CHAPTER-15

469 133 98
                                    


පසුදින..

පහුවදා ජැක්සේනව හොයන්න ගිය තරුණයො පිරිසට දකින්න ලැබුණෙ හිස් ගුහාවක් විතරයි

" උ පැනලා ගිහින් ...ඒ කියන්නෙ..එතකොට අපිට හැමදාම ඉන්න වෙන්නෙ මෙහෙමද ...!!" නම්ජුන් කෑ ගැහුවා...

" එපා........!!!!" හොසෝක් අත් දෙකෙන් ඔළුව බදාගෙන කෑ ගැහුවෙ අඬන ගමන්..." තමුන්ලට පේනවද මට වෙලා තියෙන දේ " හෝසොක් එයාගෙ අැහැ ළඟ නිල් වෙලා තිබ්බ තුවාලෙ පෙන්නන ගමන් අැහුව " අපේ ඔම්මාවත් මට
අත ක් උස්සලා නෑ ..බිම දාගෙන ගැහුවෙ..ගහන්නෙපා කිව්වම ම-මම අහලවත් නැති කැත වචන වලින් බැනගෙන බැනගෙන ගියා ...හ්වෑවෑ ..."
හොසොක් නම්ජුන්ගෙ උරහිසේ ඔළුව තියන් අඬ අඬා කියද්දි නම්ජුන් එයාගෙ පිටට තට්ටු කරේ සනසන්න

"තමුසෙට නම් මොකද ගුටි කාලා පුරුදු අැතිනෙ ඒත් මට මේවා දරාගන්න බෑ මිනිහෝ" හෝසොක් නම්ජුන්ගෙ කොලර් එකෙන් අදින ගමන් කෑ ගැහුවා

" මේ ඔක්කොම තමුසෙලා විහින් කරගත්ත ඒවනෙ ..තමුසෙ ඉන්නෙ මගෙ අැඟේ නිසා නෙවෙයිනම් මෙලහට උඹව මරාගෙන කාලා මම " යුන්ගි කිව්වෙ ජන්කුක් දිහා බලන්..

"හ..හරි ඉතින් ...මට විතරක් බනින්නෙ මෙයාටත් බනින්නකො " ජන්කුක් මුලිම්ම අැඟිල්ල දික් කරේ හෝසොක්ගෙ අැඟේ ඉන්න නම්ජුන්ට
" නෑ එයා නෙවෙ-- මෙ--මෙයාට .." ඒ වතාවෙ නම්ජුන්ගෙ අැඟේ ඉන්න හෝසොක්ට " මෙයා චූ දාන්න ගියේ නැත්තම් අපි ඒ ගුහාවට යන්නෑනෙ .."

" යා ...!" හෝසොක් ජන්කුක්ට කෑ ගැහුවෙ මරන්න වගේ බලන ගමන්

" මොකද ? "ජන්කුක් අාපිට හෝසොක්ට කෑ ගැහුවා

" අපි රණ්ඩු වෙලා හරියන්නෑ අර මිනිහව හොයාගන්න ඕනෙ මේක හරිගස්සන්න නම් .."නම්ජුන් කිව්වා

" පුළුවන් තරම් ඉක්මනට හොයාගත්තෙ නැත්තම් මෙන්න මෙයාගෙ " ජන්කුක් යුන්ගිට අත දික් කරා " කොට හස්බන්ඩ් උයි යස්ස පැටියයි එකතු වෙලා මාව පිස්සෙක් කරනවා "

" මොකද්ද කියන්නෙ--" යුන්ගි දත් මිටි කාගෙන ජන්කුක්ගෙ පැත්තට යනකොට

" නවත්තගන්නවලා ...!" නම්ජුන් කෑ ගැහුවා

_________________________________

" චිමී ඔයාට මේක කරන්නම ඕනෙද "

" ඔව් ටේ ඔය ටානියා කියන ගෑනිත් එක්ක කතා කරනවමයි අද "

" ඔයාට කායිව විශ්වාසද යුන්ගි හ්යුන්ට වඩා "

" එහෙම නෙවෙයි ටේ ...එයාව විශ්වාසයි ..මට ඕනෙ කායි හ්යුන් කියන්නෙ බොරුවක් කියලා ඔප්පු කරන්න .."

