sɪʟᴇɴᴛ ғᴀɪᴛʜ - 2

2.2K 361 89
                                    

"Life isn’t always a fairy tale, but with your love, I’m bound to have a happy ending!"

❁❁꧁❀꧂❁❁

Yibo දුටුවේ තම සහෝදරයා කොරිඩෝවේ ඈත සිට විදුහල්පති තුමා සමග පැමිණෙනවයි. ඔහු තවත් ටිකක් උනන්දුවෙන් ඒ දෙස බැලුවා. ඒත් සමගම ඔහු දුටුවා තවත් අයෙක් තම සහෝදරයා සමග පැමිණෙන බවට. Yibo ඒ කවුද කියා දැන සිටියා. ඔහු නැවත කෝපයෙන් දත් මිටි කන්නට වුනා. Haikuan ළඟටම පැමිණ Yibo ට කතා කරා.

"Bodi...අඳුරගන්න මේ ඉන්නේ....." Haikuan කියන්න ගිය දෙය නවතා තම සහෝදරයාව නිරීක්ෂණය කරා. ඔහු එයින් දෙයක් තේරුම් ගත්තා. මේ සිටින පුද්ගලයාව Yibo ගේ මිතුරන් ඉදිරිපිට ඔහුගේ විවාහා වීමට සිටින පුද්ගලයා ලෙස හඳුන්වා දුන්නොත් Yibo මුළු ජිවිත කාලයම තමන්ව ඉතුරු නොකරන බව Haikuan ට ඉවෙන් වගේ දැනුනා. ඔහු උගුර පාදා Yibo ගේ දත්මිටි කන මූහුණ දෙසට සිනාසුනා.

"මේ ඉන්නේ Wei Xian

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ ඉන්නේ Wei Xian. එයා අද ඉඳන් ඔයාලා එක්ක එකටයි ඉන්නේ. Yibo...... *Yibo දෙසට තියුණු බැල්මක් හෙලමින්* ඔයා එයාව බලාගන්න ඕනි"

Haikuan ගේ විනිවිද යන බැල්ම හමුවේ Yibo හිස වැනුවා. ඔහු නිහඬවම අනෙක් පස කුඩා ශරීරය දෙස බැලුවා. Yibo ට ඇත්තටම හිතා ගන්න බැහැ ඔහු මොන වර්ගයටද අයිති කියා. මොකද ඔහුගෙන් කිසිම ඉවක් Yibo ට දැනුනේ නැහැ 'මෙයා මනුස්සෙක්ද? ඒත් ඇයි සේරමගෙන්ම අම්මයි තාත්තායි මනුස්සෙක්ව මට තේරුවේ?' Yibo තමාගේ වෘකයාගේන් ප්‍රශ්න කරන්නට වුනා. තමන්ගේ සහෝදරයා Xian කියා හඳුන්වා දුන් මේ තරුණයාගේ හිසේ සිට දෙපතුල දක්වා Yibo නැවත බැලුවා. ඔහු පාසල් නිළ ඇඳුමකින් සැරසී සිටියා. ඒත් ඔහුගේ මුහුණ වැසෙන්න විශාල mask එකක් සහ කළු පැහැති ඇස් නොපෙනන අය භාවිතා කරන ආකාරයේ කණ්ණාඩි යුගලයක් ඔහුගේ දෑස් වල රැඳී තිබුණා. ඊටත් වඩා ඔහුගේ අවුල් උනු හිස කෙස් නලල මතට වැටී මුළු මුහුණම සම්පුර්ණ අඳුරු පාට වී තිබෙන බවට කිවිය හැකි. Yibo ට තවමත් සිතා ගන්න බැහැ මේ හැම අතින්ම අසම්පූර්ණ මනුෂ්‍යා ඇයි තමන්ගේ ජීවන සහකරු ලෙස දෙමව්පියන් තෝරගත්තේ කියා. කවුද මේ?

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️Where stories live. Discover now