Page 18

356 74 14
                                    

2018.01.16
අඟහරුවාදා

වෙනදා තරම්ම කලබලකාරී වූ බසය ඉදිරියට ඇදෙන හැටි මං බලන් හිටියා. කවුලුවෙන් පිටත අපි දකින සුන්දර ලෝකේ තාවකාලිකයි. දිනක සැනසීමක් වූ දේවල් පවා කාලයත් සමඟ වේදනාකාරී වෙනවා.
වතුසුද්ද ගහ සුදුම සුදු පාටින් වැහිලා නිසා ගොඩක් පිං පාටයි. අද ඒ මල් ටික තවමත් හූරන් යන්න කට්ටිය ඇවිත් නැති හැඩයි. සමහර විට ඔය ගහේ වෙන අය මල් කඩන්නේ නැතුවත් ඇති. වයසක කාන්තාව හතර පෝයට සිල් ගත්තත් නපුරු පෙනුමයි. වටේ පිටේ අය බුදුන්ට පුදන්නවත් මලක් කඩන්න බය ඇති. නැත්තන් හැමෝටම බැනලා බය කරන් ඇති. අපේ ගමේ සමහර ගෑණුත් තමන්ගේ වැටේ තියන මලක් වෙන කෙනෙක්ට දෙන්න තරම් අත් හැරීම පුරුදු කරලා නෑ. ඒත් කතාව නම් වෙස්සන්තර වගේ.
තමන්ගේ යැයි කියා ගන්න ඕනිම දෙයක් ටික කාලයයි.

පාරේ වුණත් කැඩිලා ගිය තැන් හැදිලා. මටත් පුදුමයි අපේ රටේ මේ තරම් ඉක්මණට මේ වගේ පාරක සංවර්ධනයක් වෙන එක. නැත්තන් ඒ දේවල් මේ තරම් කාලයක් මගේ ඇස් වලට අහු වුණේ නැද්ද ? සමහවිට දිනපතා පහු වෙන මග දෙපස අපිට ඕනිම දේ හමුවන තුරු ඇස් වෙන දෙයක් ගැන හොයන්නෙ නැතුව ඇති.

ඒත් මට බයයි.
මං ජීවිතේ සුන්දරම දවස් වලින් ටිකෙන් ටික ඈත් වෙන බවයි මට තේරෙන්නේ. වෙනදා මෙන් අද මගේ ඇස් රණවිරු ස්මාරක නැවතුම්පලක් ලග නතර වුණේ නෑ.

ඒකද මේ වෙනස ?

°°°°°°°°°°

වෙනසක් දැනුනද ?

දිනපොත | 𝙶𝙻 ✔️Where stories live. Discover now