🌸1🌸

938 108 28
                                    

"රිකී....රිකී...."

"මේ එනෝ....."

උඩ තට්ටුවේ හිටිය මම පඩිපෙලේ අත් වැටට පැනලා ලිස්සලා ගිහින් නතර උනේ අම්මාගේ ඉස්සරහ...අම්මා රවන් බලන් හිටියේ....දැන් ඉතින් බැනුම් අහන්න වෙනවා ශුවර්...

"රිකී...ඔයා කෙල්ලෙක් නේද...මම කී පාරක් කියලා තියනවද ඔයාට කොල්ලො කරන වැඩ කරන්න එපා කියලා...."

"ඉතුරු ටික පස්සෙ කියන්න අම්මා...උම්මා...මම යනෝ..."

කුලප්පු වෙච්ච හරකා වගේ පාරට පැනලා ස්කූටියට නැග්ගේ කොලේජ් යන්න පරක්කු වෙන නිසා...අම්මාත් කතා කලේ පරක්කු වෙනවා කියන්න...ඉතින් මට අදාලද නෑනේ..මම හැමදාම යන්නෙ පරක්කු වෙලා....ඒක තමා මගේ තියරිය..

මම ගැන කිව්වොත්...මම රිකී....රිකී ඇමන්ඩා...ගෙදර අයට අනුව කොල්ලෙක් වෙන්න ගිහින් කෙල්ලෙක් උන කෙනෙක්...මගේ පවුලේ අය ගොඩාක් පෝසත් ...මම තමා පවුලේ එකම දරුවා...එකා යකා කියන්නේ කට කහනවට නෙමේයිනේ...මම ගොඩක් හිතුවක්කාරයි...මම හිතුවක්කාර වෙන්න ලොකුම හේතුව විදිහට මම දකින්නේ මගේ නැන්දලා තුන් දෙනාටම කොල්ලෝ සිටීම...මම පොඩි කාලේ හැදුනේ එයාලා එක්ක...තාම එහෙම තමා...ඉතින් මට කෙල්ලෙක් වගේ ඉන්න තේරෙන්නෙම නෑ..

මගේ නැන්දලා තුන් දෙනාට ලමයි හතරයි ලීසා නැන්දගේ පුතා තමා මගේ ලොකු අයියා....ජෝර්ජ්...මීරා නැන්දගේ පුතා තමා දෙවනි අයියා කෙවින්...ලෝරා නැන්දගේ යක්ස පැටව් දෙන්නා තමයි මගේ කොලු ගති ගුන වලට වග කියන්නෝන...උන් දෙන්නා නිඹුල්ලු...නිඹුල්ලු නෙමේ කිඹුල්ලු....දෙන්නම මගෙ වයසේ...මගේ කොලේජ් එකේ...මගේ පන්තියේ...මගේ මේසෙ දෙපැත්තේ....කෙටියෙන්ම කිව්වොත් මගේ හොදම යාලුවෝ දෙන්නා...ඇරෝ සහ ඈශ්...

ස්කූටරේ වාහන පාර්ක් කරන තැනට දාලා තාප්පෙන් පැන ගන්න එක මට ලොකු ගේමක් නෙමේ...

පුරුදු විදිහට ම පනිද්දි මගේ මිත්‍ර පරාන දෙන බලන් ඉන්නවා...

"අද ටිකක් වැඩිය පරක්කුයි..."

"ඔව්...ගේට්ටුවත් වැහුවා..."

"කොහොම හරි මම ආවනේ..."

ඒ දෙන්නත් එක්ක පන්තියට ගියාම පුරුදු පරිදි මට වටේම ඉන්න උන් රැව්ම් ගෙරව්ම් එල්ල කරා...
ඒකට හේතු කීපයක් තියනවා..

1 කොලේජ් එකේ හැන්සම්ම කොල්ලො දෙන්නා මැද සිටීම

2 හොදට ඉගන ගැනීම

3 මේකප් තට්ටු නොගෑ නමුත් සුරංගනාවියකගේ වැනි පෙනුමක් තිබීම

4 මට බැන්නොත් සති ගානක් හොස්පිටල් ඉන්න හොද සංග්‍රහයක් මගෙන් ලැබීම...








🙂❤️මේ මගේ අලුත් කතාව..
කමෙන්ට් එකක් වෝට් එකක් දාන් යන්

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now