Friend Zone [6]

12 4 10
                                    

Unknown pov (next day night 🌙  )

"මේ,ජින් හෙයොන් අර කෙල්ලෝ ටික තාම අපි එක්ක කතා කරන්නේ නැහැනේ අප්පා!" ජිමින් කිව්වේ ගාර්ඩ්න් එකේ බිටිඑස් ලාට ටිකක් එහාට වෙන්න ඉදන් හිටපු කෙල්ලෝ ටික දිහා බලාගෙන.

"ඔව්,හෙයොන් ....මොකක් හරි කරන්නකෝ අනේ!" ටෙයොන් කිව්වේ ජිමින්ගේ කතාව අනුමත් කරන කටහඩකින්.

"යකෝ,තොපි හිතන් ඉන්නේ මම කවුරු කියලද? මම මොනා කරන්නද?"

"ඇයි අනේ හෙයොන් ...ඔයානේ WWH ඉතින් ඔයා කියන්නේ මුකුත් කරන්න බැහැ කියලද?" ජන්කුක් කිව්වේ මූන අටපට්ටමක් කරන් ටෙයොන් ටයි,ජිමින් ටයි ඇහැක් ගහන ගමන්.

"හ්ම්....හරි...අපි ගිහින් එයාලට කතා කරමු...දෙපැත්තෙන් යමු....ඔය තුන් දෙනා(යුන්ගි  ,ජිමින් ,ටෙයොන් ) පිටිපස්සෙන් යන්න...මායි නැම්ජුනයි,පොඩි එකයි ඉස්සරහින්  යමු.එතකොට කෙල්ලෝ තුන් දෙනාට පැනලා දුවන්න බැහැනේ"

"ජින් හෙයොන් ඉන්න කන් හොදයි " නැම්ජුන් කිව්වේ ලොකු හිනාවල් දාන් ඉන්න යුන්ගි ,ටෙයොන් ,ජිමින් දිහා බලලා හිනා වෙලා.

"ගැම්මක් තමයි හෙයොන්!" යුන්ගි  කිව්වේ කලාතුරකින් එයාගේ දකින්න පුලුවන් කන ලගට එනකම් හිනාවත් එක්ක ජින්ට 👍 පෙන්නන ගමන්.

ඉතින් දැන් කට්ටිය දෙකට බෙදිලා කෙල්ලො ඉන්න තැනට එන්න ගත්තා.

මේ අතර,

"මට බෑ මට බෑ" සැන්ඩි පිස්සුවෙන් වගේ බෑ ගානවා.

"එකෙම්ම මටත් බැහැ" කේශෝත් ඒ පදේම තමයි.

"මගේ දිහත් ඔහොම බලන්න එපා ඔස්කා...මටත් බැහැ!"

"යා,මට නම් දැන් එපා වෙනවා ! ඔයාටත් මොකද්ද සෙමි වෙලා තියෙන්නේ! ඒක මහලොකු දෙයක් නෙවෙයි ! ඔයාලා මෙතන දගලන්නේ නිකං....නිකං බිටිඑස් ලා ඉස්සරහා නෙක්ඩ් උනා වගෙනේ! ඔස්කා කෑගැහුවේ එයාගේ මූනත් රතු කරන් අන්තිම ටික කියද්දී.

"ඕමෝ! මොනාද ඔස්කා ඔයා කියන්නේ" අමි කිව්වේ කෙස් ගහේ ඉදන් දෙපතුලටම රතු වෙන ගමන්.

"ඒත්,ඔස්කා කියන එක හරි...ඔයාලා ඔහොම එයාලා එක්ක කතා නොකර ඉන්න එකෙන් පස්සේ ඔයාලම තමයි දුක් වෙන්නේ." අයෝ කිව්වේ ෆුල් බැරෑරුම් මූඩ් එකකින්.

WINGS  ||Complete||Where stories live. Discover now