වැඩ පටන් ගමු .3️⃣

43 15 91
                                    

හ්ආ.....ආආආ....ටිකක් නිදිමත ගතිය වැඩි ඈනුමක් එහෙම ඇරලා,මම ඇදෙ අනික් පැත්තට හැරුනෙ තව ටිකක් ඉදලම නැගිටිනවා කියලා හිතාගෙන.ඒත්....මට එහාපැත්තෙන් සුමුදු සුසුමක හඬක් එක්ක නුපුරුදු උණුහුමක් දැනුනා.මොකා???ඒ කියන්නේ මොකෙක් හරි මගෙ ඇදේ මට එහා පැත්තෙ ඉන්නවද??හෑ....කවුද යකෝ ඒ....V ට ඔප්පුවෙච්චාවෙ....මේ...මොකද මේ...මෙයා...මෙයා...කොහොමද මගෙ ඇද එහාපැත්තට ආවේ??!!මගේ මොළේ නරක් වෙලාද??මම මට පුලුවන් තරම් ඇස් දෙකයි කටයි ඔක්කොම ඇරගෙන එයා දිහා බලන් ඉදිද්දී මට දුර ඈතකින් ගෑනු කටහඬක් ඇහෙන්න ගත්තා...

ඒයි.....නිදිකුම්බර පිල්ලිය නැගිටිනවා...

මට කෙන්තිගියා...හැයි යකෝ මෙවගේ අවස්ථා හැමදාම හම්බ වෙන්නෙ නෑ....අනිත් එක මොකාද මේ අපි දෙන්නා අතරට එන්න හදන කුඩම්මා...ආෂ්...මොකා උනත් තමුන්ට අපි අතරට එන්න බෑ....මම එහෙම හිත හිත නැගිට්ටෙ,මොකා උනත් ඒකට හොඳ පාඩමක් උගන්නන්න....

ආආආආ......සීතල වතුර පාරක් ඇවිත් මගේ මූණේ වැදුණා...

මොන......ඒපාර ඔයා! ඔයා කොයි වෙලාවෙද අපේ ගෙදර ආවේ....

Lakz මගේ දිහා රාජකීය විහිලු කරන්නෙක් දිහා බලනව වගේ බැල්මක් දාන් හිටිය නිසා,මම සද්දෙ වහලා වට පිට බැලුවා......කිරිඅප්පට හාවා පැනලා කියපි!මම මේ ඉන්නේ ගෙදර නෙවෙයිනේ.....ඒත් එක්කම මට මතක් උනේ...ඇත්තක් විදිහටම මට දැනුන හීනේ....ආර්ග්....මම ඔලුව දෙපැත්තට හෙල්ලුවා...ඒක නිකං විකාර හීනයක් විතරයි....හුම්!

හරි....මට පෙන්නේ ඔන්න දැන් ඔයා හරි සිහියට ඇවිත්.ඉක්මනට මූණ එහෙම හෝදලා ඇදුම් මාරු කරන්,කෑම කන්න කෑම කාමරේට එන්න.දැන් 6.00 ත් පහු වෙලා!

හපොයි මගේ අම්මෝ!!6.00 ත් පහුවෙලාද??අය්ගෝ....

ආආ...හරි lakzyoo මම එන්නම්..මේ...ඔක්කොම කස්ටිය නැගිටලද?(මට බය හිතුනා මං විතරද පරක්කු කියලා!😶😓)

ම්ම්...නැහැ.ඔයයි,බිම්සුයි තමයි නැගිටින්න හිටියෙ.මම මේ ආවේ ඔයාව ඇහැරවලා,එයාවත් ඇහැරවන්න.

ආ...එහෙනම් අවුලක් නෑ.මම නෙවෙයිනෙ අන්තිමයා නේත?ලක්z යට හොර හිනාවකින් සංග්‍රහ කරලා,එයාට මට පාරක් ගහන්න එහෙම හිතෙන්න කලින් මම බාත්රූම් එකට පැන ගත්තා.

WINGS  ||Complete||Where stories live. Discover now