🤍🤍REVENGE LOVE 26 🤍🤍

781 149 132
                                    

මගේ අම්මාටත් ටික ටික සනීප උනා ටේ හියුන් ටත් සාමාන්‍ය විදිහට එයාගේ වැඩ ටික කරන්න පුලුවන් උනා. සල්ලි නැති උනත් මට සැනසිමෙන් ඉන්න පුලුවන් උනා ඒත්..... ජන්ග්කුක් ශී .......

ලීසා පපුව අල්ලගෙන අමාරුවෙන් කතා කරත් කිසිම හිතක් පපුවක් නැතුව ජන්ග්කුක් ලීසා ට කිව්වේ දිගටම කතා කරන්න කියලා

මගේ අතින් මැරෙන්න ආස නැත්තම් දිගටම කතාව කියපන් ලීසා..

ම....මට මට වතුර ටිකක්..

ලීසා පපුවට අල්ලගෙන ජන්ග්කුක් ගෙන් වතුර ඉල්ලලා ආයාචනා කරනකොට ජන්ග්කුක් නැගිටලා ගිහින් වතුර විදුරුවක් ලීසා අරන් මේසේ උඩින් තියලා ටිකක් වෙලා ලීසා දිහා බලාගෙන හිටියේ ලීසා සාමාන්‍ය තත්වයට එනකම්

කම්සාහම්මිනිදා ජන්ග්කුක් ශී..

ලීසා වතුර ටික බිලා ජන්ග්කුක් ට ආචාර කරනකොට ජන්ග්වූ ඇවිත් ආචාර කරලා ටිකක් එහාට වෙලා වාඩි උනේ තාමත් මේ සංවාදය ඉවර නැති නිසා

කියපන් ලීසා මට තවත් ඉවසන්න බෑ.

ජන්ග්කුක් කේන්තියෙන් ලීසා දිහා බලනකොට ජන්ග්වූ පවා ලීසා දිහා බැලුවේ ලිසා ගේ ජිවිතේ අද ජන්ග්කුක් ගේ අතේ රැදිලා තියෙන නිසා

මේ ප්‍රශ්න තිබුනත් මගේ ජිවිතේ මට සාපයක් උනේ මීට අවුරුදු හතරක කලින් .....

FLACKBACK

ටේ හියුන් මිදුලට වෙලා මල් පැල වාගෙයක් පැල කර කර ඉන්නකොට ලීසා කෝපි එකක් හදාගෙන ඇවිත් ටේ හියුන් ට දිලා බංකුවෙන් වාඩි උනේ වෙනදාට නොදැනෙන විදිහේ වේදනවක් අද දැනෙන නිසා

ලීසා ක්වින්චානා

අනියෝ... ටේ හියුන් ශී ඊයේ ඉදන් මට කලන්තේට වාගේ ඇගට පන නෑ

ලීසා ඔලුවත් අල්ලගෙන ඇස් පියාගන්නකොට ටේ හියුන් අතේ තියෙන පස් ටික ඇදුමෙන් පිහදලා ඉක්මනින් ලීසා ලගට දුවගෙන ගියේ ලීසා ව ඇදගෙන වැටෙන ගිය නිසා

යා....ලීසා..

ලීසා ගේ අම්මේ ඉක්මනින් වතුර ටිකක් අරන් එන්න.

වැටෙන්න නොදි ලීසා ව අල්ල ගත්ත ටේ ඉක්මනින් ලීසා ගේ මවට කතා කරේ වතුර ටිකක් ගේන්න කියලා

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Where stories live. Discover now