🤍🤍REVENGE LOVE 25 🤍🤍

707 157 113
                                    

මේහේ ද දැන් පදිංචි වෙලා ඉන්නේ.

ජන්ග්කුක් පුදුමයෙන් වාගේ ලීසාගෙන් ප්‍රශ්න කරනකොට ජන්ග්වූ ලීසා දිහා බලලා බිම බලාගත්තේ ලීසා ගැන අනුකාම්පාවෙන්.

මගේ අම්මා නැති උනා ජන්ග්කුක් ශී.. ඉතින් මටයි දරුවාටයි මේහෙම ඉන්න පුලුවන්

කදුලු පිරුන දෑස් වලින් ජන්ග්කුක් දිහා බලපු ලීසා තමන්ව දරුවාව තුරුලු කරගන්නකොට ජන්ග්කුක් මුකුත් නොකියා හිටියේ ලීසා ගේ අසරණ කම තේරුම් ගනිමින්.

ජන්ග්කුක් ශී කැමතිනම් ගේ ඇතුලට යමු.

ලීසා අහින්සක විදියට ජන්ග්කුක් ට කියනකොට ජන්ග්කුක් යන්තමින් ලීසා එක්ක හිනා වෙලා ඇතුලට ගියේ ලීසා ජිවත් වෙන විදිහ හිතාගන්න බැරුව.

ඇත්තටම ලීසා හිටියේ පොඩි කාමරයක ගෙදර බඩු ටේ යුන්ග් ගේ පොත් ඇද ඇතිරිලි වාගේම නොයෙකුත් බඩු නිසා මුලු කාමරයම පිරිලා

ඒ වාගේම වැස්සට සමහර තැන් තෙමෙන නිසා ඒ තැන් වලට පොඩි පොඩි භාජන තියලා තිබ්බ හැට් දැක්ක ජන්ග්කුක් තේරුම් ගත්තා ලීසා වාගේම ටේ යුන්ග් ඉන්නේ මොන වාගේ තත්වයකින් ද කියලා .

චෙසෝහම්ම්නිදා ජන්ග්කුක් ශී..

ලීසා ඉක්මනින් ඇද ඇතිරිලි ටික අයින් කරලා පුටු දෙකක් හොයනකොට ජන්ග්කුක් ලීසා ගේ අතින් අල්ලලා නැවැත්තුවේ ඒ දේවල් අවශ්‍ය නෑ කියන්න වාගේ.

අපි බිම වාඩි වෙන්නම්.

ජන්ග්කුක් සපත්තු දෙක ගලවලා ඇද ඇතිරිල උඩ වාඩි වෙනකොට ජන්ග්වූ ත් සපත්තු මේස් ගලවලා ටිකක් එහායින් වෙන්න බිම වාඩි උනේ ලීසා ව අපහසුවට පත් කරන්න උවමනාවක් නැති නිසා.

ජන්ග්කුක් ශී ජන්ග්වූ චෙසෝහම්ම්නිදා

ප්‍රශ්නයක් නෑ ඔයාත් වාඩි වෙන්න.

ජන්ග්කුක් අත දික් කරලා ලීසාට තමන් ඉදිරියේන් වාඩි වෙන්න කියනකොට ලීසා ජන්ග්කුක් දිහා නොබලා බිම බලාගෙන වාඩි උනේ තරමක් බයෙන්.

ජන්ග්වූ ..

ජන්ග්කුක් බොස්..

ටේ යුන්ග් ව එක්කගෙන ටිකක් ඇවිදින්න යන්න එයා ආස කෑම ජාති එහෙම අරන් දෙන්න.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Onde histórias criam vida. Descubra agora