එහි ඇතුලත කිසිවක් නොවූ අතර කලක් එතුල කුමක් හෝ තිබීඇති බවට හැඟවෙන සලකුණු එහි විය.

" මෙම බදුනෙහි අයිතිය පවතින්නේ රාජ්‍යත්වය හිමි පාරාවෝහට..එය එලෙසයි රාජවංශ ගනනාවක සිට පැවත ආවේ..එය අවශ්‍යයි පාරාවෝහට ඔහුගේ බලය පවත්වාගෙන යාමට..ඇත්තෙන්ම මේ මොහොතේ එයයි ගැටළුව වී ඇත්තේ..." රැම්සිස් බදුන දෙස බලා ගැඹුරු සුසුමක් හෙලා පවසන විට හේරුට මොහොතකට තමා පාරාවෝහට ලබාදුන් පොරොන්දුවද අමතක විය.

" බදුන මේ හොඳින් පවතින්නේ , එහි කිසිදු ගැටලුවක් නැහැ..කිසිදු පලුදුවීමක් නැහැ..ඉතින් කෙසේද ඔබතුමාට එහි ගැටලුවක් පෙනෙන්නේ..මට නම්...අහ් " හේරු පවසමින් පැවති දෙය නතර කරගත්තේ පාරාවෝගේ දෑස් මගහරිමිනි.

"ඔහ් හේරු ඕනෑවට වඩා උත්සුක වන්නට එපා..කුමක්ද ඔබ දැන් සිදුකලේ..පාරාවෝගේ අණ කඩකලා..විශිෂ්ඨයි.." හේරු සිතින් තමාටම තරවටු කරන්නට විය.

" ඔබ නිවැරදියි..බදුන හොඳින් පවතින බව සැබෑවක් ...මා දන්නවා ඔබ මගේ අණ කඩකලේ සිතාමතා නොවන බව..ඔබ ඔතරම් මට බියවිය යුතු නැහැ..ඔහ්..නෙෆටාරි සිටියානම් පවසාවි රැම්සිස් කුඩා දරුවන් බිය වැද්දීම කෙතරම් අශෝභන ක්‍රියාවක්ද කියා.."

හේරු කිසිවක් නොපවසා නිහඬව රැම්සිස් දෙස බලාසිටියේය. තමන්ගේ මෑණියන් පවසන ආකාරයට නෙෆටාරි අගරැජිණ මිහිමතට පැමිණි දෙවඟනකි..නමුත් දැන්නම් ඔහුට හැඟීගිය ආකාරයට ඇය රැම්සිස්ගේ හදවතෙහි රිද්මයයි.රැම්සිස් ජීවත්කරවන්නේ නෙෆටාරි වෙනුවෙන් ඔහුගේ සිතෙහි පවතින ආදරය බව වටහාගැනීමට හේරු සමත්විය.

උතුමාණනි, මට විශ්වාසයි අගරැජිණ ඔබට දොස් නොකියන බවට..මමයි ඔබේ අණට අකීකරු වූයේ..නමුදු ඇත්තෙන්ම මෙහි කුමක්ද පැවතියේ.." හේරු තම හඬ මදක් අඩුකොට පාරාවෝගෙන් විමසීය.

රැම්සිස් නැවතත් පුදුමයට පත්විය. තමා කෙතරම් නෙෆටාරි නොමැතිව වේදනාවෙන් පසුවුවද ඔහු කිසිදා එය වචනයට හැරවූයේ නැත..නිසැකවම සියල්ලන් එය දැනසිටි බව සැබෑවකි. ඉසෙට්, ඔහුගේ පුත්‍රයන් සහ දියනිය කිසිවෙකුට හෝ ඔහු කිසිදා නෙෆටාරි නොමැතිව දැනෙන හැඟීම පවසා නොමැති අතර එය එක්වරක් හෝ අසන්නට සමත්වූයේ ඔහුගේ මිතුරන් පමණි.නමුත් මෙවර ඔහු ඔහුටත් නොදැනීම එක් දරුවකු ඉදිරිපිට තම සිතිවිලි කියාපෑවේය.නමුදු හේරු තමන්ගේ වයසට නොගැලපෙන ආකාරයෙන් හැඟුම්බර වී ඇතිබව රැම්සිස් වටහාගත්තේය.දහහත් හැවිරිදි තරුණයෙකුට කෙසේද එතරම් අවබෝධයක්...පසුව ඒ ගැන සොයාබැලීමට සිතාගෙන රැම්සිස් හේරුගේ පැනයට පිලිතුරු ලබා දීමට සිතුවේය..

