හොප්කූක් ලගෙන් බේරෙන්න චීන මහාප්‍රාකාරෙ වගේ තාප්පෙන් පැන්න පාර ටේහ්‍යුන් නම් ගිහිල්ලා පැත්තකට විසික් උනා.තණකොළ ගොඩක් උඩට වැටුනු නිසා ලොකු අවුලක් නම් උනේ නෑ..
අනේ අහින්සක ජිමිනා..... වෙලාවෙ හැටි තමා ඉතිම්.ඒ තාප්පෙන් එහා පැත්තෙ තිබ්බ පුන්චි ගෙදර අයිතිකාරයා ඒ වෙලාවෙ තීන්ත ගගා ඉඳලා තියන්නෙ.
ජිමින් පැරෂූට් එකක් වගේ ඇවිල්ලා අර අහින්සකයාගෙ ඇග උඩටම වැටුනා.ටේහ්‍යුන්ට ඔක්කොම අස්සෙ රොමෑන්ටික් ෆිල්ම් එකක් බලන්න දීලා ජිමින් අර මනුස්සයගෙ ඇග උඩ ඉන්නකොට තීන්ත බාල්දිය කරනමක් ගහල ඇවිල්ල කපල් එක නෑව්වා.
ඉන්න තැන අමතක වෙච්ච මීන්වයිල් ටෙයියා:-මොනාද පේන්ට්ස් ගෑවාම නෝනත් ලස්සනයි ගේත් ආ නෑ නෑ.....හ්‍යුනුත් ලස්සනයි ජිමත් ලස්සනයි කිව්වලූ....චිත්‍රයක් වගෙ අප්පා.....
ටේහ්‍යුන් ගෙ සද්දෙට සිහියට ආපු ඒ මනුස්සයා ජිමින්ව තල්ලු කරල දාල නැගිටලා කෑගහන්න පටන් ගත්තා.
🐱:ඒයි තමුන්ල කවුද.....පිස්සු හැදිලද අනුන් ගෙ තාප්ප වලින් පනින්නෙ ආ...බලනවා මගෙ ඇදුම් ඔක්කොම ඉවරයි ශිට්...තීන්ත එකත් අපරාදෙ.මෝඩ යක්කු...
🐯:අනේ සොරි හියුන් අපිට කරදරයක් උනා...නපුරු කොල්ලො දෙන්නෙක් අපිව ෆලෝ කලා.අහු උනානම් ඉවරයි..යන්න තැනක් තිබ්බෙ නෑ. ඒකයි පැන්නෙ.සොරී....
ඒ හියුන් කොච්චර සැර උනත් ඉක්මනට හිත උනු වෙනවා...හැබැයි ජිමින් තීන්ත නාගෙන ඉන්න විදිහ දැකලා ටිකක් වැඩිපුර උණු උනාදත් මන්දා.
🐱:ආහ්..එහෙමද...ඒක තමයි...බැලුවාම ඔය දෙන්නෙග කොහොමත් එහෙම නරක පාටක් පේන්නෙ නෑ...කමක් නෑ. මං යූංගි..ඔයාල කැමති නම් අපිට පුලුවන් යාලුවො වෙන්න....
YOU ARE READING
IT IS LOVE [[TAEKOOK]]
Fanfiction"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම...