ඇත්තටම මෙන්න මේකයි...
කලින් දාපු චැප්ටර්ස් දෙක ඔයාලා අමතක කරන්න ඒක මන් අයින් කරා ඒ චැප්ටර්ස් දෙක කිසි තේරුමක් නෑ ඒකයි
හිහි____________________________
වසර තුනකට පසු ...
ජින් සහ නම්ජුන් මැන්ශන් එක පිටුපස උයනෙ තිබ්බ හුරුබුහුටි පොකුණෙ ගල් දෙකක් මත ඉඳගෙනයි හිටියෙ.
" ඔයා ඕස්ට්රේලියා හිටිය අවුරුදු දෙක හරියට කල්පයක් වගේ ජිනි"නම්ජුන් එහෙම කියන ගමන් ජින්ගෙ උරහිස මතින් ඔළුව තියාගත්තා
" ඇත්තට..?ඒ තරම් මාව මතක් වුනාද "
" නැතුව ඉතින් හුම්, මගෙ දුක අහන්න හිටියෙත් ජිමින් මල්ලි විතරයි .ඒත් ඉතින් එ ලස්සන මිහිරි වදන් වලට පස්සෙ අර යුන්ගි බේසිකයා කොහෙන් හරි ඇවිල්ලා කට කැඩිච්ච කතාවක් කියල යනවා මගෙ හිත කැඩිලා යන්න ."
" ඒයි ඔහොමද හ්යුන්ට කතා කරන්නෙ ඔයා"
" ඒකෙන් වැඩක් නෑ මට තිබහයි වගේ .."
" අහ් ඉන්න මන් පොකුණෙන් වතුර ටිකක් අරන් දෙන්න" නම්ජුන් මොකාටද එන්න හදන්නෙ කියලා තේරුන ජින් නම්ජුන්ව අවුස්සන්නත් එක්ක එහෙම කියලා වතුර ටිකක් ගන්න පොකුණට පහත් වුනා." හරිම පිරිසිදුයි ,නැවුම් සුවඳකුත් එනවා "
" අපෝ මට එපා ඔයාට ඕන්නම් ඕකෙන් බොන්න ..ඔය පොකුණ සුද්ද කරලත් නෑ දැන් මාස තුනකින් විතර අර පොඩි බල්ලා කොච්චර එපා කිව්වත් සුළු දිහ පහ කරන්නෙත් මේකට ඒක වෙන්නැති නැවුම් සුවඳ .." නම්ජුන් කිණ්ඩියට වගේ හිනා වෙවී කිව්වම ජින් අතේ තිබ්බ වතුර ටික ඉක්මනට පොකුණටම අත ඇරලා දැම්මා. " ඊයාාාා...ජුන් ....මොකද ඕක කලින් නොකීවේ " ජින් හිරිකිත හැඟීමෙන් මූණත් හදාගෙන නම්ජුන්ගෙ ඇදුමෙම අත් දෙක පිහදගත්තා.