ජිමින්, ජන්කුක් , හෝසොක් , නම්ජුන් උද්‍යානෙ ඉඳගත්ත තැන්වලම ඉඳන් ඔළුවෙ අත් ගහන් කල්පනා කරා .." කොහොමද දැන් අරගොල්ලන්ට මේක කියන්නෙ .." යුන්ගිගෙ අැඟේ ඉන්න ජන්කුක් අැහුවා
" ඒ ගොල්ලන්ට කියන්න බෑ බන් උඹ හිතනවද විශ්වාස කරයි කියලා "
යුන්ගි අැහුවා"ම්ම් ඒක අැත්ත අර රැවුලාව හොයාගන්නකන් අපිට මෙහෙම ඉන්න වෙනව "
නම්ජුන් එහෙම කිව්වම අනිත් හැමෝමත් ඔළුව වැනුවෙ එකඟ වෙන ගමන් ." අපි දැන් අැතුළට යමු එයාලට සැක හිතෙන්න දෙන්න එපා ....අදට මේක කරලා හෙට ජැක්සේනව හොයාගමු .." එහෙම කියපු හෝසොක් අැඟ පිහදාගන්න ගමන් ඉඳන් හිටපු තැනින් නැගිට්ටම නම්ජුන් හැර අනිත් හැමෝමත් නැගිටල මැන්ශන් එක පැත්තට පිටත් වුනා ..
" හෝසොකා .." හොසොක් පිටත් වෙන්න හදද්දිම නම්ජුන් කතා කරා ..
" ඕ .." හෝසොක් අායෙම හැරිල නම්ජුන් ළඟට අාවා..
" අවන්කවම ...මට උඹ ගැන දුකයි බන් " නම්ජුන් හොසොක්ගෙ කරට තට්ටු කරන ගමන් සුසුමක් පිට කරලා මැන්ශන් එක පැත්තට පිටත් වුනේ නම්ජුන් කිව්වෙ මොකද්ද කියල කල්පනා කර කර හෝසොක් තුශ්ණිම්භූත වෙලා ඉඳිද්දි .
" යා ....! " හෝසොක් කෑ ගැහුවා " අැ-අැයි ඒ මන් ගැන දුක ..." හෝසොක් කෑ ගහල එහෙම අැහුවත් නම්ජුන් අැහෙන්නැති ගානට තමන්ගෙ ගමන ගියා...
_______________________________
" හියුන්ගිඉඉ මාව අතඅරින්නකෝඕ " ටේනු හිටියෙ යුන්මින්ගෙ අත් අතර මැදි වෙලා
" තමුසෙට හෙන අාතල් අැති නේද දුවන් ගිහින් කරේ එල්ලෙන්නයි අත්වලින් අල්ලන් ඉන්නයි..."
" හ්වෑවෑවෑ ..හ්යුන්ගිඉ ටේනුත බනිනව නේද හ්වෑවෑ ..."
" බනින්නෑ ඒ මගෙ හැටි .."
" හ්යුන්ගි නපුලුයි හැමදාම ටේනුත බනිනවා " ටේනු කිව්වෙ ඉකි ගගහ
" ඔයාත මොනිතා නූනව ඕන්නම් එයා ළඟත යන්න ඉතින් මත බනින්ැතුව ..."" ටේනු ඔයා ....!!මට මොනිකෙක් ඕනෙ නෑ ඔයාට අැයි එක විදියකට ඉන්න බැරි .." යුන්මින් කෑගැහුව
" මම වතේ යනව කියලනෙ කියල්ලෙ .."
ටේනු අායෙ අැස්වල කඳුළු පුරවගත්තා .." ඔයාට අැයි මට කැමතියි කියල පිළිගන්න බැරි ..."
" හලි...." ටේනු යුන්ගෙ අත අල්ලගත්තා "ටේනු ..කැ..කැමතියි හ්යුන්ගිට .."
" අැත්තටමද .." යුන්මින්ගෙ මූණෙ හිනාවක් අැඳුනා .
" හ්ම් ..නපුලු හ්යුන්ගිත කැමතියි ..."
යුන්මින් ටේනුගෙ චීක් එකකට කිස් එකක් දුන්නම ටේනු ලැජ්ජාවට රතුවෙලයි හිටියෙ...
" බබා මේ ..පොඩ්ඩක් ඉන්න මම පස්සෙ එන්නම් අෑ..." යුන්මින් ටේනුගෙ අනිත් චීක් එකටත් කිස් එකක් දීලා දුවන් ගියේ යුන්ගි එනවා දැක්ක නිසා ...
' මේ අර වසවර්තියා නේද ..මගෙ පැත්තට වගේ දුවන් එන්නෙ' ජන්කුක් හිතුවෙ යුන්මින්ව දැකලා
" පියා ......" යුන්මින් ජන්කුක්ගෙ ළඟට ගිහින් කෑ ගැහුවා ...
" පියා ?" ජන්කුක් යුන්මින්ගෙන් අැහුවෙ පුදුමෙන් වගේ
" මොකද පියෝ ඒක පුදුමෙන් අහන්නෙ ?"
' අම්මටසිරි ඔව්නේ ,මම දැන් මුගෙ පියානෙ ' එහෙම හිතපු ජන්කුක් සාමාන්‍ය විදියට මූණ හදාගෙන යුන්මින් ළඟට පාත් වුනා .
" කියන්න පුතේ .."
" පියා ..ඔයා හරි අමුතුයි " යුන්මින් කිව්වා
" අැයි පුතේ ඒ .."
" හරි හරි ඒක අමතක කරන්න ...පියෝ ..ටේනු බබා මට කැමතියි කිව්වා ..." යුන්මින් ජන්කුක්ගෙ කරට පැනලා හග් කරගත්තා ...
" මොකක් !? " ජන්කුක් කෑ ගැහුවෙ යුන්මින් කිව්ව දේ විශ්වාස කරගන්න.බැරුව ..
" ඔව් පියා ඔයාට අාඩම්භරයි නේද ..මම එයාට කිස් එකකුත් දුන්නා .."
යුන්මින් හිනාවෙවී එහෙම කියද්දි ජන්කුක් කේන්තිය පාලනය කරගත්තෙ බොහොම අමාරුවෙන්'අැට්ටරයට දෙන්න හිතයි තව අඟල් දෙකක් කොට වෙන්න ....මරු පියාණෝයි පුතාණෝයි'
ජන්කුක් හිතුවා________________________________
ටේනු + යුන්මින් ශිපර්ස්ලට මේක🤣
MinSuga✨