🤍🤍RAVENGE LOVE 02 🤍🤍

1.6K 267 109
                                    

හවස් වරුව ගෙවිලා රාත්‍රිය උදා උන නිසා උල්සාන් වෙරල තීරය විදුලි බුබුළු එක පිට එක දැල්වුනේ වෙරලේ තියෙන ලස්සන තව වැඩි කරමින්.

මුහුදු හුලන් එක්ක මේ දර්ශනය එකට එකතු වෙනකොට අමුතුම ලස්සනක් තිබ්බා. ජන්ග්කුක් උල්සාන් වලින් පිට වෙන්න කලින් ආයෙත් පාරක් වෙරල දිහා බැලුවේ උල්සාන් වල ඉන්න අවසන් තප්පර කිහිපය හරි ටිකක් නිදහසින් විදගන්න හිතාගෙන ඒත් ඒ නිදහස ඇසිපිය ගහන සැනින් නැති උනේ ජන්ග්කුක් ගේ මනසම අවුල් ජාලාවක පටලවමින්

තමන් මේ ඇස් දෙකට දකින දේ ගැන ජන්ග්කුක් ට හරි හැටි විශ්වාසයක් තිබ්බේ නැති නිසාම ජන්ග්කුක් තමන්ගේම කම්මුලට ගහගත්තේ පියවි ලෝකේකට එන්න හිතාගෙන...

අන්දෙව් ඩෝල්....

ජන්ග්කුක් ට ඉබේටම කියවුනා මීට අවුරුදු 5 කට කලින් තමන්ගේ ඇස් ඉස්සර මිහිදන් කරපු ආදරේට අවුරුදු පහකට පස්සේ පන ඇවිත් වාගේ. ජන්ග්කුක් පිස්සුවෙන් වාගේ ඒ කෙනා දිහා බලාගෙන ඉන්න නිසා ජන්ග් වූ ත් ඒ පැත්ත බලලා ජන්ග්කුක් ගේ මුන බැලුවේ විශ්වාස කරන්න පුළුවන් වැඩක්ද මේ සිද්ද උනේ කියලා හිතමින්.

යා...ටේ යුන් ඔම්මාට කරදර කරන්න බෑ මන් උදෙන්ම ආවහම අර English වචන ටික පාඩම් ගන්නවා තේරුනාද.

පුංචි කොල්ලාගේ ඔලුව සිප අරගෙන ඔහු යන්න යනකොට ජන්ග්කුක් කෑ ගහලා ඔහුව නවත්ත ගත්තේ තමන් ජිවත් වෙලාද මැරිලා ද කියලා තහවුරු කරගන්න හිතාගෙන

යා.....කිම් ටේ හියුන් ...

ජන්ග්කුක් ට ඒ නම සම්පුර්ණයෙන් ම කියවුනා පුදුමයට කාරනාවක් උනේ ඒ නම කියනකොට අර දරුවාගේ පියා නැවතිලා ජන්ග්කුක් දිහා බලාගෙන හිටිය නිසා.

අන්දෙව් ඇයි මාව වේවලන්නේ.

ජන්ග්කුක් ඉක්මනින් ඔහුව හම්බෙන්න ගිහින් එකපාරටම ඔහුගේ අත අල්ල ගත්තේ ඇත්තටම මේ පන තියෙන මිනිහෙක්ද කියලා තහවුරු කරගන්න.

ඩො...ඩෝල්... මේ ඔයා ද..?

ජන්ග්කුක් ට වචන පිට උනේ නෑ ලීසා වාගේම ඇයගේ පුතුත් ජන්ග්කුක් දිහා වාගේම ටේ හියුන් දිහා මාරුවෙන් මාරුවට බැලුවේ කිසිම දෙයක් පැහැදිලි නැති නිසා.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Where stories live. Discover now