"Let us flip the coin and if it's heads, then I am yours. If it's tails, then you are mine. With this, no one would ever lose."
❁❁꧁❀꧂❁❁
"මම මේ කල්පනා කරෙත් ඔයාලා හිතපු දේවල් මයි. මගේ Bodi ගොඩක් වෙනස් කෙනෙක්...ඒත් මමත් දැනන් හිටියේ නැහැ, එයාට මේ තරම් soft වෙන්න පුලුවන් කියලා. ඒත් මට දෙයක් මතක් වුනා." Haikuan අනෙක් බාලයන් දෙදෙනා අසලින් අසුන් ගත්තා.
"අපිටත් කියන්නකෝ...අනේ...අනේ...."
ඔවුන් දෙදෙනා කුඩා ළමයි සේ ඇවිටිලි කරන්නට වුනා."ඇත්තටම ළමයි එයා පුංචි කාලේ ඉඳන් බලාපොරොත්තු වුනේ ඔය වගේ mate කෙනෙක් තමයි"
____මීට වසර කිහිපයකට පෙර____
"කේන්ති ගන්න එපා Bodi....ඔයා දන්නවනේ සමහර වෙලාවට හැමදේම වෙන්නේ හොඳට. ඔයාට ඔයාගේ mate ලැබෙයි." තමන්ගේ mate ගැන සිතා වද වෙන වයස අවුරුදු 14 ක් වයස කුඩා සහෝදරයාගේ හිස අතගාමින් Haikuan පවසන්නට වුනා.
"ඔයා හිතනවද?" ඔහුගේ සීතල කටහඬේ බලාපොරොත්තුවක් දකින්නට තිබුනා.
"අනිවාර්යයෙන්ම....ඔයා කැමතිම විදිහේ mate කෙනෙක්" Haikuan නැවත පැවසුවා.
"මට ඕනි චූටි බබෙක් වගේ හරිම පුංචි, හුරතල්, ලස්සන, මට ගොඩක් ආදරෙන් බලා ගන්න පුළුවන් පුළුං බෝලයක් වගේ soft කෙනෙක්ව"
Yibo ගේ වචනත් සමග එය ඔහුමද පැවසුවේ කියා විශ්වාස කර ගන්නට බැරිව Haikuan පුදුමයෙන් ඔහු දෙස බලන්නට වුනා.
"ඔයාට ඕනි පොඩි බබෙක්ද? mate කෙනෙක් නෙමෙයිද?"
"Mate කෙනෙක්...ඒත් පොඩි බබෙක් වගේ හුරතල් කෙනෙක්. මට හිතුනම එයාව හුරතල් කරන්න, එයාගේ cute හිනාව දකින්න, එයාගේ adorable voice එකෙන් කරන ඉවරයක් නැති කතාවල් අහන් ඉන්න. එයාව වඩා ගන්න. තව ගොඩක් දේවල් තියෙනවා" Yibo තමන්ගේ සිතුවිලි සමග ම සතුටු වෙමින් පවසන්නට වුනා. ඇත්තටම ඔහුට ඔහුගේ mate ගැන තිබුනේ අනෙක් කාටවත් ඔවුන් ගැන නොතිබුණු ආසාවන්. එය Haikuan ට පවා පුදුමයක් ගෙනාවා. ඔහු ඒ පුදුමය සමගම හිස දෙපසට වනන්නට වුනා.
DU LIEST GERADE
𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️
Fanfictionගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන...