sɪʟᴇɴᴛ ғᴀɪᴛʜ - 31 🔞

1.6K 286 65
                                    

"I wake in the morning thinking about you and lay down at night with the same beautiful thought on my mind. You are my world."

❁❁꧁❀꧂❁❁

වසර 3 කට පසු
°°°°°°°°°°°°°°°°°°°°°

"_ප්‍රසිද්ධ ව්‍යාපාරික Lan Wang Yibo මහතා හදිස්සියේම ඔහුගේ විවහයේ දින ඉක්මන් කර ඇත. ඔහු මෙම තීරණය ගත් හේතුවක් කිසිවෙක් තවමත් දන්නේ නැත. ඔහුගේ අනාගත බිරිඳ වීමට නියමින් Wen Shi Yuxin මෙනෙවියගේ පවුලේ අය සමග අපේ මාධ්‍ය කරු සම්බන්ධ වීමට උත්සහා කරත් ඔවුන්ගේ පවුල එය ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කරන්නට විය. නමුත් ඇය ඇයගේ පෞද්ගලික twitter ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඔවුන් මේ තීරණයට එලඹුනේ ඔවුන්ගේ පවුල් දෙකේම එකඟ වීමෙන් බවයි. එහෙත් අපි බලන් සිටිනවා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන Wang Yibo මහතා කුමක්ද පවසන්නේ කියා_"

අයෙක් ජනේලයෙන් පිටත බලාගෙන හිස් බැල්මකින් ඈත බලාගෙන සිටියා. ඔහුගේ නාසයට ඔහුගේ කාමරයට ඇතුළු වුනු තවත් අයෙක් ගේ සුවඳ දැනුනද ඔහු එය හඳුනා ගත්ත නිසා ඔහු ඒ පිළිබඳව කලබල උනේ නැහැ.

"ඔයා දන්නවද? ඔයාට තවමත් කල් තියෙනවා මේක ගැන තීරණයක් ගන්න." ඇතුළු වුනු පුද්ගලයා වේදනාත්මක කටහඬකින් පැවසුවා. ඔහු මේ ජනේලයෙන් පිටත බලාගෙන සිටින පුද්ගලයාගේ යම්කිසි තීරණයක් ගැන වේදනාවෙන් පසු වෙනවා වගෙයි.

"ඔයා දන්නවනේ ge මම මේ දේ කරන්නේ අපේ පවුල වෙනුවෙන්." ඔහුගේ ගැඹුරු හිස් කටහඬ හමුවේ අනෙකා සුසුමක් පිට කරා.

"Didi, එහෙත් ඔයාමයි මට කිවුවේ ඔයාට එයා ගැන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියලා. ඔයාට ලොකු හිස් බවක් ඔයාගේ ජිවිතේ ගැන දැනෙනවා කියලා."

"හ්ම්....ඔයා ඒකට හේතුව දන්නවද gege? මට මොනවාහරි හංඟනවද?" Wang Yibo ගේ තියුණු දෑස් ඔහුගේ සහෝදරයා පසාරු කරගෙන යන බැල්මක් හෙලුවා.

Haikuan වෙව්ලා ගියා. ඒත් ඔහු සුසුමක් පිට කරමින් තමන් ගේ උරහිස් දෙක ගැස්සුවා. ඔහු කොහොමද ඇත්ත කට ඇරලා කියන්නේ? එකෙන් සිදුවන්නේ Yibo ගේ මොළයට හානි වීම විතරයි. ඒ නිසා කිසිවෙකුටත් එය ගැන කතා කිරීම තහනම්. ඒ නිසා Haikuan ට කොයිතරම් වුවමනා උනත් ඒ පිළිබඳ කිසිවක් කිව නොහැකි ලෙස Haikuan ගොලු වුනා.

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️Where stories live. Discover now