" මෙම බදුනෙහි ඇතුලත්ව තිබුනේ රාජ්‍යත්වයෙහි සලකුණු රැගත් රන් පලදනාව සහ රාජ්‍යත්වය තහවුරු කෙරෙන ගල් පුවරුව..රන් පලදනාව අතුරුදන් බව මා සොයාගත්තේ දිනකිහිපයකට පෙර..ගල් පුවරුව හමුවුණා දෙවොලෙන් පිටවන රහසිගත උමං මාර්ගයක් අවසානයේ පැවති දිය අඟලක තිබී..රන් පලදනාව අතුරුදන්...මට මෙය රාජ සභාවෙහි පැවසිය නොහැකියි..ඔවුන් මෙවැන්නක් බලාපොරොත්තු නොවන නිසා එමෙන්ම ඔවුන් එය රාජ්‍යයට විරුද්ධව භාවිතා කලහැකියි..එය ලබාගත් කෙනා කවුරුන්ද යන්න මා දන්නේ නැහැ..නමුත් ඔවුනට අවශ්‍ය රාජ්‍යත්වය නම් මා සූදානම් එයට..නමුත් මා බලයේ සිටින පාරාවෝ බැවින් මෙම රන්පලදනාව සොයාගතයුතුයි..මා ඒ සදහා සහයට ඔබව කැදවා ගත්තේ.." රැම්සිස් හේරු දෙස බැලීය.තරුණයා කෝපයෙනි..හේතුව?

" කිසිවකු කෙසේද මෙතරම් පහත් ක්‍රියාවක් සිදු කරන්නේ..උතුමාණන්ගේ රාජ්‍යත්වය ලබාගැනීමට..මා ඉඩ දෙන්නේ නැහැ එයට..මා කෙසේ හෝ එය සොයාගන්නවාමයි උතුමාණනි"

" කෝපයෙන් ගන්නා සෑම තීරණයක්ම නිවැරැදි නොවෙයි දරුවා.."
රැම්සිස් කෝපයෙන් පසුවන හේරු සන්සුන් කරමින් පැවසීය.

"පලමුව අප සොයාගත යුතුයි කවුරුන්ටද අවශ්‍ය කියා රාජ්‍යත්වය ලබාගැනීමට..එසේ නොමැතිනම් කුමක්ද කාරණය රන් පලදනාව සහ ගල් පුවරුව සොරාගැනීමට කියා.."
රැම්සිස්ගේ දෑසෙහි පැවති අධිෂ්ඨානශීලීබව හේරුගේ සිත පතුලෙහි පාරාවෝ කෙරෙහි පැවති ගෞරවය තවත් වර්ධනය කිරීමට සමත්විය.

" අප එය සොයාගනිමු උතුමාණනි, අපට එය කලහැකිවේවි..ඔබතුමාට කවුරුන්හෝ පිලිබදව සැකයක් තිබේද?"..

***********************************

හේරු ආපහු ආවා...අද තව කොටසක් දෙන්න බලාපොරොත්තු වෙනවා..

ඔයාලට දීපවාලි වලට කෙටි කතාවක් ඕනෙද..

හේරු කියවන හැමෝටම ගොඩක් ආදරෙයි..දෛවය අරන් ආවට හේරු අරන් එන්න බැරිවුණා ..කමක් නැහැ ඔන්න දැන් ආවනේ....

ආදරෙයි හැමෝටම ❤

-නිසල රැයේ ආලෝකය-حيث تعيش القصص. اكتشف الآن