🤍🤍 RAVENGE LOVE 20 🤍🤍

1K 189 45
                                    

ටේ හියුන් ඔප්පා ඔයා රුම් එකේද ඉන්නේ.

ඈනා දොරට තට්ටුවක් දලා කාමරේ ඇතුලට යනකොට ටේ හියුන් හිටියේ බැල්කනී එකට වෙලා සෑදෑ අහසේ සුන්දරත්වය විදිමින්.

ම්හ්..ටේ ඔප්පා..

උගුර පාදන ගමන් ඈනා ටේ දිහා බලනකොට ටේ හියුන් යන්තමින් හිනා වෙලා ආයෙත් අහස දිහා බැලුවේ තමන්ගේ හිතට දැනෙන පාලුව මග හරවාගන්න.

අද අහස හරි පැහැදිලියි නේද.

හ්ම්ම් ඔව් ඔප්පා

ටේ හියුන් ඈනා දිහා බලලා හිනා වෙනකොට ඈනාත් යන්තමින් හිනා උනේ ටේ මොන තරම් දුරක් දරාගෙන හිටියාත් පොඩි දේකින් හරි ඒ මුහුනේ හරි අපූරුවට අව්‍යාජ සිහිනවකින් තමන්ව සනස ගන්න හැටි දැකලා පුදුම වෙලා.

ඔප්පා අද දවසත් හොද නිසා අපි ටිකක් එලියට යමුද.

මොකක් .

ජන්ග්කුක් බොස් ජන්ග්වූ එක්ක පොඩි වැඩකට සෝල් වලින් ටිකක් දුරකට ගියා නම්ජුන් බොස් යුන්ගි බොස් දෙන්නාත් මන් හිතන්නේ ජන්ග්කුක් බොස් එක්ක  ගියා.

ඒත් ඈනා එලියට යන්න කොහොමද ජන්ග්කුක් දැනගත්තොත්

ජිවිතේ විදින්න ආසයි නම් අවදානමක් ගන්නම වෙනවා ඔප්පා. බය වෙන්න එපා අපි රෑ වෙන්න කලින් එමු

ටිකක් වෙලා පුදුමෙන් වාගේ බලාගෙන ටේහියුන් කල්පනා කරනකොට ඈනා ඇහි බැමක් ඉස්සුවේ ටේ හියුන් ගේ තීරණය දැනගන්න.

විශ්වාසද ජන්ග්කුක් අද එන්නේ නැද්ද.

ටේ හියුන් ස්තීර වශයෙන් ම අහනකොට ඈනා තමන්ගේ පොන් එක ටේ හියුන් ට පෙන්නුවේ ජන්ග්කුක් ඒව්ව කෙටි පනිවිඩක් ටේ ට පෙන්වමින්.

I will be late today.  Call me soon if there is any problem

මාත් කැමති නෑ අඩු වයසින් විරූපි වෙලා මැරෙන්න ඔප්පා. විශ්වාසෙන් කියන්නේ ජන්ග්කුක් බොස් මුකුත් දැනගන්නේ නෑ අනික දැනගන්න මන් ඉඩ තියන්නෙත් නෑ

ඈනා ගේ වචන ගැන ලොකු  විශ්වාසයක් ටේ හියුන් ට තියෙනවා තමන් හොයන නිදහස ජන්ග්කුක් ට හොරෙන් හරි ටේ හියුන් විදින්න තීරණය කරේ තවත් මේ ගෙදර මෙහෙම කොටුවෙලා ඉන්න කොට තමන්ගේ හිතට ගොඩක් ලොකු මානසික පීඩනයක් ඇති වෙන නිසා .

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