sɪʟᴇɴᴛ ғᴀɪᴛʜ - 16

1.5K 302 54
                                    

"Love is the emblem of eternity; it confounds all notion of time: effaces all memory of a beginning, all fear of an end"

❁❁꧁❀꧂❁❁

Wang Yibo සන්සුන් ලෙස කෑම මේසයේ අතුරුපස ගනිමින් සිටියා. වැඩිහිටියන්ට නොපෙනෙන ලෙස එකිනෙකා වෙතට ඉඟි බිඟි පාන සහෝදරයත් ඔහුගේ අනාගත බිරිඳ, තමන්ගේ තව ටික දවසකින් නෑනන්ඩිය වීමට නියමිත Yan Li වත් ඔහුගේ භාගෙට අඩවන් නෙත් කොනට අසු වුනත් ඔහු එය නොදැකපු ගානට සිටින්නට උත්සහා කරා. ඇත්තටම අද හෙට විවාහා වෙන්නට නියමිත දෙදෙනෙක් මේ දැන් ආදරයෙන් හමුවුනු තරුණ යුවලක් වගේ හැසිරීම බොළඳයි තමයි, ඒත් Yibo ට තමන්ගේ වැඩිමහල් සොහොයුරා ගැන විශාල සතුටක් දැනුනා. අනෙක් පසින් විවාහය ගැනත් එයට සම්බන්ධ විවිධ දේ ගැනත්, ආරාධිත අමුත්තන් ගැනත් වාද කරන වැඩිහිටියන් ගැනද වද නොවී එයට ඇහුම්කන් නොදී සිටීමට ද Yibo උත්සහා කරා. ඔහුගේ හිසේ තිබුනේ එකම එක ප්‍රශ්නයයි. ඇයි Xian පරක්කු? ඔහු ට අමුත්තක් දැනෙන්න වුනා. ඔහුගේ පුංචි Angel හොඳින් නෙමෙයි. මදකින් Qing Ming උඩ පැන පැන කෑම කාමරයට ඇතුළු වී ඔහුගේ අසුනේ ඉඳගත්තා.

"Gege කෝ Xian?" Yibo, Qing Ming සමග කතා බහා ට අකමැති නිසා ප්‍රේම ලෝකයක තනි වී සිටි තමන්ගේ වැඩිමල් සහෝදරයාගෙන් අසන්නට වුනා. Haikuan දඩි බිඩි ගා Yan Li ගේ අත අතහැර Qing Ming දෙසට හැරුණා.

"Qing Ming කෝ Xian?"

Ming පුදුමයෙන් තමන්ගේ ice cream පංගුව සමගම හැන්ද කටට දමාගෙන Haikuan දෙස බැලුවා. "මම හිතුවේ එයා ආවා කියලා. මම washroom එකෙන් එනකොටත් එයා එතනින් ගිහින් හිටියේ. මම හිතුවේ ආවා කියලා"

"කෝ මගේ Xian?" එවර Yibo ගේ කටහඬ තියුණු වුනා. "මම ඔයාට කිවුවා එයාව තනියෙන් දාලා කිසි දෙයක් කරන්න එපා කියලා." ඔහු කෑ ගැසුවා.

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.
𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️Opowieści tętniące życiem. Odkryj je teraz