sɪʟᴇɴᴛ ғᴀɪᴛʜ - 4

1.9K 343 85
                                    

"Even when the world stops turning, and the sun fails to set, when my side of the world is burning, only then, might I forget that my love for you is Eternal"

❁❁꧁❀꧂❁

උදෑසන හිරුගේ කිරණ තම සුව නින්දට දිගින් දිගටම බාධා කරන්නට වුන නිසා Wang Yibo මහා හඬින් ගොරවා අනෙක් පස හැරී ඔහුගේ පොරවනයෙන් තම හිස වසා ගත්තා. ඔහු කවදත් උදෑසන අවධි වන්නෙක් නොවේ. උදෑසන නැගිටීම සහ ඔහු අතර තිබුනේ වෙන් කල නොහැකි තරම් ආදරණීය වෛරයක්. ඒත් Yibo ට වැඩි වෙලාවක් එලෙස නිදා ගන්නට වුනේ නැහැ. ඔහුගේ කාමරයේ දොරට මහා හඬින් Haikuan තඩි බාන්නට පටන් ගත්තා. ඔහු හැමදාම උදේට ගයන මිහිරි ගීතය මහා හඬින් කෑ ගසමින් ගයන්නට ගත්තේ නිවසේ සිටි සියළු දෙනාටම ඇසෙන ලෙසයි.

"අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ......
හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ......
අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනක් "බොලව්" උදා වෙලා තියෙන්නේ.......ඕයි.....Bodiyaaaaa නැගිටිනවකෝ"

Haikuan අල්ලපු නිවසේ සියළු දෙනාවමද අවදි කරවන්නට වගේ මහා හඬින් බෙරිහන් දෙන්නට වුනා. ඒත් ඔහුට ඇතුලතින් ඇහුනේ මහා හඬින් කර ගෙරවීමක්.

"කටවහගෙන යනවා යන්න...."

"නැගිටිනවා ඕයි....කම්මෙලියා...මම මේ දොර හරහා ගිණි පුපුරක් එවන්නේ නැත්තම්"

"I said shut up your fucking mouth" Yibo තම කන් දෙකට කොට්ට තද කරන් නැවත කෑ ගැසුවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"I said shut up your fucking mouth" Yibo තම කන් දෙකට කොට්ට තද කරන් නැවත කෑ ගැසුවා. ඒත් සමගම දොරෙන් අනෙක් පස නිහඬ වුනා. Yibo නැවත සනීපයට නිදන්නට පටන් ගත්තේ Haikuan ගිය බවට සිතලයි. නමුත් මොහොතකින් දොරෙන් අනෙක් පස ඔහු බලා පොරොත්තු නොවූ කටහඬක් ඇසෙන්නට වුනා.

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️Donde viven las historias. Descúbrelo ahora