sɪʟᴇɴᴛ ғᴀɪᴛʜ - 35

1.4K 289 40
                                    

"To find the sense of life is the blessing, but meeting the person who will become your world is even a bigger one. I am lucky to do this!”

❁❁꧁❀꧂❁❁

"ඔයා ආපහු ආව එක හොඳයි මගේ දරුවෝ...ආදරයෙන් පිළිගන්නවා..." හැම අයෙක්ම සැනසුම් සුසුමක් හෙළුවා. ඒත් ඒ Yibo ගේ තියුණු කටහඬ ඇසෙන තුරු පමණයි. ඔහු Bowen වෙතට අත දිගු කරා.

"මම හිතන්නේ ඔයාටත් අපි හැමෝම නොදන්න ලොකු කතාවක් අපිට කියන්න තියෙනවා. එහෙම නේද WEI LI BOWEN"

Yibo ගේ අණ දෙන සුළු කටහඬ සමග Bowen තිගැස්සුනා. ඒ හැමදේටම වඩා ඔහු Yibo තමන් ගේ හරි නමෙන් කතා කරපු එකටයි. කොහොමද ඔහු එක දන්නේ? තමන් Wei Sun Diaomand Pack එකට අයිති බව Yibo කොහොමද දන්නේ? මේක තමන් පමණක් දන්න රහසක්. Zhan වත් එය දැනගෙන සිටියේ නැහැ. true blood වරයාගේ බලය සහ ශක්තිය සෙල්ලමක් නොවන බව Bowen ට ඉක්මනින් තේරුම් ගියා. ඔහු කෙළ පිඬක් ගිල දමා තමන් වටේ සිටි අය දෙස බැලුවා. එවිටයි ඔහු අවබෝධ කරගත්තේ හැම අයෙක්ම, Ji Yang පවා මේ දැන් ඇහුනු අලුත්ම කතාව නිසා පුදුමයෙන් කට ඇරන් ඔහු දෙසට පිළිතුරු බලාපොරොත්තු වෙන් බලන්නට වුනා. Li Bowen සුසුමක් පිට කර ලොකූ හුස්මක් ගෙන තමන් ගේ කතාව පටන් ගන්නට සෙමින් මුව විවර කලා.

"ඔයා හරි. මම Wei කෙනෙක් තමයි. මම දන්නේ නැහැ ඔයා කොහොමද ඒක දන්නේ කියලා. ඒත් rare true blood කෙනෙක් ගේ බලය මම දන්නවට වඩා ගොඩක් ඉහලයි කියලයි මට දැනුයි තේරෙන්නේ"

Yibo කිසිවක් නොපවසා Zhan තම දෙපා අතරින් ඔසවා ඔඩොක්කුවේ ඉන්ඳවා ගත්තා. ඇත්තටම එය ඔහු කරපු හේතුව නම් කවුරුත් දන්නේ නැහැ. ඒත් එයින් Zhan ගේ කම්මුල් රතු වෙන්නට වුනා. ඔහු සෙමින් Yibo ගෙ පපුවට හිස තබාගෙන Li Bowen ගේ කතාව අසන්නට පටන් ගත්තා.

"ඇත්තටම මේක ගොඩාක් ඈතට යන සිද්ධියක්. ගොඩාරියක්" Li Bowen මදකට නැවතුනා.

"අපි Li පවුල කියන්නේ Wei රාජකීය පවුලේ ළඟම ඥාතීන්. ඒ කියන්නේ රාජකීය පවුලට අපිත් අයිති. මොකද රාජකීය පවුලයි අපේ Li පවුලයි අතර ගොඩක් marriages වෙලා තියෙනවා. ඒත්....අපේ ඇත්තම රාජකාරීය තමයි හැම වෙලේම කිරුළ හිමි කුමාරයාව ආරක්ෂා කරන එක."

ඔහු අනෙක් අයහේ මුහුණු දෙස විපරමින් බැලුවා. හැම අයෙක්ම සාවධානව ඔහුට ඇහුම් කන් දෙනවා.

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️Où les histoires vivent. Découvrez maintenant