~13~

98 23 2
                                    

" එමනිසා ප්‍රධාන පූජක හෝ ප්‍රධාන වෙදැදුරු දෙදෙනාගෙන් එක් අයකු වියයුතුයි මෙයට සම්බන්ද..ඒ වෙදැදුරුතුමා වියහැකියි..ප්‍රධාන පූජකතුමා ඔහුගේ මුලු දිවියම කැපකර ඇත්තේ දෙවොල වෙනුවෙන්.." හේරු තම මතය ඉදිරිපත් කලේ මිමිනුම් හඩක් ලෙසය. රැම්සිස් ඒ පිලිබද කිසිවක් නොපවසා ඔහුට තමා පසුපසින් පැමිනෙන ලෙස පැවසීය.
මොහොතකට පසු ඔවුන් අබුසිම්බල්හි සෙට් දෙවොල වෙත පැමිණි අතර හේරු එයට ඇතුලු වීම තදින්ම ප්‍රතික්ෂේප කරන්නට විය.තම හිස දෙපසට සොලවමින් ඔහු දිගින් දිගටම තමා සෙට් දෙවොලට ඇතුලු නොවන බව කීවේ දරුවකුට තිත්ත රසැති ඖෂධ පානයක් ලබාදුන්විට ඔහුගේ හැසිරීම සිහිගන්වමිනි. සෙට් දෙවියන් තම පාලනයට ගැනීමට සමත්වූයේ තමා දන්නා පරිදි දෙදෙනකු බවත්,  ඒ රැම්සිස් සහ ඔහුගේ පියා පාරාවෝ සේටි බව මෙන්ම  තමා සාමාන්‍ය අයකු මිස පාරාවෝ වැනි අසීමිත බලයකට හිමිකම් නොකියන අයකු හෙයින්  සෙට්ගේ කෝපයට ලක්ව අළුව යාමට තමාට අවශ්‍ය නොවන  බවත් ඔහු දිගින් දිගටම පවසන්නට විය.

" ඔබට නොහැකිද මා විශ්වාස කිරීමට..මා ඉඩ තබන්නේ නැහැ ඔබව අළුවීමට.."
අවසානයේදී රැම්සිස් එසේ පැවසූයේ සෙට්ගේ බැල්ම නිසා අළුවූ අයගේ නම් ලැයිස්තුවක් නොනවත්වා පවසන්නට වූ හේරු නිහඬ කරමිනි. හේරුහට මෙම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වුවද තමා ඕනෑම සහයක් පාරාවෝහට ලබාදෙන බවට වූ පොරොන්දුව සිහිවී අවසානයේදී එයට එකඟ විය. නමුත් තරුණයාගේ බියමුසු මුහුණ නිසා රැම්සිස් ඔහු දෙවොලෙන් පිටත නතර කර තනිව ඇතුලු දෙවොලට යාමට තීරණය කලේය.
ඒ අනුව රැම්සිස් දෙවොලට ඇතුලු වී දැන් කෙතරම් වේලාවක්දැයි හේරු නොදත්තේය.ඔහු දෙවොලේ පිටත අංගනයේ ඇවිද යමින් වරින් වර අහස දෙසද බැල්මක් හෙලුවේ පුරාවෘත්තයන්ට අනුව සෙට් හා පාරාවෝ අතර ගැටුමක් හටගතහොත් හෝ සෙට් කෝප වුවහොත් අහස රත්පැහැ වන බව සිහිපත් වීමෙනි.යම් හෙයකින් එවැන්නක් වුවහොත් තමන් කලයුත්තේ කුමක්දැයි කල්පනා කරමින් හේරු අසල පිහිටි ඇකේෂියා ගසක් යට වාඩිවිය. ගසෙහි සෙවනේ සිසිලස ඔහුගේ ගත සිත සන්සුන් කල අතර රාජ්‍යයේ හැකිතරම් ගස් වැවීමට ගත් තීරණයට පාරාවෝ රැම්සිස්හට පසුව ස්තූතිකිරීමට සිතාගත්තේය.

-නිසල රැයේ ආලෝකය-Où les histoires vivent. Découvrez maintenant