CHAPTER-22

465 111 59
                                    

වේලාව රෑ හත විතර වෙද්දි හැමෝම ටෙස්ට් එකට සම්පූර්ණයෙන් සූදානම් වෙලා හිටියා. නම්ජුන් නම් ටිකක් විතර අමාරුවෙන් හිටියෙ නම්ජින් ලිසාගෙ අැඳුමට අත දාන්න ගිය සිදුවීම දැකලා බ්ලඩ් ප්‍රෙශර් වැඩි වුන නිසා ..

" හරි අපි පටන් ගමු එහෙනම් " රෝස් ප්‍රශ්න ලියපු කොළ ටිකත් අතට අරන් හිටගන්න ගමන් කිව්වා .

පළවෙනි ප්‍රශ්නෙ යොමු වෙන්නෙ අපේ යුන්ගිශිට.රෝස් කොළ ටිකත් අරන් යුන්ගිගෙ අැඟේ ඉන්න ජන්කුක් ළඟට යන්න හදලා අායෙම මතක් වෙලා හරි යුන්ගි ළඟට අාවා.

" යුන්ගිශි .."

" කියන්න සෝස් "

ප්‍රශ්න කරන කොලේ දිහා බලපු රෝස් අඩියක් යුන්ගි ළඟින් පස්සට තිබ්බ" අහ්ම්...ජිමින්ශි ඔයාට විශ්වාසද මේ ප්‍රශ්නෙ මන් අහන්න ඕනෙ කියලා "
රෝස් අැහුවෙ ජිමින් දිහා බලන් .

ජිමින් හිස සැලුවෙ රෝස්ට ඔව් කියන්න
" ප්ලීස් රෝස් "

" හා හා හරි ඉතින් " රෝස් සුසුමක් පිට කරලා යුන්ගිගෙ දිහාවට හැරුනා,
" මම මේක මගෙ විදියටම අහන්නම් ....යුන්ගිශි ඔයා අැත්තටම යුන්ගිශි නම් මන් සහෝදර ප්‍රේමෙන් ජිමින්ශීට දෙන හාදුවකට දක්වන ප්‍රතිචාරෙ මොකද්ද  "
රෝස් ප්‍රශ්නෙ අහල ඉවර වෙලා යුන්ගිත් එක්ක හිනා වුනා

" ප්‍රතිචාරෙ නේද ..."

" ඔව් ඔව්  ?"

" රෝස්ගෙ " රෝස්ගෙ උඩු කයට අත දික් කරපු යුන්ගි "කපලා මල් වාස් එකක් හදනවා ඉතුරු බොඩි පාට්ස් ටිකත් කෑලි කරලා තැන් තැන් වලට විසි කරනවා කාටවත් හොයාගන්න බැරිවෙන්න ..."යුන්ගි අත් දෙකත් බැඳගෙන කිසිම ගානකට නොගෙන එහෙම කිව්වම රොස්  ළඟ තිබ්බ මෙසෙට බර වුනෙ ජිමින් ළඟට පාත් වෙන්න

" හත්දෙයියනේ ..මේ ඉන්නෙ නම් අර මිනිහම තමයි ජිමින්ශී ..ඒ මිනහා තමයි මම වචනයක් කිව්ව ගමන් මරලා ගන්න මිනී පෙට්ටියෙ පාට හොයන අපතයා .."

" හරි  ටිකක් සන්සුන් වෙන්න රෝස් .." ටේ රෝස්ගෙ උරහිසට තට්ටු කරේ රෝස් ව සන්සුන් කරවන්න වුනත් ඒ වෙද්දිත් පිස්සු ගෑනියෙක් වගේ හැසිරුන රෝස් ටේගෙ කොලර් එකෙන් අැදලා ගත්තෙ ටේගෙ අත වැදිලා මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුවත් බිම වැටෙද්දි
" සන්සුන් වෙන්නද කියන්නෙ දැන් අර පිස්සු මිනිහ මාව මරන්න ලෑස්ති වුනොත් එහෙම ..."

" ටේව අතැරපන් රෝස් පූස් එහෙම දෙයක් කරන්නෑ " ජිමින් රෝස්ව ටේගෙන් තල්ලු කරලා දැම්මෙ කේන්තියෙන් ...

මේ අතර තුරේ....
රාත්‍රි හතාමාරට පමණ කිට්ටු වෙද්දි  ජැක්සේන හරිම වෙලාවට ගිනි උදුන ළඟින් වාඩිවුනේ ඊළඟ ජවනිකාව බලන්න ..

" මේ මොකද මේ මුන් ටික පේළියට ඉඳගෙන " ජැක්සේන තව ටිකක් ලං වෙලා ගිනි උඳුනෙන් යුන්ගි, ජන්කුක් ,හෝසොක්, නම්ජුන් දිහත් ටෙස්ට් රූම් එකේ හිටපු අනිත් පිරිස දිහත් බැලුවා .." ශිට් ! මොකක් හරි ජෝගියක් මග අැරගෙන නෙ මන් ..." ජැක්සේන සුසුමක් පිටකරා

" හරි හරි කමන්නෑ දැන් තමයි මේකෙ හොඳම ජවනිකාව ...පූර්ණ චන්ද්‍රයා දිස්වෙන වෙලාව ..."

°°°°°°°°

හෝසොක්ට දැනුනා තව දුරටත් එයාගෙ අැස් අැරන් ඉන්න බැරි බවක්..." ජ්-ජුනා .." හෝසොක් නම්ජුන්ගෙ අත අල්ලගත්තෙ එයාට කියන්න වුනත් නම්ජුන්ටත් ඒ දේම සිදුවෙමින් තිබුනා ..
ඒ සමානවම යුන්ගිටත් ,ජන්කුක්ටත් ...

එකවරම ....

හතර දෙනාගෙම අැස් තදින් වැහුනා...
පැත්තක තිබුනු සෝෆා එකේ හිටපු ටේනුයි යුන් දෙන්නා මූණට මූණ බලාගත්තෙ මේ සිද්දිය දිහා බලන් ඉඳලා ....

" හියුන්ගි ?අැයි ඒ.."

"  මන් දන්නෑ ටේනු අපි පපාට---" යුන් ඒ කියලා ජිමින් ලා හිටපු පැත්ත බලද්දිත් ඒ හැමෝගෙම අවදානය තිබ්බෙ රෝස්ගෙ ජෝගියට...

" හින්යුන්ගි මත බයයි " ටේනු යුන්ගෙ බැනියමෙ එල්ලිලා එහෙම කියනකොට යුන් ටේනුව හග් කරගත්තා ..

" බය වෙන්නෙපා බබී .." එහෙම කිව්වට යුනුත් ඒ වෙලාවෙ හිටියෙ බය වෙලා .

____________________________

තා එකක් දෙන්නම් :)

MiNsuGa✨

Panda Express[ Completed]Where stories live. Discover now