අනේ දෙවියනී !මේ ඇමේසන් එහෙම නෙවෙයි කියලා සුවර් නේත?මේ හරියට පේන විදිහට හෙන කැළෑවක් නේ!
පස්සුද, බිම්ස්.ඇමේසන් නෙවෙයි කියලා ඔයා දන්නවනේ!මෝල් ගහ,උඩ පැනගෙන ආවට මොකද, දැන් බය වෙලාද ,ඈතට පේන කැළෑව දැකලා?!
අනේ යනවා යන්න කෝඩී....මම එහෙම බය නෑ.....හුම්!
අපේ ගමන ආරම්භ කරන්න VIP ජෙට් එකට නැග්ග වෙලාවෙ ඉදන් කියවලා,ඒත් මදි වගේ තවත් කියවනවා.එමදිවට බොරු දෙවල් වලට රන්ඩු වෙනවා.අනේ මන්දා යහතින් බැහැ ගන්න පුලුවන් වෙයිද කියලා!.
අනේ!නවත්ත ගන්නවල ඔය රන්ඩු කිරිල්ල,කෝඩි,බිම්ස් මම ඔය දෙන්නට කියන්නේ!
හ්අ...ඔය තියෙන්නෙ.කෑවයි..!හොඳ වැඩෙ.මම පොඩ්ඩක් ඒ දෙන්නට සද්දයක් දාන්න යන්න කලින් අපෙ ඔස්කා වැඩේට බැස්සා.සපෝට් එකක් දෙන්න එපෑ.
ඒක තමයි.නැග්ග වෙලාවේ ඉදන් කච කචේ!දැන්වත් කටවල් වහගෙන හිටපල්ලකෝ!අර බලන්නකෝ...පහළින් මුහුද පේන ලස්සන!පිස්සු හැදෙනවා.මොකද කියන්නෙ දාමුද පහළට jump එකක්...කේශෝ...
ඔයාට පිස්සු හැදුනට මට පිස්සු නෑනේ ඩාර්ලිං....ඔයා කැමති නම් පනින්න...
කේශෝ මාව කපලම දැම්මා.(මෙකිව අමුවෙන් කනවද,රෝස් කරලා කනවද කියලා මට හිතාගන්න බැරි උනා.අනික ඉතින් මම හරක් මස් කන්නෙ නෑනේ.ඒනිසා මම එ අදහස අතැරියා.)මම සැන්ඩි දිහා බැලුවෙ එයත් එක්ක කතාවක් දාන්න.කොහෙද!එකී හොදට නිදි,කෙල පෙරාගෙන.එහෙනම් ලක්z යගෙ පැත්ත බලමු.හඅ...මම කතා කරන්න හදද්දී එයා කතා කළා.
මේ....කේශෝ වියෝට පනින්න කියලා කියන්නවත් එපා! ඔයාට මතක නැද්ද collage trip එකේදි වෙච්ච දේ ආආ...
අපොයි...මට සිරාවට ඒක අමතක් උනා!.අනේ වියෝ බබෝ පනින්න එපා..හරිද?
මොකද්ද, මොකද්ද ??collage trip එක....ආආආ...මම කරපු ලස්සන වැඩක් ගැනනෙ ඔය කියන්නෙ!.මෙහෙමයි ඒක ,උනේ අපි සෙට් එක, එක collage එකකනේ.ඉතින් අපි අන්තිම වසරෙ ඉන්නකොට අපි trip එකක් එකගෙන ගියා.අපි ගියේ නැවක.මාර ලස්සනට නැවේ යද්දි මුහුද පෙනවනේ,හරිම ළඟින් .ඉතින් නැව් තට්ටුවේ උඩට වෙලා ඉද්දි,මට හිතුනා පොඩ්ඩක් මගේ ආදරනීය පොසෙයිඩන්ව බලන්න මුහුදට පනින්න.කප්පිත්තට පොඩ්ඩක් නැව slow කරන්න කියලා මම මූදට පැන්නා.සද්දෙ ඇහුනද මන්දා,මම ආතල් එකේ පීන පීන ඉද්දි ලක්z තමයි මුලින්ම මාව දැක්කෙ.එයා කැගැහුවම එයාට කරදරයක් ද කියලා හිතලා මම නැව් කඹේ දිගේ පහළට ආව විදිහට උඩට නැග්ගා...ඊට පස්සේ හැමෝම මට කෑහැහුවෙ මං වැරැද්දක් කළා වගේ.අනේ මන්දා?කොහොම හරි ලක්z ඔය ගැන තමයි මතක් කළේ.
YOU ARE READING
WINGS ||Complete||
Fantasyමොකද්ද මේ වෙන්නේ මට හිතා ගන්න බෑ ...මල්ලී. ..... දෙයියනේ කවුද ඒ බෙරිහන් දෙන්නේ -Lakz- ආආආආ....හාඅහා..ආආආ..ආආ.. ඔයා මොකද ඔය පැත්ත විතරක් දැන් ගොඩ වෙලාවක් ඉදන් බලන් ඉන්නේ JK ... ආආ...නෑ ..හෙයොන් මොකුත් න...