"ඔයාට ඔච්චරටම ඕනෙ නම් ඉතින් කරමු නේද ..." එහෙම කියපු ටේ ජිමින්ගෙ පස්සෙන්ම ඔෆිස් එක අැතුළට ගියා

.....

ජිමින් ඔෆිස් රූම් එක ළඟට ගිහින් දොර අැරියම හිටපු සේවකයො ඔක්කොම එයාට අාචාර කරේ යුන්ගිගෙ හස්බන්ඩ් කියලා දන්න නිසා ..

"කවුද මිස් ටානියා කියන්නෙ "

ජිමින් එහෙම අැහුවම සේවක පිරිස අතරින් කෙනෙක් ..." ටානියා මිස් ඉන්නෙ අර කැබින් එකේ සර් .." මැදි වයස ගෑනු කෙනෙක් ජිමින්ට කැබින් එක තියෙන තැන පෙන්නුවා

" තෑන්ක්ස් " ජිමින් ටානියාගෙ කාමරේට ගියේ අැහි පිල්ලම් ගහන වේගෙන් ..

" එක්ස්යූස් මී මිස් ටානියා .."

" කම් ඉන් .."කැබින් එක අැතුළෙන් එහෙම අැහුනම ජිමිනුයි ටේයි දොර අැරන් අැතුළට ගියා ...

....

" මිස් ටානියා ?"

" ඔව් මම තමයි ..ටේක් අ සිට් .." ටානියා කිව්වෙ ජිමින්ව ගානකටවත් නොගෙන් ලැප්‍ ස්ක්‍රීන් එක දිහා බලන්

" නෝ තෑන්ක්ස් ..මම කෙලින්ම කාරණාවට එන්නම් ..තමුනුයි මගෙ හස්බන්ඩ් මින් යුන්ගියි අතර තියෙන පලහිලව්ව මොකද්ද ..."

ටානියා ජිමින් දිහා බැලුවෙ යුන්ගිගෙ නම අැහෙනකොට ..

" අහ් මේ ඔයාද ...මේකයි ජිමින් ඔයා මේක විශ්වාස කරන්නැතුව අැති ...ඒත් මම ..." ටානියා එයාගෙ බඩට අත තිබ්බා " මම ප්‍රෙග්නන්ට් ඔයාගෙ හස්බන්ඩ් ගෙ දරුවෙක්ගෙන් ..ඉතින් ඔයාගෙ හස්බන්ඩ් ළඟදිම මගෙ---"

"තොට මම---" මෙච්චර වෙලා අත් දෙකත් මිට මොලවන් දත් මිටි කන ගමන් හිටිය ජිමින් පැනපු ගමන් ටානියගෙ කෙස් වල්ලෙන් අැදලා ගත්තෙ එක සැරේට වෙච්ච දේට ටේ තුශ්ණිම්භූත වෙද්දි ..

" චිමී අත අරින්න..."ටේ නවත්තන්න හැදුවත් ජිමින් ටානියගෙ කෙස් වල්ලෙන් අල්ලන් එයාගෙ කම්මුලට ගැහුවෙ ටානියා එපා කියල කෑ ගහන අතරෙයි

" මම දන්නවා තෝ ප්‍රෙග්නන්ට් නෑ කියලා කවුද මට මෙහෙම කියන්න කිව්වෙ කියපන් ..."

" ග-ගහන්නෙපා ...ක්-කායි..කායි ඔප්පා තමයි කිව්වෙ ..."

" කායි හ්යුන්ග් ?" ජිමින් ටානියව අත අැරියෙ ඒ වෙලාවෙයි

________________________________

බුව්හහ්හහහා😗

MinSuga✨

Panda Express[ Completed]Where stories live. Discover now