2017.11.04
සෙනසුරාදාමං හිතුවා කවදාවත් නොකරපු දෙයක් කරන්න. අත්හදා බැලීමත් එක්තරා ආකාරයක කලාවක්. විනාඩි පහක අත්දැකීම වචන කරන්න මගේ හිතට ලොකු වුවමනාවක් ඇවිත්. සෙනසුරාදා 7.30 බස් රථය ගොඩක් කාර්යබහුල නෑ. ටියුෂන් යන ලමයි වගේම තමන්ගෙ වැඩකට යන මිනිස්සු ඉදගෙන ඉන්න තැන් ඇරෙන්න අද දවසෙ ඕනි තරම් හිස් ආසන තියනවා. අවුරුදු ගානක් පාරෙ දුවන බස් රථය මේ ගැන අත්දැකීමෙන්ම හොදින් දන්න හැඩයි. කිසිම මන්දාගාමී බවක් නෑ සෙනග අඩු වුණත්.
ලගකදි ඉදන් රණවිරුවෙක් වෙනුවෙන් මගේ හිතේ මේ තරම් කැමැත්තක් හටගෙන ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. මුලින් නිකන්ම බස් නැවතුමක් වගේ පෙනුනත් දැන් දැන් ඒක විශේෂිත වෙලා. අදත් බසයට ගොඩ වුණ ඒ කෙල්ලව මං හොදින් නිරීක්ෂණය කරා. තද නිල් පාට ටී ෂර්ට් එකට අර ඉරිලා ගිය ඩෙනිම. මේ පාර පඩි ලැබුණම පුලුවන් නම් ඉරිලා නැති ඩෙනිමක් අරන් දෙනවා. කලු ඝන ඇහි බැම් ඇකිලිලා. සමහරවිට එයාට මේ බස් එක පිළිකුල් ඇති. අදත් රුපියල් විස්සක් කොන්දොස්තර අතින් තිබ්බා. මෙයා හැමදාම පාපන්දු පිටියට යනවා විතරද ? ඒකද මෙයාගෙ රස්සාව. හිතේ අහන්න දේවල් ගොඩ ගැහෙන්නේ කිසිම දවසක ඒ දේවල් අහන්න වෙන්නෙ නෑ කියලා දැන දැනමයි. ඒ තද කලු ඇස් වලින් මාව දකින දෙවෙනි පාර. මං ඒ දිහා බලන් ඉන්න එක එයාට වදයක් වෙයිද ?
හැම ආසනයක් දිහාම බලන ගමන් ඒ කලු ඇස් කෙල්ල මගේ විරුද්ධ පැත්තේ ඉස්සරහින් හිස්ව තිබුණු ඉඩෙන් ඉදගත්තා. උරහිස ලගට වැටිලා තියන කොණ්ඩෙ අපිලිවෙලයි. ඔරලෝසුවක් බැදන් ඉන්න අතෙන් හැමවෙලේම ඒ අපිලිවෙල කොණ්ඩෙ උඩට කරන එක එයාගෙ පුරුද්දක් වෙන්න ඇති. කරේ එල්ලන් ඉන්න බෑග් එකේ පුහුණු වීම් කරන ඇදුම් ඇති. ඒත් දවල් රස්නේ ඉර අව්ව එක්ක හැප්පෙන කෙල්ලෙක් කියලා සමේ වර්ණයෙන් නම් කියන්න අමාරුයි. සාමාන්‍ය ලාංකික සුදක් තිබුණ කෙල්ල දවල් වෙනකොට දාඩියෙන් නෑවෙන්න කලින් දැන් ටිකකට ඉස්සර වෙලා ගෙදරින් එනකොට සුවද විලවුන් වලින් නෑවිලා ආවද කියලා මට දැන ගන්න ඕනි.
මේක ආකර්ශනයක් බව හොදින්ම පැහැදිලි. කන්තෝරුව ලගයි. මං මෙතනින් නවතිනවා.
°°°°°°°°°°
කතාව කියවන ටික දෙනාට ගොඩක් ස්තූතියි. ඒ වගේම අදහසක් දෙන්න පුලුවන් නම් ඒක වටිනවා. අනික
මං බස් වල යන්නේ දුර ගමනක් යන්න තිබ්බොත් විතරයි. උදේ හවස බස් වල ගමන ගැන මහලොකු දැනුමක් නෑ මට. ඒ නිසා ඒ සම්බන්දයෙන් වැරදි ඇති.by blacklove .

YOU ARE READING
දිනපොත | 𝙶𝙻 ✔️
Non-Fiction" ඔහුගේ දෑත් වල පහස ඇයව සනසමින් ඇතැයි මට අනුමාන කල හැක. සමහර වෙලාවට මම එලෙස තවත් කෙනෙකුගේ ස්පර්ශයක් දැනුණ මොහොතක් හෝ වැලද ගැනීමක් සිහි කරන්න උත්සහා කරනවා. එය මගේ හදවතට බර වීමක් වගේ දැනෙනවා." Non fiction | GL | Diary Published date :-2022.04.02 Finis...