🤍🤍RAVENGE LOVE 03 🤍🤍

1.4K 244 103
                                    

අධි සුපෝප බෝගී කාමරයක ටේ හියුන් ඇදක වැතිරිලා හිටියේ තමන්ට සිහිය නැති නිසා. ජන්ග්කුක් ටිකක් වෙලා බලාගෙන ටේ දිහා බලාගෙන ඉදලා බැටන් පොල්ලක් අරන් ජන්ග්වූ ගේ දණ හිසට දරුණු පහරක් එල්ල කරේ ටේ හියුන් ව සිහි නැති කරලා ගේනාව නිසා.

තොට කිව්වා නේද අතක්වත් ඒ ඇගට තියන්න එපා කියලා.

චෙසෝහම්මිනිදා බොස් ටේ හියුන් සර් හැදුවේ එතන කලබලයක් කරන්න.

දණහිසත් අල්ලගෙන වේදනාවන් ජන්ග්වූ උත්තර දෙනකොට ජන්ග්කුක් ඇද ලගින් වාඩි වෙලා ටේ හියුන් දිහා බලාගෙන හිටියේ සිහිය ආවෙන් පස්සේ ටේ මොනවා කරයිද කියලා හිතමින්.

සිහිය එන්න තව කොච්චර වෙලා යයිද.

තව පැය බාගයක් ඇතුලට වාගේ ටේ හියුන් සර් ට අනිවාර්යයෙන් සිහිය එයී

හරි මෙතනින් පලයන්

ජන්ග්කුක් ටේ හියුන් ගේ නලලට වැටිලා තියෙන කොන්ඩේ අත ගමන් ජන්ග්වූ ට කියනකොට ජන්ග්වූ ආචාර කරලා කකුල අල්ලගෙන වේදනාවන් එතනින් ගියේ බෙහෙත් ටිකක් දාගන්න.

ටේ හියුන් යන්තමින් ඇස් ඇරලා වටපිට බලනකොට ටේ හියුන් පුදුම උනේ කියා ගන්න බැරි තරම් ලස්සන කාමරේක ඇදකට වෙලා තමන් මොකද කරන්නේ කියලා කල්පනා කරමින්.

අමාරුවෙන් ඔලුවත් අල්ලගෙන ටේ හියුන් නැගිටින්න උත්සාහ කරනකොට ටේ හියුන් ව ආයෙත් ඇදේම ඉන්දවුනේ තමන් ඉදිරියේ ජන්ග්කුක් ඉන්න නිසා.

හොදට නින්ද ගියාද මගේ ඩෝල් ට.

ජන්ග්කුක් ටේ ගෙන් අහනකොට ටේ හියුන් ව කේන්තියෙන් වේවලන ගත්තේ මේ වෙලාවේ මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව.

ඇත්තටම තමුසේට පිස්සු ද මනුස්සයෝ

ඔව් මට පිස්සු අවුරුදු පහකට කලින් මගේ නැති උන ආදරේ ආයෙත් පන පිටින් ඉන්නකොට මට පිස්සු හැදෙන එක සාධාරණ නැද්ද කියනවා.

ජන්ග්කුක් තමන් වාඩි වෙලා හිටිය පුටුවත් පොලේ ගහලා ටේ ලගට එනකොට ටේ හියුන් ටිකක් ගැස්සුනේ ජන්ග්කුක් ට කේන්ති ගියා කියලා තේරුන නිසා.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)حيث تعيش القصص. اكتشف الآن