Friend Zone [5]

18 3 7
                                    

Unknown pov

උදේ වෙද්දි කෙල්ලො කාටවත් බිටිඑස් ලා එයාලත් එක්ක නැවතිලා ඉන්නේ කියලා මතක නොතිබීම තමයි ඊයේ දවස වගේ අද දවස සාමකාමි නොවෙන්න  මූලාරම්භක හේතුව උනේ.(ඔයාලට තෙරෙනවනේ,ඔයා ආසම කෙනෙක් එකපාර ඔයාගේ ගෙදර ඇවිත් රැයක් නැවතිලා හිටපු එක උදේට අමතක වෙන්න පුලුවන් මොකද ඔයාගේ මනස සම්පූර්ණයෙන් ලෑස්ති නැහැ ඒ කෙනා ඔයාගේ ගෙදර ඉන්නවා කියලා පිළිගෙන මතක තියා ගන්න) මුලින්ම මේ තත්වෙට මුහුණ දෙන්න උනේ හැමෝටම කලින් උදේට නැගිටින ඔස්කට.ඊලගට තමයි අනිත් කෙල්ලො ටික එකටම මේ තත්වෙට මුහුණ දෙන්නේ.

ඔස්කා'ස් pov

පුරුදු විදිහට මම උදේම නැගිටලා පිජාමා කිට් එකට උඩින් හවුස් කෝට් එකත් දාගෙන බාතෲම් එකට ගිහින් මූන හොදලා,මදුත් එක වොශ් කරගෙන කිචන් එකට ආවේ අර වදකාර කෙල්ලො ටික නැගිටින්න කලින් උදේම රූෆ් ටොප් එකට වෙලා නිදහසේ කොෆි එකක් බොන්න ඕන උන නිසා.බ්ලැක් කොෆි එකකුත් හදාගෙන මම හිමීට රූෆ් ටොප් එකට ගිහින් මුලිනම හොද හුස්මක් අරන් ලා මිදුමක් තියෙන පරිසරේ දිහා බලන් කොෆි එක බොන්න ගත්තා.මගේ හිතට දැනුනේ පුදුම නිදහක්.ඒත්...එකපාරටම මට දකුණු පැත්තෙන් කෙනෙක් ගැඹුරු විදිහට උගුර පාදනවා මට ඇහුණා .මම ඉකමනට ඒ පැත්ත හැරුනා.හිටපු කෙනා දැකලා මගේ අතේ තිබුන උනු කොෆි මග් එකත් බිම වැටිලා බිදුනා .ඒත් මම බලන් හිටියේ ඒ කෙනා දිහා.

"ඔ....ඔයා...මො..කද්ද..කො..හොමද.."

"ආ,ඔස්කා...මියානේ..අයි මීන් සොරි...මම ඔයාව බය කරන්න හිතුවේ නැහැ..."

OMG! මෙයාලා මෙහේ කියලා මට අමතක උනානේ ! දෙයියනේ දෙයියනේ !

ඕ,ඔයාගේ කකුල බලාගෙන පිච්චෙයි!

හ්ආ?

මගේ කටින් පිට උනේ ඔච්චර තමයි.ඒත්
අරම කියපු නැම්ජුන් කොෆි හැලිලා තිබ්බ තැන් පාගන්නේ නැතුව ඇවිත් මගේ අතින් අල්ලලා පිටිපස්සට ඇදලා ගත්ත පාර මම ගිහින් එයාගේ ඇගේ හැප්පුනා.

මගේ අතින් ඇල්ලුවා! එයාගේ ඇගේ මම හැප්පුනා! ඕ ගෝඩ් ප්ලීස් සේව් මී!

නැම්ජුන් 'ස් pov

මට හැමදාම වගේ අදත් උදේම්ම ඇහැරුනා .ඇස් ඇරලා වටපිට බැලුවාම ඉන්නේ පුරුදු තැන නෙවෙයි කියලා දැක්කම මම චුට්ටක් කල්පනා කලේ මොකද්ද උනේ කියලයි.ඊලගට මට හැමදේම මතක් වෙලා පුංචි හිනාවක් ගියේ නිකම්මයි.

WINGS  ||Complete||Where stories live. Discover now