"Our love is like that mysterious bond that can never be broken. Instead, our bond will be ignited for eternity, and survive all the battles and struggles that we have to face"
❁❁꧁❀꧂❁❁
Xian සහ Yibo දෙදෙනාම Yibo ගේ රතු පැහැති රථය වෙත නැගුනා. Xian සිටියේ සතුටින් සිනාහ වෙමිනුයි. ඔහු රථය මදක් ඉදිරියට ගිය විට ඉක්මනින් තම seat belt එක ගලවා මාවතේ එලියට දෑස් යොමු කරන් සිටින Yibo ගේ උකුලට පැන ඔහුගේ කම්මුල් දෙක අල්ලා ගත්තා. Yibo තිගැස්සුනත් ඔහු Xian ගේ මුහුණ දෙස බලා සිනාසුනා. ඒත් Xian හුරතල් ලෙස කම්මුල් දෙකත් පුම්බාගෙන Yibo ගේ මුහුණ හතර වටේම හරවන්නට පටන් ගත්තා.
"මොකද පැටියෝ මේ? මම driving කරනවානේ?" Yibo මෘදු දෑස් ඇතිව අනෙකාගේ අත් දෙක තම කම්මුලෙන් ඉවත් කර ඔහු දෙසට සිනාසුනා. ඒත් Xian ආයේම Yibo ගේ අතින් තම අත ගෙන ආයේම ඔහුගේ කම්මුල් දෙක අල්ලාගෙන මුහුණ හරවන්නට වුනා.
"A' Xian?" ඔහු මෙවර තරමක් තියුණු හඬකින් පැවසුවා. ඔහුගේ කටහඬේ තියුණු බව නිසා Xian මුහුණ ඇද කරගෙන තමන්ගේ note book එක හොයන්න ට වුනා. අවසානයේ එහි යමක් ලියා ඔහු Yibo දෙසට ඇල්ලුවා.
>Yan Li jie..Kuan ge ට කිවුවා එයාගේ මූන පෙම් පාටයිලු. මම ඒ මොකක්ද ඇහුවම එයා මට කිවුවා Boge ගේ මූණ බලන්නලු. ඉතින් මම ඒ පාට මේ හොයනවා...<
Xian ගේ අහිංසක මුහුණ දුටු ඔහු සිනා නොවී සිටීමට උත්සහා කලා. ඔහු Xian ට ඔහුගේ හිස තම පපුවේ තබා ගන්නට සලසා රථය පදවාගෙන යන්නට වුනා.
"ඉතින් දැන් A' Xian ට හම්බුනාද?"
Xian හිස ඔසවන්නේ නැතිවම ඔහුගේ Shirt button වලින් අදිමින් හිස දෙපසට වනන්නට වුනා. Yibo ඔහුගේ මුහුණ නොදැක වුනත් දන්නවා මේ වෙනකොට Xian හුරුබුහුටි ලෙස කම්මුල් පුම්බන් සිටින බවට.
YOU ARE READING
𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️
Fanfictionගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන...