REVENGE LOVE 35

732 94 95
                                    

වාහනය පාර්ක් කරලා සන්ග්ලාස් දෙකත් ගලවලා කාර් එකෙන් බැස්ස යුන්ගි ගියේ එපාර්මට් එකේ ප්‍රදාන ලිෆ්ට් එකට නැගලා ෆොන් එක අතට ගත්තේ ජිමින් ට කොල් කරන්න.

හියොන් ..

ඔයා ගෙදර නේද ඉන්නේ ..

යුන්ගි ලිෆ්ට් එකෙන් බැහෙලා කොරිඩෝ එක දිගේ ඇවිදිමින් ජිමින් එක්ක කතා කරේ අමුතු හිනාවකුත් මූනේ මවාගෙන

ඔව් හියොන් මං මේ රෙදි වාගෙයක් තියෙනවා ඒ ටික වොශින් මැශින් එකට දාන ගමන් ඉන්නේ.

ජිමින් රෙදි බකට් එකක් තියාගෙන එකින් එක රෙදි තෝරමින් වොශින් මැශින් එකට දානකොට ජිමින් එකපාරටම පිටිපස්ස හැරුනේ ගෙදර බෙල් එක නාද උන නිසා

කව්ද මේ වේලාවේ

යුන්ගි එක්කම ෆොන් ලයින් එකේ ඉදන් ජිමින් කල්පනා කරනකොට යුන්ගි උත්තර දුන්නේ තොලත් හපාගෙන

මගෙන් අහන්නේ ගිහින් බලන්න ජිමින්

රෙදි ටිකක් පැත්තකින් තියලා ජිමින් දොර ලගට ගිහින් කැමරා එක ඔන් කරනකොට ජිමින් ට හිනා ගියේ යුන්ගි කැමරාව ට අත වනන නිසා

හියොන් ඔයානම්..

දොර ඇරගෙන ජිමින් යුන්ගි ව බදාගන්නකොට යුන්ගි ෆොන් එක කෝට් එකට දාගෙන ජිමින් ගේ නලල සිප අරන් ජිමින් ව තුරුලු කරගත්තේ කියා ගන්න බැරි තරම් ආදරයකින්.

ඔයාව පුදුම කරන්න හිතුනා ජිමින්

බලන්න මගේ හැටි කලින් කිව්වානම් මං ලෑස්ති වෙලා

ජිමින් ඉතුරු වචන ටික කියලා ඉවර කරන්න කලින් ම එකපාරටම යුන්ගි ගේ ඇගෙන් ඈත් වෙලා තමන් දිහා බලලා යුන්ගි දිහාවට ඇස් යොමු කරේ තරමක් ලැජ්ජාවෙන්

අනේ හියොන් මගේ ඇදුම් වල වතුර දැන් ඔයාගේ ඇගෙත් අනේ මියානේ

කම්මුල් දෙකත් රතු කරගෙන ජිමින් සමාවෙන්න ඉල්ලනකොට යුන්ගි එකපාරටම ජිමින් ව ආයේ තුරුලු කරගත්තේ තරමක් කේන්තියෙන්

මාව කේන්ති ගස්සන්නද හදන්නේ ආ විකාර නැතුව මෙන්න මෙහේ එන්න.

යුන්ගි ජිමින් ව තුරුලු කරගෙන ම දොර වහගෙන ගේ ඇතුලට යනකොට ජිමින් පොඩි ලමෙක් වාගේ යුන්ගි ගේ ඇගෙන් එහාට උනේ ඇස් වලින් යුන්ගි එක්ක හිනා වෙමින්.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Donde viven las historias. Descúbrelo ahora