sɪʟᴇɴᴛ ғᴀɪᴛʜ - 39

1.4K 271 37
                                    

“You have a special way of dealing with me and I’m sure you will always be there with me. You are my support on which I lean. When troubled times face me I’m secure because I have you, my angel.”

❁❁꧁❀꧂❁❁

තමන්ගේ අවට පරිසරය සීතල අඳුරු බව දැනී ටිකෙන් ටික ඔහු දෑස් අරින්නට උනා. තමන් සිටින්නේ කොහෙද කියා නම් ඔහුට අවබෝධයක් නැහැ. ඒත් තමන් ගේ නිවස තුලටම පැමිණ තමන් ව පැහැරගෙන ගිය බව මතක් වෙන විට.....

Zhan ගේ දෑස් ටිකෙන් ටික අවට පරිසරය හුරු වන විට ඔහු සිටින්නේ අඳුරු කාමරයක බව දකින්නට වුනා. පල් වුනු ලේ සුවඳ තම නාසයට දැනෙන විට තමන් සිටින තැන ගැන ඔහුට අවබෝධයක් දැනෙන්න උනා. තමන් සිටින්නේ vampire වරුන්ගේ ස්ථානයකයි. ඒත් ඇයි? මොකක්ද හේතුව?

Zhan ගේ දෑස් වලට කඳුළු උනන්නට වුනා. මේ සිදුවන කිසිවක් ඔහුට පැහැදිලි නැහැ. ඒත් ඔහුට දැන් ඕනි Yibo වයි. ඔහුගේ mate වයි. ඔහු මනසින් Yibo සම්බන්ධ කරගන්න බොහෝ සේ වෙහෙසුනා. ඒත් එය සාර්ථක උනේ නැහැ.

"Gege....ඔයා කොහෙද?"

ඔහු කඳුළු බේරෙන දෙනෙතින් සෙමින් මුමුණන්නට වුනා. Zhan ට බියක් දැනුනේ නැහැ. ඒත් ඔහුට ඔහුගේ mate ගේ තුරුලට ළං වෙන්නට මොළය කෑ ගසමින් ඉල්ලා සිටියා. ඒත් තම සිතුවිලි මැඩගෙන කඳුළු පිස දමා Zhan සිටි තැනින් නැගිට අවට පරිසරය දෙස හොඳින් බලන්නට පටන් ගත්තා.

ඔහු සිටියේ තරමක් අඳුරු උනත් ඉඩ තිබෙන කාමරයකයි. එහි එක් කොණක යකඩ කොකු විශාල ප්‍රමාණයක් බිත්තියට සවි කර තිබුනේ එහි අරමුණ හොඳින්ම තේරුම් කරමින්. ඒවා බිත්තියට වද දෙන පුද්ගලයාව එල්ලීමට යි. එම කාමරයේ කිසිම ජනේලයක් තිබුනේ නැහැ. ඒ වෙනුවට එහි ඉහලම කොනේ කුඩා කවුළුවක් වැනි යමකින් ආලෝකය ලැබෙන්නට තිබුනා. එක් කොණක විශාල පුටුවක් වැනි යමක් ද තිබුනා. Zhan තමන් වැටී සිටි තැනින් නැගිට ඇවිද යන්නට උත්සහා කරා. ඒත් ඔහුට එය කල නොහැකි වුනා. හිස පිටුපසට දැනෙන දැඩි වේදනාව නිසා ඔහු ආයෙම එක තැන ඉන්ඳවුනා. තමන් ගේ දෑස් දෙක නිලංකාර වෙන බව දැනී ඔහු සෙමින් දෑස් දෙක පියා ගත්තා. ඒත් මොහොතකින් තමන් ඉදිරියේ කුමක් හෝ තටු ගසන බව දැනී ඔහු සෙමින් දෑස් විවර කලා.

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️Où les histoires vivent. Découvrez maintenant