"To find the sense of life is the blessing, but meeting the person who will become your world is even a bigger one. I am lucky to do this!"
❁❁꧁❀꧂❁❁
Xiyi නිවාස සංකීර්ණයේ Yibo ගේ apartment එක නැතිනම් penthahouse එකේ සිට Lan මන්දිරයට මාර්ග දෙකක් තිබුනා. එකක තිබුනේ සාමාන්‍ය දුරක් අනෙක ඒ වගේ තුන් ගුණයක් දුරයි. ඒත් Yibo හිතාමතාම දුර මාවත තෝරගත්තා. මේ මුලු ගමනම ඉතාම නිහඬ ගමනක් වුනා. ගමනේ දුරින් අඩක් වත් යන්නට නොදී නිහඬවම ජනේලයෙන් පිටත බලාගෙන සිටි Zhan seat belt එක ගලවා Yibo ගෙ උකුලට පැමිණ ඉඳගත්තා. ඔහු කිසිවක් පැවසුවේ නැහැ. ඒත් Zhan තුල තවමත් තමන් ඔහුව අතහැර යයි බවට තිබෙන බිය කැරකෙන බව Yibo ට තේරෙන්නට වුනේ අනෙකා ගේ කුඩා අත් දෙක සුදු පාට වන තෙක් ඔහු විටෙක තමන් ගේ Shirt එක තදින් අල්ලා ගන්නා විටයි.
Yibo සෙමින් තමන් කමිසය තද කර අල්ලාගෙන සිටින කුඩා අතේ පිට අත්ල දෙතොලට ළං කර සිපගන්නට වුනා. ඒ තුලින් ඔහු කියන්නට උත්සහා කරේ Zhan ට ඔහු වටා ඇති බිය අමතක කරන ලෙසයි. මොකද Yibo කීයටවත් Zhan ව අත හැර යන්නේ නැහැ. Yibo ගේ උනුසුම් දෙතොල් වල ස්පර්ශය සමග Zhan ගේ කුඩා ශරීරය ටිකෙන් ටික සැහැල්ලු වෙන්නට වුනා. තමන් ගේ ශරීරයේ ඇති වෙහෙසකර බව නිසා ඔහු තමන්ගේ ආරක්ෂිතම උණුහුමට ගුලි වී නිදන්නට පටන් ගත්තේ සැනසුනු සිනහවක් මූනේ ඇතිවයි.
"ඇති යන්තම්..."
Yibo ගෙ මුවෙන් සැහැල්ලු සුසුමක් පිට වුනා. Zhan ගේ බිය නිසා ඔහුද සිටියේ නොසන්සුන් වයි. ඔහුගේ මුහුණේ ඇති සැනසුම් භාවය දුටු විට Yibo ගෙ හදවතද සැහැල්ලු වෙන්නට වුනා.
ඔවුන් Lan මන්දිරය කරා පැමිණි පසු තම උකුල මත නිදා සිටින Zhan ගේ හුරුබුහුටි බව නිසා ඔහුව අවදි කරවීමට Yibo ට සිතුනේ නැහැ. ඒත් ඔවුන් ට බොහෝ දේ කතා කරන්නට තිබෙනවා. ඒ නිසා ඔහුව අවදි කරවිය යුතුයි. Yibo හරිම මෘදු කටහඬකින් සෙමින් අනෙකාව සොලවන්නට වුනා.
"Zhan...පැටියෝ...නැගිටින්න...."
"නාහා...." Zhan තව ටිකක් අනෙකාට තුරුලු වුනා.
"Zhanzhan...."
"........."
Yibo කිහිපවතාවක්ම උත්සහා කලා. ඒත් Zhan නෙමෙයි නැගිට්ටේ. ඔහු තව තවත් Yibo ගේ උණුහුමට ගුලි වෙන්නට වුනා. ඔවුන් දැන් Lan මන්දිර රථ ගාලේ රථය නවතාගෙන පැය භාගෙකටත් කිට්ටුයි. ඒත් Zhan තවමත් නැගිටින පාටක් නැහැ. අවසානයේ Yibo මද වේලාවක් පුංචි බබෙක් වගෙ නිදා සිටින ඔහුගේ mate දෙස බලා සිටියා. ඔහුව මදක් ඔසවා අනෙකාගේ යටි ලවන් පතට යට ඇති හුරුබුහුටි උපන් ලපය වෙත සෙමින් නැවුනා. ඔහු සෙමින් එය මත තම දිවෙන් තෙත් කරමින්, උරන්නට වුනා. මදකින් ඒ උපන් ලපය සෙමින් හැපුවා.
VOCÊ ESTÁ LENDO
𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️
Fanficගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන...