ජීවිතේ පලවෙනි වතාවට ලස්සන ෆීල් එකකින් දෙයක් කරන්න ගියාම ඒකත් කඩාකප්පල් උනු නිසා ජංකූක්ට කේන්තිත් නොගියාම නෙවේ.
🐰:අහ්හ් ඒක වැදක් නැහැ ටේ..අර මනුස්සය එක්ක ෆයිට් කරද්දි...
🐯:ඇයි වැඩක් නැත්තෙ...එන්න මේකට දැන්වත් බෙහෙත් දාමු.
රොමෑන්ටික් මූඩ් එක පාර්ලිමේන්තුවට දාලා ජංකූක්වත් ඇදන් ගිහින් තුවාලෙ හෝදපු ටෙහ්‍යුන් අමාරුවෙන් ෆ්‍රස්ට් ඓයිඩ් බොක්ස් එකක් හොයාගෙන තුවාලෙට බෙහෙත් දැම්මා....
🐰:ටේ...දැන් අපි මොකද කරන්නෙ...මේ පැත්ත අපි දන්නෙත් නෑ...මේ ගෙයින් එළියට ගියොත් උන්ට අහු වෙයි.
🐯:ඒක තමයි කුක්කො අපේ ගෙවල් වලට පණිවිඩයක් දීගන්නවත් තිබ්බ නම්..
🐰:එහෙ තත්වෙ කොහොමද දන්නෙත් නැහැනෙ. එයාල අපිව හොයන්න ආවෙත් නැත්තෙ..එයාල හිතුවද දන්නෙ නෑ අපි එදා බ්ලාස්ට් එකට අහු උනා කියල.
🐯:ඒකත් ඇත්ත. හැබැයි ඒක එහෙම නම් අපිට මෙහෙම එක පාරට ගෙදර යන්න බැහැ...ඒත් මෙහෙ ඉන්නත් බැහැ....
🐰:හ්ම්ම්ම්ම්..මේ සීරියස් දෙයක් කියන්නද ..ඒක මේ හැම දේටම වඩා වැදගත්.
එච්චර වදගත් මොකද්ද කියල ටේහ්‍යුන් ගැස්සිලා ජංකූක් දිහා බැලුවා.
🐯:මො....මොහ්... මොකද්ද??
🐰:මට බඩගිනියි.
🐯:යා............බූරු කුක්කා.....
ලග තිබුනු කතුරක් පාවෙලා එනවත් එක්කම ජංකූක් එහාට පැනලා ජීවිතේ බේර ගත්තා
ඒත් එක්කම තමංගෙ බඩත් ආහාර අර්බුදයක කියල තේරුම් ගත්ත ටේහ්‍යුන් ගෙ ඔලුවට නියම අදහසක් ආවා...
🐯:යේ....අයිඩියා.....
🐰:අම්මෝ...අර මගෙයි හොබ්බගෙයි කලිසමේ පස්ස නැති කලා වගේ අයිදියා එකක්ද?
🐯:අනේ ඉතීම්ම්ම්ම්ම්
🐰:හරි හරි හිනා වෙන්නෙ නෑ කියන්නකෝ...බඩගිනියි අනේ ඔයාව හරි කනව දැන්නම්...
හී හී ගාල කුප්ප හිනාවක් දාපු ටේහ්‍යුන් ඒ ගෙදර ඇතුලෙ එහෙතයි මෙහෙටයි ඇවිදලා බඩු ටිකක් හොයාගෙන ආවා.
YOU ARE READING
IT IS LOVE [[TAEKOOK]]
Fanfiction"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම...