sɪʟᴇɴᴛ ғᴀɪᴛʜ - 38

1.4K 273 39
                                    

"Before I met you I was really sick, but not anymore because your love and care have healed me completely of every heart disease. I cherish you forever."

❁❁꧁❀꧂❁❁

කවුළු අතරින් පැමිණි උණුසුම් හිරු කිරණ කඩවසම් Alpha ගේ පාද වලට වැටී ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ මුහුණ දක්වාම පැමිණෙන්නට ගත්තා. ඔහු අපහසුවෙන් මෙන්ම බොහොම අකමැත්තෙන් ඇස් දෙක බාගෙට විවර කර මෙතෙක් වෙලා තම පපුවට තවත් ගුළි වෙමින් සනීපයට නිදා සිටින කුඩා හුරුබුහුටි ශරීරය දැක එයට මෘදු ලෙස සිනාසෙන්නට උනා. ඔහුට හිරු එලොය ගාණක්වත් නැහැ වගේ. Alpha වරයා සම්පූර්ණ තමන්ගේ ශරීරය ඒ රූපට දෙසට හරවා නාසය මුදුන සෙමින් සිපගත්තා. මේ ඔහුට මෙලොව සිටින වටිනම වස්තුවයි. ඔහුට ඔහුගේ පුංචි Omega නිදා සිටි ආකාරය දුටු විට පවා ඇති උනේ ඒ පිළිබඳව පුදුම ලෝභකමක්. ඔහු නොදැනුවත්වම ඔහුගේ එක් අතක් මේ වෙනකොටත් ඒ පිරුණු රෝස පැහැති සුන්දර කම්මුලක් පිරිමදිමින් සිටියා.

තමාගේ මුළු ජීවිත කාලයම මේ අයුරින්ම මේ පුංචි Omega ව තමා අසළින්ම කාටවත් නොපෙනෙන පරිදි තබා ගැනිමට හැකි නම් කෙතරම් නම් හොඳද? ඒ හුරතල් බව සහ ඔහු සමඟ සිටියදී සිතට දැනෙන සැහැල්ලු භාවය..... ඒ නිමක් නැති ආදරය.....තමා ට පමණක් විඳගැනීමට Alpha වරයා සිහින මවමින් සිටියා . ඒ මොහොතේම වගේ හදිස්සියේ පැමිණි දුරකථන ඇමතුමක් නිසා ඔහු ගේ මුවේ පැවති සිනහව එක් ක්ෂණයකින් මැකී ගොස් සිහින් ගෙරවීමක් නිකුත් උනේ ඉබේටමයි. ඔහු ඉක්මනින් දුරකථනය අතට ගෙන එහි ඇමතුම දෙස බැලුවේ එම හඬින් තමා ඉදිරියේ සිටින පුංචි Angel ඇහැරෙයි යන බියටයි. ඇමතුම තමගේ සහෝදරයා ගෙන් බව දුටු Alpha ඉක්මනින් answer කලේ මෙතරම් උදෑසන අනෙකා call කරන්නේ ඇයිදැයි හරිහැටි තේරුම් ගැනිමට නොහැකි ව මදක් පුදුමයට පත් වෙමිනුයි.

"Hello Bodi....good morning!!! හ්ම්....මම දන්නවා ඔයා මේ කෝල් එකට දැනටම ගොරෝනවා ඇති ඒත් Didi දැන්ම නැගිටිනවා......"

"අහ්...good morning. මම ගොරෝනවා කියලා දැන දැනත් ඇයි කතා කරන්නේ? මට අඩුම තරමේ මගේ wife එක්ක එක විනාඩියක් නිදහසේ ඉන්න දෙන්න බැරිද?"

Haikuan ගේ ඇමතුමට මදක් තරහෙන් මෙන් ගොරවමින් Yibo නිදිමතේම පවසන්නට උනේ තවමත් එක අතකින් Zhan ගේ සිනිඳු කෙස් අතරින් ‍යවමින්.

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️Where stories live. Discover now