CHAPTER-23

483 115 73
                                    


" හියුන් යන්නෙපා අනී .."  යුන්  පියවරෙන් පියවර නම්ජුන්, යුන්ගි,හෝසොක් ,ජන්කුක් හිටිය තැනට ලන් වෙනකොට ටේනු යුන් ගෙ අතින් අැද අැද කෑ ගැහුවෙ යන්නෙපා කියලා ..

" චුට්ටක් ඉන්නකො බබා "

යුන් නම්ජුන්ගෙ ළඟට ගිහින් එයාගෙ උරහිසට අත තියන්න යනකොටම ..

" අාාාාාාාාාාා"

" හුවෑඅාඅාඅාඅා "

නම්ජුන් එක සැරේට අැස් දෙක අැරපු විදියට ටේනුයි යුනුයි දෙන්නම භය වෙලා කෑ ගැහුවෙ එකම වෙලාවෙ

එහෙම අැස් අැරපු තරුණයො හතර දෙනා එකිනෙකාගෙ මූණවල් දිහා බලන් ඉඳිද්දි ටේනුගෙයි යුන්ගෙයි කෑ ගහැහිල්ලට රෝස්ගෙ නාඩගම් බල බල හිටපු කට්ටියගෙත් අවධානය ගන්න පුළුවන් වුනා ..

" පුතේ මොකද වුනේ " ටේ දුවගෙන අැවිත් යුන්ගෙනුයි ටේනුගෙනුයි අහනකොට ටේනු තව ටිකක් හයියෙන් අඬන්න ගත්තා .

"  හුවැඅාඅාඅාඅාහුවැඅා
අාඅාඅාහුවැඅාඅාඅාඅා "

" දෙයියනේ පුතේ ඕක නවත්තන්නකො," ජිමින් ටේනු ළඟට අැවිත් එයාව වඩාගෙන එහෙම කිව්වෙ ටේනුගෙ අැඬිල්ල විලාපයක් වගේ වුන නිසා ..

"කණ කීන් කීන් ගානවා වගේ" යුන් ටේනු අඬන දිහා බලාගෙන තමන්ටම කියාගත්තා

"කෝ ඔයත් එන්න පුතේ අපිට මේ වැඩේ ඉවරයක් කරන්න තියෙනවා "
ටේනුව ජිමින් වඩාගෙන ගිහින් ඔඩොක්කුවෙන් තියාගනිද්ද ටේ යුන්වත්  අතින් අල්ලන් එයාලා හිටපු තැනටම අරන් ගියා

_______________________________

මේ අතරෙ ....

" මොකද්ද වුනේ " හෝසොක් නම්ජුන්ගෙ දිහාත් අනිත් තරුණයෝ දෙන්නා දිහත් බලන් අැහුවෙ අන්දකයිප්පු කාලා වගේ ..

" අපි ...--" ජන්කුක් යමක් කියන්න හැදුවත් යුන්ගි ඉස්සර වුනා

" අපි අපිම වෙලා ...අපි අායෙත් මාරු වෙලා ..."

" ශ්ශ්ශ් කෑ ගහන්නෙපා යකුනේ දැන් ඕක කිව්වොත් එහෙම අම්බානට කන්න වෙන්නෙ පේන්නැද්ද විනිසුරු මඩුල්ල වගේ ඉන්න හැටි .." නම්ජුන් අැහැ කෙරවලින් බැලුවෙ කකුලක් පිට කකුලක් දාගෙන හෙන ගැම්මෙන් ඉන්න ජින් දිහා ..

" ගුටි කන්න වෙන්නෙ තමුසෙට විතරනෙ ..."යුන්ගි කිව්වා ...

" නැහැ ..අැයි මතක නැද්ද ටේ කිව්වා අපේ යටිකූට්ටු වැඩක් වෙන්නැති මේක කියලා ..දැන් කිව්වොත් අපි අායෙ මාරු වුනා කියලා ඒක ඔප්පු කරා වෙනවා .." ජන්කුක් හුස්මක් වත් නොගෙන රහසින් එක දිගට මුමුනන් යද්දි අනිත් තරුනයො කීප දෙනත් එකිනෙකාගෙ මූණ වල් දිහා බලාගත්තා

" අහ්ම් අහ්ම් අායෙ ප්‍රශ්න වලට යොමු වෙමු ..." රෝස් උගුර පාදන ගමන් ටිකක් උස් හඬින් කිව්වෙ හැමෝගෙම අවදානය ගන්නෝනෙ නිසා ...

" හරි මේ ප්‍රශ්නය යොමු වෙන්නෙ අපේ නම්ජුන්ශිට ...එහෙමත් නැත්තම් හෝසොක් ශිට.."

'කොහෙන් ගියත් මටම කෙල වෙන්නෙ අැයි දෙයියනේ '
එහෙම හිතපු හෝසොක් තඩි කෙල ගුලියක් ගිල්ලා

..........

" නම්ජුන්ශීගෙ ප්‍රශ්නෙ තමයි පළ--
' හත්දෙයියනේ මොනවද මේ මිනිස්සු මේ අහන ප්‍රශ්න
පළවෙනි මංගල රාත්‍රියෙ අත් දැකීම මොනවගේද ...ජින් ශී ..මෙතන මේ වගේ ප්‍රශ්න අහන එක හරිද මන් අහන්නෙ"

රෝස් ප්‍රශ්නෙ අහලා ඉවර වෙලා ජින් දිහා බලන් අැහුවා .

" ඔයා පොඩ්ඩක් ඉන්නකො රෝස් ..." රෝස්ට එහෙම කියපු  ජින් හෝ සොක් දිහා බැලුවා .." දැන් තමුන් කියනවකො මොනවද එදා දැනුනෙ .."

හෝසොක් එයාගෙ නළලට දාඩිය ටික හිමිට පිහදගන්න ගමන් නම්ජුන් දිහා බැලුවා ...ඒ වෙලෙ නම්ජුන් හෝසොක් දිහා බලාගෙන එකදිගට දැඟලුවෙ වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ ..

නම්ජුන් මොනවහරි කියන්න දඟලනවා කියලා තේරුන හෝසොක්,අැස් දෙක හීනි කරලා නම්ජුන් දිහා බලන් හිටියෙ කුතුහලයෙන් ..

" ඉක්මන් කරන්න ..නම්ජුන්ශී..."

" අහ් හා..හරි...හරි ..." හෝසොක් තිගැස්සිලා රෝස්ගෙ දිහා බැලුවා " එදා ..හරිම ලස්සන රැයක් ..ජ්--ජින් මගේ වුනා ..අපි--"

"යාාාා නවත්තනවාා බොරු කාර  මිනිහාා!! "ජින් ළඟ තිබ්බ පොතත් බිමට විසි කරන් නැගිටිනකොට හෝසොකුත් අැස් දෙක ලොකු කරන් එයාගෙ පුටුවෙන් නැගිටිටෙ දුවන්න ලෑස්ති වෙලා ..

නම්ජුන් නම් ඒ වෙලේ හිටියෙ ඔළුවෙ අත ගහගෙන ...

"එදා ...එදා මේ මිනිහා හෝටෙල් එකකට එක්ක යනවා කියලා පාර වැරදිලා මාව කොහෙද කැලයක් මැදින් අරන් ගියා ...අපි පණ බේරගත්තෙත් බොහොම අමාරුවෙන් ..."

____________________________

MiNSuga✨

Panda Express[ Completed]Where stories live. Discover now