2017.10.02
සදුදාබසය මහලු කාන්තාව සිටින නිවස පහු කරත් මට ඒ දෙස බලන්න වෙලාවක් ලැබුණෙ නෑ. සදුදා වුණත් මට උදේ ඇහැරෙන්න වෙලා ගියා. ඉතින් කොණ්ඩෙට දාන පෝනි ටේල් එක පවා මෙතනදි දාගන්න මට සිද්ද වුණා. ඒ මදිවට බස් ගාස්තුව රුපියලකින් වැඩි කරලා. දැන් රුපියලේ කාසිත් එකතු කරන්න වෙනවා මට. ඒ නිසාම මහලු කාන්තාව අද එක්කො නාන්න ඇති නැත්තන් වතු සුද්ද ගහ හූරන්න ඇති කියන දෙකෙන් එකක් මට තීරණය කරන්න වුණා. මගේ ලගින් ඉදන් යන වෙනත් ජාතියක පිරිමි පුද්ගලයා දුරකථන ඇමතුමකින් කතා කරන දෙය තේරුම් ගැනීමට වුවමනා වුණත් ඒ භාශාව තරම් අසීරු වෙනත් භාශාවක් නැතැයි මට සිතුණා.
මගේ නැවතුමට විනාඩි පහලවක්ම තියෙද්දි බසයට ගොඩ වුණේ ආදරවන්තයින් දෙදෙනෙක්. මේ ගැන නම් මට විනාඩි පහලවකට වැඩිය ලියන්න පුලුවන් වෙයි. මං දකින විදිහෙ වැරැද්දක් තියන නිසාමද දන්නෙ නෑ හිටගෙන යන දෙන්නාව වුණත් මට පේන්නේ වැරදියට. එක් අයෙකුගේ පිටුපසින් අනෙක් කෙනා බසයේ ආසන දෙකක් අයත් වන පරිදි අල්ලාගෙන සිටින්නේ මගේ සිතුවිලි වැරදි කෝණයකට හසු කරමින්. එය නොදැක්කා වගේ ඉන්න හිත නොදුන් නිසාම පිටුපසින් සිටි පිරිමි පුද්ගලයාට සිනහවක් පා කර හැරියේ ඔහු අපහසුතාවයකට පත් වෙන අතරෙයි.
විනාඩි පහක් පමණක් ඉතුරු කරමින් අදත් ඒ කලු ඇස් දෙක මගේ ඉස්සරහට ආවා. මට කියන්න තියෙන්නේ මං විනාඩි පහක නම නොදන්න හැගීමක අතරමන් වෙනවා කියලා විතරයි. කවදාවත් නැතුව ඩ්‍රයිවර් අයියා මුලු බස් එකම දෙදරන හඩින් දාලා තිබුණ සින්දුව මගේ හිතේ ඇය වෙත තිබූ අවධානය වෙනස් කරලූවා. මගේ ලග ඉදගෙන හිටපු වෙනත් ජාතිකයා බැස්ස නිසා මං ආදරවන්තයෝ දිහා බැල්මක් දැම්මේ කවුරුහරි ඉදගනී කියලා හිතලා. ඒත් ඔවුන්ට ඒ විදිහ සුව පහසුයි වගේ. කලු ඇස් කෙල්ල කිසිම වගතුවක් නැතුව මගේ ලගින් ඉදගත්තේ තත්පර ගානක් මගේ ඔලුව වටේ දාලා තියන සින්දුව සැරිසරද්දි.
අවාසනාවක තරම කියන්නේ කන්තෝරුව පේන මානෙදිම ඇය මගේ ලගින් ඉදගත්තු එක. මට මීට වැඩිය අද දවසට ලියන්න වෙන එකක් නෑ.
°°°°°°°°°°°°°
කමෙන්ට් එකක් දාන්නකෝ ..by blacklove
YOU ARE READING
දිනපොත | 𝙶𝙻 ✔️
Non-Fiction" ඔහුගේ දෑත් වල පහස ඇයව සනසමින් ඇතැයි මට අනුමාන කල හැක. සමහර වෙලාවට මම එලෙස තවත් කෙනෙකුගේ ස්පර්ශයක් දැනුණ මොහොතක් හෝ වැලද ගැනීමක් සිහි කරන්න උත්සහා කරනවා. එය මගේ හදවතට බර වීමක් වගේ දැනෙනවා." Non fiction | GL | Diary Published date :-2022.04.02 Finis...