2017.10.01
ඉරිදාමාසයක ආරම්භයක් කියන්නද ? නැත්තන් සතියක අවසානයක් කියන්නද ? මං පැටලිලා. නිවාඩුවක් ලැබෙන එකම දවස නිසා ගෙදර ගිහින් එන්න තරම් කාලයක් නෑ. පැය හත ගානෙ දෙපාරක් යන්නයි එන්නයි ගියාම ඒ දවසත් නිකන් නාස්ති වෙනවා. මං ඊයෙ රෑ ගෙදරට කතා කරා. අම්මා වගේම අනිත් අයත් සනීපෙන් ඉන්නවලු.
අද අහස ටිකක් අදුරුයි වගේ. සමහර විට හවසට ලොකු වැස්සක් වුණත් එන්න බැරි කමක් නෑ. මං නිවාඩුව ගත කරන්න නිදහස් තැනක් හොයාගත්තා. හරියට ඩයරියක් ලියන්න පුලුවන් තැනක් වගේ. ආදරේ කරන ආදරවන්තයෝ නැති නිදහසට කැමති අය විතරක් ඉන්න පරිසරයක්. හරියට නිකන් ක්‍රීඩා පිටියක් වගේ. විනාඩියකට දෙපාරක් තුන් පාරක් පාපන්දුවකට පාපහරක් එල්ල වන හඩට අමතරව නිදහස් ක්‍රීඩකයෝ තමන් වෙනුවෙන්ම උද්‍යෝගයක් ඇති කරගන්න ඒ හඩට මං කැමතියි. මිනිස්සු නිදහස හොයන් යන කලබලකාරී තැන් වලට වඩා මෙතන පියකරුයි. නිදහස්. මෙතන ඉන්න සියල්ලෝම ක්‍රීඩකයින් නොවන බව පැහැදිලි මට. විනෝදයට සෙල්ලම් කරන තරුණ පිරිස්, මැදි වියේ පිරිස් බොහෝමයක් පිටිය පුරා ඒ මේ අත දුවනවා. වැඩිමයක් පිරිමි පාර්ශවයේ අය.
සුරුස් හඩ නගමින් බීම බටයක් උඩට අදින හඩ මගේ කන ලගින්ම ඇහුණා. ඒ තරම් අප්‍රසන්න හඩක් කවුරු නිර්මාණය කරන්න ඇති දැයි බලන්නයි මට ඕනා. මං ඒ දිහා බලන්නද ?
:
:ඒ කලු ඇස් මගේ ඩයරිය ගිල ගන්න වගේ බලාගෙන හිටියා. මං ඒ වෙලාවෙදි ගල් ගැහුණා. වාසනාවට මං ලියපු දේවල් එයා දකින්න නැතුව ඇති. මට නිගමනය කරන්න හැකි එකම දේ ඒ කලු ඇස් හිමි සංකර ගැහැණු ලමයා ක්‍රීඩිකාවක් බව පමණයි. ඒකත් පාපන්දු ක්‍රීඩිකාවක් වීම මගේ හදවත තවත් ඒ ගැන උනන්දු වෙන්න හේතුවක් වුණා. පිරිමි හැසිරීමක් තියන කලු ඇස් හිමි යුවතිය පිටියේ අනික් ක්‍රීඩකයින් සමග ඉන්න කොට කෙල්ලෙක් කියලා දකින්නත් මට අමාරුයි.
නලල මතට පිනි බිදුවක් වැටුණේ ඇයගේ ලෝකෙන් මාව මුදවා ගන්න වගේ. පින්න දරුණු වැස්සක් වෙන්න කලින් මෙතනින් යන්නයි මට ඕනි. අදට මං නවතිනවා.
°°°°°°°°°°°°°°
හොදද මේ විදිහ ?
by blacklove.
YOU ARE READING
දිනපොත | 𝙶𝙻 ✔️
Non-Fiction" ඔහුගේ දෑත් වල පහස ඇයව සනසමින් ඇතැයි මට අනුමාන කල හැක. සමහර වෙලාවට මම එලෙස තවත් කෙනෙකුගේ ස්පර්ශයක් දැනුණ මොහොතක් හෝ වැලද ගැනීමක් සිහි කරන්න උත්සහා කරනවා. එය මගේ හදවතට බර වීමක් වගේ දැනෙනවා." Non fiction | GL | Diary Published date :-2022.04.02 Finis...