සුල්ලි ගොඩක් අමාරුවෙන් කෑගහන නිසා මින්හෝ විනාඩියක් වත් හිතන්නෙ නැතිව එයාව ලගම තියන hospital එකට අරන් ආවා.....
ඒ අතරෙ ජංකූක් ටේහ්‍යුන්ව අරන් උදව්වට යන මිනිස්සු එක්ක අර කිව්ව ගුරුතුමාව හොයන් යන්න මින්හො කිව්ව location එකට යන ගමන් හිටියා....සුල්ලි කෑගහන තරමටම ටේහ්‍යුන්උත් කෑගහන එක නැවැත්තුවෙ නෑ...ජංකූක් මේ එක පාරට උන දේ හිතා ගන්න බැරිව ටේහ්‍යුන්ව තදින් බදාගෙන කල්පනා කලේ ගුරුතුමා ලග හැමදේටම උත්තර තියෙන්න කියලයි......
ටේහ්‍යුන් දිගටම කෑගහන්නත් දගලන්නත් ගත්තා ....
🐯. මට එයා ගාවට යන්න දියව්ව්ව්ව්ව්ව්.....මට දැනෙනවා.....එයා ඉන්නවා........අතෑරපම්......යන්න දියාම්........
ටික වෙලාවක් ඔහොම කෑගහලා ටිකෙන් ටික ඒ පලාතෙන් ඈතට යද්දි ටේහ්‍යුන් ක්‍රමයෙන් අඩපන වෙලා සිහි නැතිව ජංකූක්ගෙ ඔඩොක්කුවටම වැටුනා........
..........................................
ඔය විදිහට සෑහෙන වෙලාවක්......ඒ කියන්නෙ පැය ගානක් ඇවිල්ලා ඇවිල්ලා පාන්දර වෙනකොට යාන්තම් එලිය වැටීගෙන එනකොට අර කිව්ව තැනට එන්න ජංකූක්ටත් සගයො දෙන්නටත් පුලුවන් උනා........
මහා මූසල කැලයක් වගේ පලාතක තව දුරටත් වාහනෙන් යන්න බැරි බව තේරෙද්දි drive කරන් ආපු කෙනා අයිනකින් වාහනේ නතර කලා .
ඊට පස්සෙ සිහි නැතිව හිටපු ටේහ්‍යුන් වඩාගෙන ජංකූක් පරිස්සමින් අඩි තිබ්බෙ උදව්වට ආපු දෙන්නා ඉස්සරහින් යද්දි...
පාන්දර වෙලත් සාමාන්‍යයෙන් රෑට කෑගහන චූටි චූටි සත්තු මහ ගුප්ත විදිහට කෑගහද්දි......තැනින් තැන මතුවෙලා තනකොල වලින් වැහිලා තියන දිය පාරවල් වල අමුතු සද්දෙ ඇහෙද්දි .....රෑ ගිය ගමනෙ අතරමං වෙච්ච වවුල්ලු ගස් අත්තක වැදිලා ආපහු යද්දි......සීතල හුලගක් මහ කැලේ මැදින් මැදින් හමද්දි...බැහැගෙන යන හද ලා සුදු පාටට ගස් අස්සෙන් පෙනෙද්දි......ඒ අලුයම් කලුවරේ එයාලා ටෝච් පත්තු කරන් හිමින් හිමින් ලං උනේ පුන්චි ගල් කෑලි ටිකකින් වට උනු...රූස්ස ගස් පොඩ්ඩක් අඩු තැනිතලා බිමකට.........
YOU ARE READING
IT IS LOVE [[TAEKOOK]]
Fanfiction"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම...