Page 13

421 94 20
                                    

2017.11.16
බ්‍රහස්පතින්දා

අදට මාස දෙකක් වෙනවා. කලු ඇස් දෙකේ අයිතිකාරි මුලින්ම දැකලා. මාත් දන්නේ ඊයේ පරණ පිටුවක් පෙරලුනාම. බස් එක වයසක කාන්තාවගේ නිවස අසලින් පිටත් වී අවසන් ය. හැගීම් කියන දේ දවසින් දවසට වෙනස් වෙන්නේ කාලයේ බලපෑමෙන්මයි. මොනා නැතත් ඒ හැම හැගීමක්ම මට නුහුරුයි.

පාරක් අයිනෙ 'කුණු දැමීමෙන් වලකින්න' කියලා අතෙන් ලියලා තුබුණ කඩදාසිය පාමුල කුඩා ප්‍රමාණයේ කුණු කන්දක්. අපරාදේ ඒ මහන්සිය. කඩදාසි කෑල්ලකට බෑ මිනිහෙක්ගේ ඔලුවක් වෙනස් කරන්න.

මගේ එහා පැත්තෙන් ඉදගෙන ඉන්නේ කඩවසම් තරුණයෙක්. ඔහුගේ අතේ තිබුණ දුරකථනය නාද වුණේ හින්දි ගීතයකින්. ඒ සංගීතය සවනට මිහිරි වුණත් නොතේරෙන වචන විරහව ඇතුලෙ සැගවිලා කියලයි මට හිතෙන්නේ. මියුරු කාන්තා හඩකයි ගැඹුරු පිරිමි හඩකයි සම්මිශ්‍රනය වුණ යුග ගීතයේ මුල් පද අවසන් වෙනවත් සමගම තරුණයා ඇමතුම විසන්ධි කලා. ඒ ගැන මගේ නිගමනය නම් ඔහුගේ ජීවිතයත් ඒ ගීතයට සම වන බවයි.

ගමනාන්තයට හරියටම විනාඩි පහක් වුණ තැන මගේ සිතෙහි ගමනාන්තයයි. ඔහු බැස ගත් තැනින් බසයට ගොඩ වුණේ කාල වර්ණ දෙනෙත් හිමි තරුණියයි. තරුණයාගේ නික්මීමෙන් හිස් වූ ආසනය ඇයට හිමි වූ නමුත් මගේ සිතේ හිස්තැනට ලැගුම් ගැනීමට ඇයට නොහැකියි.

කුඩා ස්පර්ශෙකින් වුවත් ගතට දැනෙන හිරිය ඇයට නොතේරෙන තරම්. අද එක් වෙනසක්. ඒ දෙතොල් අග මං වෙනුවෙන් සිනහවක්. මටද එය පුදුමයක්. මාද පෙරලා සිනාසුණි. මගේ දින පොත ඒ හැගීමෙන් පුරවාලීමට මං අසමත්.

නැවතුම ඉදිරියෙන්. අදට මං නවතිනවා.

°°°°°°°°°°°°°

ටිකක් පරක්කුයි.
සමාවෙන්න.
අදහසක් කියන්න.
blacklove .

දිනපොත | 𝙶𝙻 ✔️Where stories live. Discover now