මොහොතකින් හේරු තදින්ම භාවනාවට සමවැදුණු අතර අවට සිදුවන කිසිවක් ඔහුගේ අවධානයට යොමු නොවීය.මෙලෙස මොහොතක් ගෙවීගොස් හිරු අහසේ ගමන් ආරම්භ කරන අවස්තාවේදී හේරුට තමා අහසේ පියාසරන බවක් හැගුණි. තමාගේ කා ( ආත්මය) භෞතික ශරීරයෙන් නික්ම කුරුල්ලකු සේ පියාඹන බව ඔහු වටහා ගත්තේය.ඔහු තමාට පහලින් පී - රැම්සිස්හි ජනයා තම එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය දුටුවේය.ඔවුන් එතරම් සුඛිතමුදිත ජීවිත ගත කරන බවක් නම් පෙනුනේ නැත.
අවට සිරි නරඹමින් පැමිණි හේරුට තමාගේ ගමනාන්තය වෙනස්වී ඇති වග වැටහුණේ තමා ඉදිරිපිට පවතින අන්ධකාර කදුවැටිය දුටුවිටය.ඔහු මෙම කදුවැටිය හදුනාගත්තේ නැත.නමුත් එහි සැඟවුණු රහස් පවතින බව නම් ඔහුගේ සහජ ඉව ඔහුට මිමිණීය." පැමිණෙන්න දරුවා..මා බලාසිටියා ඔබ පැමිණෙන තුරු බොහෝ වේලා.." මනහර කාන්තා හඬක් තමා අමතනු ඇසුනු හේරු එදෙසට ගමන් කලේය.මොහොතකින් ඔහු පැමිණියේ අතිශයින්ම සුන්දර කාන්තාවක් අසලටය.
ඇය පුරාණ ඊජිප්තු පූජකවරියකගේ ඇඳුමින් සැරසී සිටි අතර ඇගේ කොණ්ඩය රාජාලියකුගේ පියාපත් සේ සකසා තිබිනි. ඇගේ ධවල පැහැති සළුව උරහිසින් පහලට සුන්දර ලෙස වැටී තිබිනි.ආමන්ඩ් හැඩැති දෑස් වලින් නික්මුණු බැල්ම තම ආත්මය පිරික්සා බලන බව ඔහුට හැගුණි." මා උපකාර ඉල්ලාසිටියේ මහරැජිනගෙන්..මේ ඇය වියහැකියි.." හේරු නිසැකවම සිටියේ ගැටලුවකය. ඔහු එතරම් ඊජිප්තු දේව සභාව වෙත අවධානය යොමු නොකල අතර ඔවුන්ගේ නම් සහ තවත් සුලු විස්තරයන් හැරුනු විට ඔවුන්ගේ ස්වරූපයන් ගැන කිසිවක් නොදත් තරම්ය.එමනිසා මේ මොහොතේ කලයුත්තේ තමා සහය ඉල්ලා ආයාචනා කල මහා රැජිනගේ නාමයෙන් මෙම අමුත්තිය ඇමතීම බව ඔහු වටහාගත්තේය.
" මහා රැජින නෙෆටාරි , මෑණියනි ස්තූතියි මට සහය දීමට තීරණය කලාට.." ඔහු දෙවරක් නොසිතා එලෙස පැවසීය. ඇය මොහොතක් නිහඬව ඔහු දෙස බලාසිටින්නට විය.
හේරුට සිතුනේ තමා සෙක්මෙට් දෙවඟනට වැරදි ලෙස ආමන්ත්රණය කරඇති බවකි.ඔහුට බියටම දහඩිය දමන බවක් හැගිනි.
"ඔහ්..ආත්මයට කෙසේද දහඩිය දමන්නේ හේරු සන්සුන් වන්න.." ඔහු තමාගේ නොසන්සුන් මනස සන්සුන් කරගැනීමට උත්සාහ දැරීය.
YOU ARE READING
-නිසල රැයේ ආලෝකය-
Historical Fictionහේරු...දහහත් හැවිරිදි එඩිතර තරුණයෙක්.. ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්රියක්.. අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්.. රාත්රිය නිහඩය. නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත. නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්...