2017.12.01
අරමුණක් නැති ජීවිතයක් දුටුවෙමි. එහි කිසිම විශ්වාසයක්ද නොමැත. මගේ නිගමනයෙන් ඇය පිට පැන්නේ කෙදිනකද ?
ඔව් .. ඇයට අරමුණක් නොමත. තමන් කරන කියන දේ අනාගතයට ගැලපෙන නොගැලපෙන බව ගැන ඇයට තේරුමක් නැති හැඩයි.
කොතනකදිද කෙලෙසකද ඇයට තමන්ව නැති වී ගියේ ?
එක් රූපයක් ලග !!
තමන්ට තමන් අහිමි වුණ තැන රුවකට පෙම් බදින ඒ ඇය වෙන කිසිවෙකුත් නොවේ.
තමා ගැන ආත්ම විශ්වාසය නොමැති ඇය වෙන කිසිවෙකු නොවේ..ඒ මමයි. මට මා නැති වී ගොසින් අරමුණක් නොමැතිව.
වුවමනයි..
මට අහිමිව ගිය මාව නැවතත් ලබා ගැනීමට. ඒත් එක් රුවක් ලග මා අසරණයි. කෙසේ නවතින්නද අසම්මත හද ගැස්මක. ප්‍රේමයේ විලංගු ද මට අවනත නොවෙන හැඩයි.ආදරණීය දින පොත,
ඇය ගැන දන්නේ ඔබ පමණකි.
පොරොන්දු වෙනවද ?
කිසි දිනෙක ඒ හැගීම් තව කෙනෙකුට දැකීමට ඉඩ නොදෙන බවට.°°°°°°°°
ඒ ආකර්ශනයක් නෙවෙයි . එහෙම නේද ?
අදහසක් කියන් යන්න.
blacklove .
YOU ARE READING
දිනපොත | 𝙶𝙻 ✔️
Non-Fiction" ඔහුගේ දෑත් වල පහස ඇයව සනසමින් ඇතැයි මට අනුමාන කල හැක. සමහර වෙලාවට මම එලෙස තවත් කෙනෙකුගේ ස්පර්ශයක් දැනුණ මොහොතක් හෝ වැලද ගැනීමක් සිහි කරන්න උත්සහා කරනවා. එය මගේ හදවතට බර වීමක් වගේ දැනෙනවා." Non fiction | GL | Diary Published date :-2022.04.02 Finis...