හේරු තම දැහැනේ කෙතරම් එල්බ සිටියේද යත් එක්වරම ඇසුණු සියුම් හඩින් ඔහු ගැස්සී ගියේය.ඒ පාරාවෝ ඔහුට කතා කල හඬ බව වටහා ගැනීමට ඔහුට මොහොතක් ගතවිය.
හේරු තමන් අසුන්ගෙන සිටි තැනින් නැගීසිටි අතර පාරාවෝ දෙස බැලීමට පෙර හෝරස් දෙස බැල්මක් හෙලීය." දරුවා, ඔබ සූදානම් නම් අපට හැකියි අපගේ ගමන ආරම්භ කිරීමට.."
" නිසැකවම මා සූදානම් උතුමාණනි"පාරාවෝ නැවතත් දෙවොලේ ප්‍රධාන දොරටුව වෙත ගමන් කර එතැනින් බටහිරට වන්නට පිහිටි පටු උමං මාර්ගයක් දිගෙහි ගමන් කරන්නට විය..හේරු ප්‍රශ්න නොනගා රැම්සිස් පසුපසින් ඇදුනද ඔහුගේ සිතෙහි ප්‍රශ්න ගණනාවක් හටගෙන තිබුනි.තමන් මේ සිදු කරන්නට යන්නේ කුමක්ද කියා කිසිදු වැටහීමක් ඔහුට නොවූවද තමා සිටින්නේ රැම්සිස් සමඟ බව සිහිවීමෙන් ඔහුගේ බිය මදක් පහවිය.මන්ද යත් පාරාවෝ තමන් සමඟ සිටින කිසිවෙකුට හානියක් වීමට ඉඩ නොදෙන බව වැසියන් හොඳින්ම දැන සිටි බැවිනි.
වේලාව පිලිබද කිසිදු හැඟීමක් හේරුට නොවූ අතර ඒ පිලිබද වද වීමද ඔහු අත්හැර දැමීය.කෙසේහෝ අවසානයේදී ඔවුන් උමගෙහි අවසානයට පැමිණි අතර රැම්සිස් තමන් අත තිබූ මුද්‍රාවක් දොරෙහි රහස් අඟුලට තබා දොරටුව විවර කලේය. රැම්සීස් පසුපසින් හේරුද කුටියට ඇතුලු වූ අතර එය හිස් කුටියක් විය..
" උතුමාණනි, කුමකටද අප මේ හිස් පාළු කුටියට පැමිණියේ?.." හේරු කුතුහලය පිරි දෑසින් අවට පිරික්සමින් විමසීය..
"මා සිතුවා මා ඔබට පැවසූ බව තමන්ගේ කාර්යබාරය වෙත අවධානයෙන් සිටින ලෙස..එසේම දෑසට නොපෙනෙන දේ මනසට පෙනෙන බව ඔබ දන්නේ නැතිද?..සියල්ලටම පෙර ඔබට විශ්වාසද ඔබ සිටින්නේ අවදියෙන් කියා.." රැම්සිස්ගේ හඬ හේරුගේ ගත පුරා පැතිර ගිය වෙව්ලීමකට හේතුවිය.හේරු කිසිවක් නොකියා බිම බලාගත්තේ පාරාවෝගෙන් සමාව අයදින වදන් පෙලක් මුමුණමින් වුවද මොහොතකින් රැම්සීස් ඔහුට හිස ඔසවා කුටිය දෙස අවධානයෙන් බලන ලෙස පැවසීය.නියෝගය අනුව හේරු හිස ඔසවා කුටිය දෙස බැලූ අතර එහි එක් බිත්තියකට සම්බන්ධ කර ඉදිකර තිබූ ගලින් තැනූ බදුනක් ඔහුගේ නෙතට අසුවිය.
ඒ තිබෙන්නේ කුමක්දැයි කියා පරික්ශා කිරීමට ඔහුට අවශ්‍ය වුවද ඔහුට පාරාවෝ නැවතත් අමනාප කර ගැනීමට අවශ්‍ය නොවීය." පරික්ශා කර බලන්න..ඔබට අවසර තිබෙනවා එයට.." රැම්සිස්ගේ හඬ හේරුගේ සිතතුල හටගත් උද්වේගකර හැගීමකට උපත දුන් අතර පිමි කිහිපයකින් එතැනට ලගාවීමට ඔහුට හැකිවිය.
ගලින් තැනූ එම බදුන ප්‍රමානයෙන් කුඩා බැටළු පැටවකු දමා වැසිය හැකි ප්‍රමානයෙන් යුක්ත වූ අතර එය නේකවිධ ගල් කැටයමින් යුතු විය.
හේරුගේ පරික්ශාකාරී දෑස් එම ගල් කැටයම් පරික්ශා කල අතර එය පාරාවෝ මරණින් පසු දෙවියන් අසලට ගමන් කිරීම පිලිබද සවිස්තරාත්මක කැටයම් වලින් යුක්ත බව වටහා ගත්තේය.එහි තවත් වැකි කිහිපයක් කොටා ඇති බව දුටු හේරු එය කියවීමට උත්සාහයක් දැරීය..එය ලේකම්වරුන්ගේ භාශාවෙන් ලියා පැවති අතර ඉන් කියවුනේ..
" පාරාවෝගේ ප්‍රාණය මා-ආට්ගේ ආරක්ශාවයි"
"හෝරස් සහ සෙට් එක්ව පාරාවෝහට මඟ පෙන්වයි" යන්නයි..
මෙම වැකිවල අර්ථය වටහාගැනීමට තරම් අවබෝධයක් හේරුහට නොමැති වූයේ ඔහු උගන්නේ රණශූරයෙකු වීමට විනා ලේකම්වරයකු වීමට නොවන බැවිනි..
එමනිසා ඔහු හිස ඔසවා පාරාවෝ දෙස බැලුවේ පැහැදිලි කිරීමක අපේක්ෂාවෙනි..************************************
මම මේ කතාව කොටස් 20කට අඩුවෙන් ඉවර කරන්න හිතන් ඉන්නේ...
තව කතාවක් ලියන්න අදහසක් තියෙනවා
ඒකට ඔයාලගෙන් උදව්වක් ඕන..ඔයාලා කැමති
1.Hindi Mythology
2.Greek Mythology
3. Demons and gods
4.ravana..👆👆👆👆👆
ඔයාලා කැමති එකක් කියන්න..මන් ඒක ලියන්නම්..අනිවාර්යයෙන් කියන්න...ඒක ලොකු උදව්වක්...
හැමදාම වගේ..
ආදරෙයි හැමෝටම ❤💜️
YOU ARE READING
-නිසල රැයේ ආලෝකය-
Historical Fictionහේරු...දහහත් හැවිරිදි එඩිතර තරුණයෙක්.. ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්‍රියක්.. අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්.. රාත්‍රිය නිහඩය. නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත. නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්...