රහස් හෙළි උනා.(Like last one but..)

26 4 37
                                    

ඉහිම් කතාව මතක නැත්නම් ආයි කියවලා එන්න ළමයි 😁 මාත් එහෙමයි කලේ 🙂😁❤️

.......................................................................
Still last night Jin's pov (in his bedroom ) Time - 2.00 a.m.

මට එකපාරටම ඇහැරුනේ ඇයි කියලා හිතා ගන්න බැහැ.සද්දයක් ඇහුනද මන්දා.මම එහෙම්ම බැලුවේ බෙඩ් එක ඉස්සරහා බිත්තියේ ගහලා තිබ්බ ඔරලෝසුව දිහා වෙලාව පාන්දර දෙකයි! දෙයියනේ! ආයිශ්! වෙලාව බලපු මම ආයෙම බෙඩ්ශීට් එක පොරවගෙන නිදා ගන්න හැදුවත් දෙකහමාරත් වෙලා මට නිද්ද ගියේ නැති නිසා සයිඩ් ස්ටැන්ඩ් එකේ තිබ්බ ෆොන් එක අතට ගත්තා.ඔෆ් කරලා තිබ්බ ෆොන් එක ඔන් කලා විතරයි ජුන්ගෙන් කෝල් එකක්! මුන්ට ඉව තියනවද මන්දා 😄 ලාවට හිනාවෙන ගමන් මම ෆොන් එක ආන්සර් කලා.

"හෙයෝන්!"

"මොකෝ ජුන් මේ පාන්දර"

"මේ....අපිට නින්ද යන්නේ නැහැ හෙයොන්..."

"කවුද අපි කිව්වේ ජුන් ?"

"අපි...."

ඊට පස්සේ මට ඇහුණේ පොර බඳින සද්දයක්.යකෝ මෙකා කොහෙ ඉදන් මොනා කරනවද මන්දා?

"යායා හෙයොන් ඔයාට දැන් අපි කිව්වම වෙන කාවද මතක් වෙන්නේ ඈ!! "

මට ඇහුණේ ජන්කුකාගේ ටකරං කටේ සද්දේ.එකාගේ කෑගැහිල්ලේ තරම කොච්චරද කියනව නම් මම ඉක්මනට ෆොන් එක මගේ කනෙන් ටිකක් එහාට කලා.

"යායා අඩු වයසින් මාව බීරි කොල්ලෙක් කරන්නද හදන්නේ පොඩි එකෝ!"

මාත් සක්න්ඩ් වෙනද ආර්මි? නෑ කොහෙත්ම නෑ ! මම පොඩි එකාට නොදෙවෙනි වෙන්න කෑ ගැහුවේ මගේ අති සුන්දර හඬින්.

"හම්මෝ හෙයොන්! තව ටිකක් හයියෙන් කියන්න තිබ්බේ! රූම් එක සවුන්ඩ් පෘෆ් නිසා හොදයි! නැත්නම් අර කෙල්ලෝ ටිකත් ඇහැරෙන්න තිබ්බා"

ඒ පාර මට ඇහුණේ යුන්ගියගේ කටහඩ මුන් ඔක්කොම එකට නිදි මරනවද?

"යාහ් තොපි ඔක්කොම එකටද ඉන්නේ?"

"ඔව්,හෙයෝන් ඒක තමයි ඔයාටත් කතා කලේ එන්න කියන්න.අපි ප්ලෑනක් ගහගන්න එපෑ!"

ආයි ඒපාර අර තාර පැටියා.

"එහෙමද,හාහා මාත් එන්නම් "

WINGS  ||Complete||Tempat cerita menjadi hidup. Temukan sekarang