CHAPTER-19

492 122 155
                                    

"බිලි බිලි බොන්කා බිලි බොන්කා ....බිලිබිලි බිලිබිලිබිලි බොන්කා ...සියල්ල වේ භංගා ඒස්වාහ්ඃ පුහ්ඃ ...."
ජැක්සේන ගිනි උදුනට දුම්මල විසි කරලා කටේ තිබුනු බබල්ගම් එක පැත්තකට විසි කරා

"හෙට අමාවක රාත්‍රියෙදි....... ..බිලාල දරුවගෙ ප්‍රශ්නය මා සමථයකට පත් කරනවා ...මට ඕනෙ කරේ ඒ නරපනුවන්ට මතක හිටින පාඩමක් උගන්වන්න වගේම මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරලා උන්ගෙ ජීවිත වෙනස්ම එකක් කරන්න .... බුව්හහ්හහ්හා ...ජීවිත වෙනස් කරනව කිව්වම මොනාද දන්නෑ හිතුවෙ...."

ජැක්සේන හිනා වෙවීම ෂැම්පේන් වීදුරුව තොල ගාන්න ගත්තා
" ඔටුවො ටික "

" අනේ මගෙ දෙයියනේ... ..!!" ජැක්සේනට තරු පෙනුනෙ ෆෑන් එකේ
හුලඟට දුම්මල කුඩු සේරම ගිනි උදුනට වැටුනමයි

________________________________

"මේ අහපල්ලා  අපි මේ සිද්ද වුනු දේ එයාලට පැහැදිලි කරමු බන් " නම්ජුන් එහෙම කියලා සුසුමක් පිට කරා ..

" පිස්සු හැදීගෙන එනවද උඹට " යුන්ගි අැහුවා ..

" නැහැ නැහැ ජුනා කියන කතාව අැත්ත ..අපිට මෙච්චර හොයලත් තාම අර මිනිහව හම්බුනෙත් නෑ හැමදාම මෙහෙම ඉන්නවුනත් එයාගෙන් අෑත් වෙලා ඉන්න මටනම් බෑ .."ජන්කුක් කිව්වා ..

" කොච්චර ගුටි කෑව වුනත් එයා නැතුව ඉන්න බෑ බන් මටත් " නම්ජුන් එහෙම කිව්වම යුන්ගිත් එයාට එකඟ වුනා . 

" උඹලගෙ ලව් කෙසේවෙතත් මට මගෙ ජීවිතේ අාරක්ෂා කරගන්න ඕනෙ බන් .ඒ නිසා අපි එයාලට පැහැදිලි කරන එක තමයි හොඳම. .." එහෙම කිව්වෙ හෝසොක්....

" හරි අපි මේක කරමු  ....!!" ඒ ජන්කුක්

_______________________

පැය දෙකකට පසු ..

ජින් , ජිමින් , ටේහ්යුන් , නම්ජින් , ටේනු ,යුන්මින් එක්ක සෝෆා එකේ ඉඳගෙන  ඉන්නකොට නම්ජුන් ,යුන්ගි ජන්කුක් , හෝසොක් අතුත් පිටිපස්සට බැඳගෙන එයාලා ඉස්සරහින් හිටන් හිටියා ..

" තමුන්ලා දැන් අපිට කියන්නෙ එදා අැක්සිඩන් එකක් වුනා , කාර් එක පල්ලමකට පෙරළුනා...ගුහාවකට ගියා අරිශ්ට බීලා අාත්ම මාරු වුනා .....මේව අපි විශ්වාස කරන්න ඕනෙ කියලද " ජින් කියාගෙන ගියේ කියන හැම කරුනෙන් කරුනටම අැඟිල්ලක් ගානෙ නවන ගමන් .

Panda Express[ Completed]Where stories live. Discover now