~15~

139 24 7
                                    

" එනම් ඔබ අඩුවෙන්ම සැකකල පුද්ගලයා තමයි බොහෝවිට අපරාධකරු වන්නේ...එලෙසම අප කිසිවිටෙකත් සැක නොකරන තැනකයි පලදනාව ඇත්තේ.." රැම්සිස් හේරුහට පහදා දුන්නේය.
" නමුත් අප සෑම ස්ථානයක්ම පරික්ශාවට ලක් කරා උතුමාණනි කිසිවක් හමුවූයේ නැහැ..අප දෙවොල අවට සෑම ස්ථානයක්ම සමහර සැකකටයුතු නිවෙස් පවා පරික්ශාවට ලක්කරා..ඔහ්.." හේරු එක්වරම නැගී සිටියේ මුහුණේ විස්මයක් රදවාගෙනය.

" අප සෑම ස්ථානයක්ම පරික්ශා කරා...අභ්‍යන්තර දෙවොල සහ පූජා කුටිය හැරෙන්නට..නිසැකයි එහි ඇති පලදනාව " පාරාවෝ කිසිවක් පැවසීමට පෙර හේරු එතැනින් දිවගොසිනි. ඔහු වේගයෙන් දිවගියේ දෙවොලෙහි ප්‍රධාන ලේකම්වරයා වෙතය.මොහොතකින් ඔවුන් දෙදෙනාම අභ්‍යන්තර දෙවොලට ඇතුලු වූ අතර එහි කිසිවක් සොයාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත.ඒ අනුව ඔවුන් පූජා කුටිය වෙත ගිය අතර එහිද සැකකටයුතු කිසිවක් සොයාගැනීමට හැකිවීම හේරුට පුදුමයට කරුණක් විය.

" උකුස්සකුසේ දකින්න.."

නැවත වරක් හේරු ඇගේ ඒ උපදෙස පිලිපැදීමට තීරණය කලේය. ඔහු පූජා කුටිය නැවතත් විමසිල්ලෙන් පරික්ශා කරන්නට විය. අවසානයේදී ඔහුට එකක්මත එකක් වනලෙස ගොඩ ගැසූ දෙවොලට පූජාකල කරවල බඳුන් හමුවන තෙක්ම ඔහු පරික්ශාව සිදුකරගෙන ගියේය. එහි පලදනාව සඟවා තිබිය නොහැකිබවට ලේකම්වරයා පැවසුවද පාරාවෝගේ සහ  නෙෆටාරි මහරැජින ලෙස ඔහු සැලකූ පූජකවරියගේ අවවාද පිලිපැදීමට හේරු තීරණය කලේය. ඒ අනුව කරවල බඳුන් අතර සඟවා තිබූ පලදනාව සොයාගැනීමට හේරු සමත් විය.

..................................................

පී- රැම්සිස්හිදී වාර්ශිකව ආමන් දෙවියන් වෙනුවෙන් පවත්වන පූජාව උත්කර්ෂවත් අන්දමින් පැවති අතර එයට සහභාගී වීමේ අවස්තාව හේරුහටද හිමිවිය. පූජාව අවසන් වීමෙන් පසු පාරාවෝ ඔහුව මාලිගා අංගනයට කැදවූ අතර එය ඔහු කිසිදා බලාපොරොත්තු වූවක් නොවීය.
සිදුකල සේවයට අගය කිරීමක් වශයෙන් ඔහුට තිළිණ ලැබුණු අතර නිර්භීතභාවය සදහා  පටි තුනක් සහිත රන් කරපටියක්ද හිමිවිය. ඔහුට පී - රැම්සිස්හි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා යටතේ පුහුණුව ලැබීමට අගනුවර නතරවීමට සිදුවන බව ඔහු දැනගත්තේද එහිදීය.ඔහු එයට විරෝධය පෑමට සූදානම් වුවද පාරාවෝගේ ඉල්ලීම පැහැර හැරීමට ඔහුට නොහැකි විය.එලෙස සියල්ල යහපත් ආකාරයෙන් විසදී අවසන් වූ අතර තවමත් හේරු සිටින්නේ තමා දුටුවේ සිහිනයක්දැයි විශ්වාස නැතිවය.

එක් නිසල රාත්‍රියකදී අබුසිම්බල් වෙත පැමිණි ආලෝකයේ පුත්‍රයා ඔහුගේ ජීවිතය සදාකාලයටම ආලෝකමත් කලේය. ඒ නිසල රැය හේරු ජීවත්ව සිටින තුරු ඔහුට අමතක නොවනු ඇත..
ආලෝකයේ පුත්‍රයා රා- බොගොට්- හිම් කෙරෙහි දහහත් හැවිරිදි තරුණයකුගේ හිතේ පැවති ගෞරවය ඔහුට ඔහුගේ ජීවිතයෙහි අරමුණ සොයාගැනීමට සහය විය.

එය හුදෙක් රැයක් නොවීය.එය අන්ධකාරයේ සළුපිළි දවාලූ ආලෝකයේ රාත්‍රිය විය.

                         ***නිමි***

" හේරු " අදින් ඉවරයි...මේක මන් wattapad වල ලියපු පලවෙනි කතාව..වැරදි අඩුපාඩු තියෙන්න ඇති..

ඒ ඔක්කොම එක්ක කතාව කියවපු, වෝට් කරපු වගේම හැම විදිහටම මට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි 🙏🙏

විශේශයෙන්ම  Vxnessa_x නංගිව....Tnx නංගියෝ..❤

ඔයාලා හැමෝටම ආදරෙයි ❤

ඔයාලට කතාව ගැනහරි චරිත ගැන හරි මොනවහරි කියන්න තියෙනවා නම් කියන්න...ඒක මට ගොඩක් වටිනවා..

අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ..හීන දකින්න..හීන දකින්න බය වෙන්න එපා..ඔයාට කොහොමහරි ඒ සිහිනය සැබෑකරගන්න මාර්ගයක් හොයාගන්න පුලුවන් වේවි..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

හේරු 2 එනවා...කවුද කියවන්නේ..👀

-නිසල රැයේ ආලෝකය-Wo Geschichten leben. Entdecke jetzt