~9~

90 21 13
                                    

"සැකයක්, සැකකිරීමට කවුරුන්ද මට සතුරන් සිටින්නේ..හිටයිට්‍ රාජ්‍යය සිටින්නේ අපත් සමඟ සාමයෙන්..ඔවුන් හැර වෙනත් කිසිදු රාජධානියකට අවශ්‍ය නැහැ ගොඩබිම් දෙකෙහි රාජ්‍යයෙහි ආධිපත්‍යය පැතිරවීමට...."

" නමුත් රාජ්‍යය තුළම සිටිය හැකියි නොපෙනෙන සතුරන්..කවුරුන්හෝ අපගේ සශ්‍රීකත්වය විනාශ කිරීමට අවශ්‍ය අයෙක්..ඔබේ කීර්තිය ඔබට අහිමිව ඔබ අසරණ වනවා දැකීමට අවශ්‍ය අයෙක්....උතුමාණනි එවැනි කවුරුන්ද සිටින්නේ.."

නිසැකවම හේරු දහහත් වියැති අයෙකුට වඩා දැනුමෙන් මෙන්ම තීක්ෂණ නුවණකින්ද යුතුබව නැවතත් රැම්සිස් හට පසක්විය.එසේම හොඳින් සිතා බැලීමේදී හේරුගේ සහය තමාට අවශ්‍ය වීමට එයත් හේතුවක් වියහැකි බව ඔහුට හැගුනි.
එසේම මේ මොහොතේදී තමා පලමුව කලයුත්තේ රන් පලදනාව සොරාගත් පුද්ගලයන් සොයාගැනීම බව ඔහු වටහාගත්තේය.එය කලහැක්කේ එක් ආකාරයකින් පමණි.එනම් මේ මොහොතේ ඔහුට සහය අවශ්‍යය.නමුත් කවුරුන්ද මේ මොහොතේ ඔහුට සහය වන්නේ..

" අප සොයාගත යුතුයි පලමුව කවුරුන්ද රන්පලදනාව සොරකම් කලේ කියා..ඒ පුද්ගලයන් පිලිබදව ඉඟියක් ලබාගැනීමෙන් පමණයි අපට අපගේ කාර්‍යය ඉටු කලහැක්කේ.." රැම්සිස් දිගු සුසුමක් හෙලා හේරුහට පැවසීය.

" උතුමාණන් සිතන්නේ පිරිසක් එක්ව මෙය සිදු කලා කියාද? නමුදු එක් අයෙකුට පමණයි පාරාවෝ වියහැක්කේ..එසේ නොවේද?"

" නිසැකවම එක් අයෙකුට පමණයි පාරාවෝ වියහැක්කේ ..නමුදු පාරාවෝ වටා සිටින පිරිසටත් හැකියි බොහෝ ප්‍රතිලාභ ලබන්නට පාරාවෝගේ අවසරය හිමිනම්..ඔබට වැටහෙයිද එහි බරපතල බව දරුවා.."
රැම්සිස්ගේ වදන් වල අරුත වටහාගැනීමට හේරුහට දෙවරක් සිතීමට අවශ්‍ය නොවීය.මේ මොහොතේ හේරුට අවශ්‍ය තම පාරාවෝ සහ ගොඩබිම් දෙකෙහි දේශය ආරක්ෂා කිරීමටය.ඒ සඳහා ඕනෑම කැපකිරීමක් සිදුකිරීමය ඔහුට අවශ්‍යය.නමුත් රැම්සිස්ගේ නියෝගයකින් විනා ඔහුට තනිව කිසිවක් කල නොහැක.එමනිසා හේරු රැම්සිස්ගෙන් මීලඟට කලයුත්තේ කුමක්දැයි  විමසීමට සූදානම් වනවිටම රැම්සිස් හේරු ඇමතීය.

" ඔබ සෑම රාත්‍රියකම මෙහි සේවය කලා නොවේද පසුගිය දිනවල...කවුරුන්හෝ පැමිණියාද මෙහි ඔබ දැනුවත්ව..නොඑසේනම් කුමක් හෝ අමුත්තක් දුටුවාද ඔබ මෙහි රාත්‍රියෙහි සැරිසරන විට.." රැම්සිස්ගේ තියුණු බැල්ම හේරුගේ ආත්මය පරික්ශාවට ලක් කරන සෙට්ගේ බැල්ම මෙන් වූ අතර මුසා පැවසීමට තරම් නිර්භීත බවක් තමා තුල නැතිබවද හේරු වටහාගත්තේය.

-නිසල රැයේ ආලෝකය-Where stories live. Discover now