සූර්යයාගේ අවසන් කිරණ වලාකුළු අතර සැගවීමට පෙර රාත්‍රී පූජාව ආරම්භ කලයුතුවූ අතර නිසි වේලාවේදීම මහා රැම්සිස් ඒ පූජා කුටිය අසලට පැමිණියේය. කිසිවක් නොපවසා නිහඬව ඔහු පලමුව කුටියට ඇතුලු වූ අතර ඔහුට පසු පසින් අන් අය එයට ඇතුලු විය.
එය හේරු එම පූජා කුටියට ඇතුලු වූ පලමු අවස්තාව විය.එහි රා දෙවියන් අහසේ ගමන් කිරීමට යොදාගන්නා බවට සැලකෙන ඔරුවෙහි අනුරුවක් සේද ඇතිරිලි වලින් වසා තිබිනි.එමෙන්ම රා දෙවියන් සම්බන්ධ සිතුවම් සහ මූර්ති එහි සෑම තැනකම දක්නට තිබිනි. ඒ වනවිටත් පාරාවෝ සහ මෙරිටමන් මූර්ති වලට පණදීමේ චාරිත්‍ර ඉටුකිරීමට ආරම්භ කොට තිබූ අතර එහි කුමක් හෝ අදෘශ්‍යමාන ශක්තියක් පවතින බව හේරුගේ මුලු සිරුරටම දැනෙන්නටද විය. එක්වරම එම එක් මූර්තියක් තමා දෙස බලාසිටින බව හේරුට සිතිනි. නමුත් එවැන්නක් නොවීය.එනමුදු එක්වරම ප්‍රධාන පූජක සිහිසුන්වී ඇද වැටුණු අතර එය සියල්ලන්ගේම මවිතයට හේතුවූයේ එවැන්නන් සිදුවීමට කිසිදු හේතුවක් එහි නොවූ නිසාවෙනි.
රැම්සිස්ගේ නියෝගය මත මෙරිටමන් , හේරු , අබුසිම්බල්හි සෙට් දෙවොලෙහි සහ තෝත් දෙවොලෙහි පූජකවරුන් දෙදෙනා , අයිසිස් දෙවොලෙහි පූජකවරිය සහ දෙවොලෙහි ප්‍රධාන ලේකම්වරයා හැර අන් සියල්ලන්ම පූජා කුටියෙන් පිටව ගියේ බිම වැතිර වෙව්ලමින් සිටි ප්‍රධාන පූජක දෙස නෙතැගින් බලමිනි.
මෙරිටමන් නැවතත් පූජාව ආරම්භ කල අතර එය අවසන් වනතුරු කිසිවකු වදනක් හෝ නොපැවසූහ. පූජාව අවසන් වූ පසු ඇය යම් දියරයක් ගෙන එය පූජකවරයාගේ මුවට වත්කල අතර එමඟින් ඔහු නැවතත් පියවි සිහියට පැමිණියේය. ඔහු පුදුමයෙන් වටපිට බලන විට පාරාවෝගේ නියෝගය මත හේරු සහ ලේකම්වරයා ඔහුව නැගිටවීය.
" කුමක්ද කාරණය පූජක , ඔබ පූජාව අතරතුර සිහිසුන් වූවා..ඔබට අසනීපයක් නොවෙයි නොවේද ? " රැම්සිස්ගේ හඬ නිහඬ පූජා කුටියෙහි නින්නාද දෙන්නට වූයේ හේරු පවා ගැස්මට ලක්කරමිනි. එම රාත්‍රියෙහි පලමුවරට හේරු රැම්සිස් වෙත බියමුසු බැල්මක් හෙලීය.මේ උස් තේජස්වී පුරුෂයා සරල කෙටි ධවල වර්ණ වස්ත්‍රයක් ඇදසිටි අතර ඔහුගේ දෑත් රාජ්‍යත්වයේ සංකේතවලින් සමන්විත විය.
ඔහු නිසැකවම හෝරස් සහ සෙට් දෙදෙනාගේම බලයන් දරාසිටින බවක් හේරුට හැඟුණි.ඔහු ඉදිරිපිට පූජකවරයාගේ මුවින් කිසිවක් නිකුත්නොවූ අතර ඔහු කතාකිරීමට උත්සාහ දැරූවද වදන් පිටනොවීය.

ESTÁS LEYENDO
-නිසල රැයේ ආලෝකය-
Ficción históricaහේරු...දහහත් හැවිරිදි එඩිතර තරුණයෙක්.. ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්‍රියක්.. අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්.. රාත්‍රිය නිහඩය. නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත. නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්...