CHAPTER-24

483 110 94
                                    

" සන්සුන් වෙන්න ජින් ශී " යක්ෂාවේශ වෙලා වගේ හෝසොක් ගෙ පැත්තට එන ජින්ව නවත්තපු රෝස් එයාව බලෙන්ම අැදන් ගිහින් පුටුවකින් වාඩි කෙරෙව්වා .

" හරි හරි අපේ මීලඟ ප්‍රශ්නෙ--"

" ටිකක් ඉන්න " රෝස් කියන්න ගිය දේ නැවතුනේ ජන්කුක්ගෙ කටහඬින්

" අ-අපි මේක නවත්තමු ..." ජන්කුක් ඉස්සර වුනේ ඊලඟ ප්‍රශ්නෙ තියෙන්නෙ එයාට කියලා දැනගෙන .

" යුන්ගි ශී ඔයා  ටිකක් ඉන්න මේ ප්‍රශ්නෙ තියෙන්නෙ ජන්කුක් ශීට " රෝස් කිව්වෙ ජන්කුක් දිහා බලන්

" මම යුන්ගි නෙවෙයි හත්තික්කෙ මම ජන්කුක්මයි .."

" හරි හරි ඒක තමයි මේ-- මොකක් !? මොකද්ද මේ විකාරේ තේරුම යුන්ගි ශී .."

" කටවහපන් මමයි යුන්ගි ඒ ඉන්නෙ ජන්කුක් දැන් ටිකකට කලින් අපි අායෙ මාරු වුනා "

තරුණයො හතර දෙනා හැර අනිත් හැමෝම තුශ්නිම්භූත වෙලා බලන් හිටියා
" මොකද්ද මේ විහිළුව මින් යුන්ගි " ජිමින් උස් හඬින් අැහුවා .

" දෙයියනේ දෙයියනේ ..හරි ජන්කුක්ශි--අහ් නෑ මම කිව්වෙ යුන්ගිශි මගෙ වෙඩින් එක දවසට මම මොකද්ද අඳින්න ඕනෙ "

" බිකිනියක් " අත් දෙකත් පපුව ළඟට බැඳගෙන යුන්ගි කිසිම ගානක් නැතුව කියද්දි රෝස් නාට්‍යානුසාරයෙන් ජිමින් දිහා බැලුවා .

" හරිනෙ ? මේ මනුස්සයා අැත්ත තමයි කියන්නෙ ජිමින්ශී ...අායෙ මාරු
වෙලා "

*ඩින්ග් ඩොං ඩින්ග් ඩොං *

පැන්ඩා එක්ස්ප්‍රස් මැන්ශන් එකේ සීනුව නාද වෙන්න ගත්තෙ හැමෝගෙම අවධානය ඒ පැත්තට යොමු කරගනිමින් ..

"මම ගිහින් බලලා එන්නම් " නම්ජුන් ඉක්මනට එතනින් මාරු වුනේ ජින්ගෙ ගිනි දැල්වෙන අැස් වලින් බේරෙන්නත් එක්ක.නම්ජුන් ගිහින් එන අතර තුර අනිත් හැමෝම අාත්ම මාරු වුන ප්‍රශ්නෙ විසඳමින් හිටියා.

මද වෙලවකට පසු ...

"කට්ටිය ...! මේ පැත්ත ටිකක් බැලුවනම් .."  මැන්ශන් එකේ තිබුනු කාලගෝට්ටිය නැවතුනේ නම්ජුන්ගෙ කටහඬින්

Panda Express[ Completed]Where stories live. Discover now